free stats

අපි අද කතා කරන්නේ හත්වෙනි මාසේ ගැන. දැන් ඔයාගේ බබා වර්ධනය වෙලා ඉන්නේ. එයාට දැන් හරියටම බබෙකුගේ සම්පූර්ණ ස්වරූපය ලැබිලා අවසානයි. ඒ නිසාම දැන අම්මගෙ උදරයත් තිබුනට වඩා වර්ධනය වෙලා තියෙන්නේ. ඒ වගේම හොඳට මතක තියාගන්න ඕනේ බබාගේ වර්ධනයත් එක්ක අම්මට සාමාන්‍ය ශාරීරික අපහසුතාවලට ත් මුහුණ දෙන්නත් සිදු වෙනවා. ඒ අතර කොන්දේ කැක්කුම ප්‍රධානයි. 

අපි දැන් බලමු මීට අමතරව අම්මට මුහුණ දෙන්න සිද්ධ වෙන වෙනත් ශාරීරික අපහසුතා මොනවද කියලා. 

සයිටිකා

ගර්භාෂය වර්ධනය වෙද්දී සයිටිකා ස්නායුව තෙරපෙන නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නෙ. එයම කොන්දේ වේදනාවට ත් හේතුවක්. එය උකුල හරහා පහළට ගිහින් දෙපා වල වේදනාව ඇතිවීම දක්වා වර්ධනය වුණාම අපි ඒක සයිටිකා කියලා හදුන්වනවා. මේ තත්ත්වය දරුවා බිහිවීමෙන් පස්සේ ඉවත් වෙලා යනවා. වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම වල නිරත වීම මගින් මේ තත්ත්වය වළක්වා ගන්න පුළුවන්. 

උකුලේ වේදනාව

උකුලේ වේදනාව මේ මාසයේ බහුලව දකින්න ලැබෙනවා. බබා ඉපදෙන විට එයාගේ ගමන් මාර්ගය පහසුවෙන් සැකසීම සදහා සන්ධිවල සිදුවන ලිහිල්වීම නිසා තමයි මේ තත්ත්වය ඇතිවෙන්නෙ. 

මළ බද්දය

ගැබිනි වියේ එන හෝමෝන වෙනස් වීම නිසා තමයි මල බද්දය ඇතිවෙන්නෙ. මේ සඳහා තිබෙන සරලම විසඳුම තමයි හොදට වතුර බොන එක. ඒ වගේම පලතුරු ආහාරයට ගැනීම, පලතුරු පාන සකසා බීමට ගැනීම ඉතාම හොදයි. 

පියයුරු වල වේදනාව

බබාට ඕන කරන මව්කිරි ගබඩා කරන්න ඕන නිසා මේ කාලේ පියයුරුවල විශාල වීමක් සිදුවෙනවා. ඒ නිසා තමයි වේදනාවක් ඇතිවෙන්නෙ. 

මීට අමතරව

රුධිර බිඳිති පිටවීම, ශ්‍රාවයන් පිටවීම දකින්න තියෙනවා. මේ තත්ත්වය වෛද්‍ය උපදෙස් ගතයුතු අවස්ථාවක්. එය යම් කිසි ගැටලුවක පෙරනිමිත්තක් වෙන්න පුළුවන්. 

බබාගේ වර්ධනය

මේ වෙද්දී බබා අගල් 14 ක් දිගයි. බර අවුන්ස 2.5 යි. 

දැන් අම්මගේ බර වැඩි වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ගැබ් ගන්න කලින් බරට වඩා දැන් බර වැඩි නම් ඒ බර ප්‍රමාණ අනුව වෛද්‍ය උපදෙස් මත ආහාර වල යම් වෙනසක් සිදු කළාට කමක් නෑ. නැත්නම් බබා ලැබුණාට පස්සේ ඔබේ අනවශ්‍ය මහත ගතිය ඉවත් නොවෙන්න පුළුවන්. 

දැන් ඔබ ඕනම වෙලාවක බබා ලැබෙන්න සූදානම් වෙන්න ඕන. රෝහලට අරගෙන යන ඇඳුම්, පැළඳුම් අවශ්‍ය දේවල් සූදානම් කරගන්න. ඉක්මනින් රෝහලට යන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සලසා ගන්න, ඔයාගේ උවමනා කරන රිපෝට් වගේ දේවල් ළඟින්ම තියාගන්න. හදිසි ඇමතුම් අංක හොයාගන්න පහසු තැනක ලියලා තියාගන්න. ඔබට අමාරු වුනොත් පවුලේ කෙනෙක් ට ඒක පහසුවක් වෙයි.