free stats

ජීවිතයේ බොහෝ අභියෝග වලින් යුක්තයි. එනිසාම මිනිස්සු ආතතියට පත්වෙනවා. සමහර වෙලාවට ආතතිය අපට පාලනය කරගන්න අමාරුයි. කාර්යාලයේ ගැටලු, දරුවන්ගේ ප්‍රශ්න, පාසලේ ගැටලු, පවුලේ අර්බුද, මේ ඕනෑම දෙයක් නිසා ආතතිය ඇතිවෙන්න පුළුවන්. හැබැයි මේ ආතතිය හින්දම සෞඛ්‍ය ගැටලු ගොඩක් ඇතිවෙනවා. එයින් එක් ප්‍රධාන ගැටලුවක් තමයි මල බද්ධය ඇතිවීම.

ආතතිය නිසා ඇත්තටම මල බද්ධය ඇතිවෙනවාද?

මොලය සහ බඩවැල් අතර සම්බන්ධතාවයක් තිබෙනවා. ආතතියට පත්වීම නිසා මොළයෙන් නිකුත් වන හෝමෝන, එ කියන්නේ cortisol වර්ගයේ හෝමෝන සාමාන්‍ය රුධිර ගමනාගමනයට බාධා ඇති කරනවා. මෙය සියලු අවයවලට බලපාන්න පුළුවන්. ඒවගේම මහා අන්ත්‍රයේ තිබෙන ක්ෂුද්‍ර ජීවීන්ටත් එයින් බලපෑම් සිදුවෙනවා. එය හිතකර බැක්ටීරියා වලට බලපාන්නේ ඉන් අනතුරුව. එය තමයි මලබද්ධයට හේතු වෙන්නේ.

ආතතිය නිසා මලබද්ධය ඇතිවූ බව දැනගන්නේ කොහොමද?

මේ තත්ත්වය හරියටම පැහැදිලි කරගන්න අමාරුයි. මොකද මල බද්ධය ඇතිවීමට බලපාන වෙනත් හේතු සාධක රාශියක් තියෙනවා. ඔබේ දෛනික රාජකාරී කිසිවක් වෙනස් නොවී තිබියදී පවා මල බද්ධය ඇතිවෙනවා නම්, ඒ කියන්නේ ආහාර ගැනීම, ව්‍යායාම, ජලය පානය කිරීම ආදී මේ සියලු දේ හරියාකාරව සිද්ධ වෙද්දිත් මල බද්ධය ඇතිවෙනවා නම් එයට හේතුව ආතතිය වෙන්න පුළුවන්.

මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද?

මල බද්ධය ඇතිවීම පාලනය ලේසි නැහැ. ආතතිය නිසා මේ තත්ත්වය ඇතිවෙනවා නම් පළමුවෙන්ම කළ යුත්තේ ආතතිය පාලනය කර ගැනීමයි. ඒ සඳහා වඩාත් හොඳ හුස්ම ගැනීමේ ව්‍යායාම, භාවනා ක්‍රම, දීර්ඝ කාලීන ශාරීරික ක්‍රියාකාරකම් හෝ ඔබ විනෝදයට පත් කරන වෙනත් කටයුතුවල නිරතවීම කළ යුතුයි. එයට අමතරව දිනපතා සමබල ආහාර වේලක් ගැනීම, කෙඳි සහිත ආහාර ගැනීම, හොඳින් ජලය පානය කිරීම මගින් අතතිය පාලනය කරන්න පුළුවන්.

ආතතිය පාලනය කරාට පසුවත්, යම් යම් අවස්ථාවල මලබද්ධය ඇතිවෙනවා නම් කෙඳි සහිත ආහාර වැඩියෙන් ගැනීම හා හොඳින් ජලය පානය කිරීම මගින් තත්ත්වය පාලනය කරන්න පුළුවන්. නමුත් තත්ත්වය කෙලෙසවත් පාලනය නොවේ නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත්.