free stats

හැමදාම උදේට වැසිකිලි යන එක සාමාන්‍ය තත්ත්වයක් වුණාට සමහර අයට හැමදාම නිවැරදිව මේ කාර්යය සිදුවෙන්නෙ නෑ. ප්‍රධානම හේතුව තමයි මල බද්ධය. මෙයට නිවසේදී කළ හැකි යම් යම් ප්‍රතිකාර තිබෙනවා. නමුත් සමහර අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් සිදුවෙනවා. විශේෂයෙන්ම දරුවන්ට මල බද්ධය හැදුනාම මොන වගේ තත්ත්වයක් උදා වෙයිද කියන එක පිළිබඳව දැනුවත්ව සිටීම ඉතාම වැදගත්.

කුඩා දරුවන්ට මළ බද්ධය ඇතිවීම හදිසි තත්ත්වයක් වේවිද?

මලබද්ධය සාමාන්‍යයෙන් කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. කුඩා දරුවන් නිසි පරිදි ආහාර නොගන්නා නිසා ඒ වගේම ජලය පානය කිරීමේ ගැටලු ප්‍රායෝගිකව තිබෙන නිසා ගොඩක් වෙලාවට එයාලට මල බද්ධය ඇතිවීමට බලපාන සාධක හා හේතු ගොඩක් තියෙනවා. මෙවැනි අවස්ථාවල නිවසේ සිට ප්‍රතිකාර කරනවාට වඩා ළමා වෛද්‍යවරයෙක් වෙත යොමුවීම ඉතාම සුදුසුයි.

මේ තත්ත්වය නිසා දරුවන් පීඩාවට පත්වීම වැඩිහිටියන්ට වඩා වැඩියි. දරුවන්ට මෙවැනි අවස්ථාවක ගත හැකි පිළියම් ගැන අවබෝධයක් නැහැ. හොදින් ජලය පානය කිරීම, ආහාර ගැනීම, ශාරිරීක ක්‍රියාකාරකම් වගේ දේවල් පිලිබදව වුණත් එයාලට අදහසක් නැහැ. ඒ නිසා ප්‍රතිකාර සදහා යොමුවීම ඉතාම වැදගත් වෙනවා.

වෛද්‍යවරුන් කියන්නේ 95% ක් පමණ දරුවන් ට මල බද්ධය හැදෙන්නේ ජලය පානය කිරීමේ ගැටලු නිසා කියලයි. ඒත් 5% පමණ දරුවෙන් විවිධ රෝගාබාධ නිසා මල බද්ධය ට ගොදුරු වෙනවා.

සැලකිලිමත් විය යුතු අවස්ථා

පළමු දේ තමයි අලුත උපන් දරුවන් අනිවාර්යයෙන්ම මල පිට කරනවා. ඒවා ඝන, කළු කොළ පැහැයට හුරු යි. ඒ එයා බදේ ඉද්දී එයාට ලැබුණු දේවල් නිසා. මේ විධියට බබා මල පිට නොකලොත් අම්මයි තාත්තා යි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.

පැය 24 ක් හෝ 48 ක් ඇතුලත බබා පළමු මල පිට කළ යුතුයි.

මල බද්ධය අධි අවදානම් වන අවස්ථා

මල බද්ධය තිබිය දී උණ ඇතිවීම
මල වෙනුවට රුධිරය පිටවීම
මල සමඟ රුධිරය පිටවීම
වමනය
උදරය පිම්බීම හා විශාල වීම
මව් කිරි පානය නොකිරීම

පොඩි බබෙක් මල පිට නොකර කොච්චර කාලයක් ඉන්නවද?

බබාලට ඉක්මනින් මව්කිරි ජීර්ණය කරන්න පුළුවන්. ඒත් එයාලට ඒ තරම් හොදට මළ පිට කරන්න බෑ. එයාලා හැම තිස්සෙම අපි වගේ නියමිත වෙලාවකට මල පිට කරන්නේ නෑ. ඒ නිසා කලබල වෙන්න ඕන නෑ. නමුත් උපදෙස් ගන්න. ඒ උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කරන්න.

මල බද්ධය නවත්වන්නේ කොහොමද ?

හොදින් මව්කිරි දෙන්න. ඒක තමයි හොදම ක්‍රමය.
ආහාර ගන්න වයසේ බබෙක් නම් කෙඳි සහිත ආහාර දෙන්න.
අවුරුද්දෙන් පස්සේ දරුවන්ට ජලය දෙන්න.

මේ ක්‍රම වලින් තමයි මල බද්ධය නවත්වන්න පුළුවන්.

ඒ වගේම දින ගණන් මල හිරකරගෙන ඉන්න දෙන්න එපා. එතකොට ත් බබා ගේ මල ඝන වෙනවා.