free stats

දීර්ඝ ගමනක අවසාන මාස කිහිපයට ඔබ දැන් ඇවිල්ලා ඉන්නේ. තෙවන ත්‍රෛමාසිකයේ දෙවැනි මාසයේ කියන්නේ අටවැනි මාසය තමයි මේ ගෙවෙන්නේ. ඔයාගේ පුංචි පැටියා කුස තුළ හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම සංවර්ධනය වෙනවා. එයා දැන් ඔබේ තුරුලට එන්න සූදානම් වෙමින් ඉන්නේ. 

මේ මාසේ ඔබට ටිකක් ශාරීරික අපහසුතා දැනෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒකට හේතු වෙන්නේ ඔබ ප්‍රසූතියට ඉතාම ආසන්න වීම. ඒ නිසා අපි බලමු මේ මාසේ මොනවද ඔබට තිබෙන අපහසුතා කියලා. 

හුස්ම ගැනීමේ වෙනස්කම්

ඉස්සර වගේ දැන් ඔබට පපුව පුරවලා ලොකු හුස්මක් ගන්න හරි අමාරුයි. ඒකට හේතුව ගර්භාෂය වර්ධනය. බබාගේ වර්ධනය වීමත් එක්ක ඔයාගේ පෙනහළු අකුලමින් ගර්භාෂය විශාල වෙනවා. ඒ නිසා වැඩිය මහන්සි වෙන්නේ නැතුව හෙමින් හුස්ම ගනිමින් විවේකීව හිටියට කමක් නැහැ.

අර්ශස් ඇති වීම

රුධිර සංසරණය වැඩි වීම හින්දා නහර විශාල වෙන්න පටන් ගන්නවා. මේ ඇදීම සමහර වෙලාවට හරිම වේදනාකාරී. ඒ තත්ත්වය තමා අර්ශස් තත්ත්වයක් විදිහට වර්ධනය වෙන්නේ. මෙය ගර්භණී සමයේ සුලභ තත්ත්වයක්. මේ කාලේ හොඳට කෙඳි සහිත ආහාර ආහාරයට ගන්න. සිරුරේ බර සාමාන්‍ය ප්‍රමාණයෙන් පවත්වා ගෙන යන්න උත්සාහ කරන එකත් හොඳ දෙයක්. 

වෙරිකෝස්

මේ තත්ත්වයට හේතුව ත් අර්ශස් ඇතිවීමට බලපාන හේතුව ම තමයි. මේ කාලේ ඔබේ දෙපා බොහොම හොඳින් පරිස්සම් කරගන්න ඕන. ඒ නිසා කකුල් පහලට එල්ලගෙන ඉන්නවා වෙනුවට ඉහළින් තියාගෙන ඉන්න උත්සාහ කරන්න. අපහසුවෙන් වාඩි වෙලා ඉන්න අපහසුවෙන් හිටගෙන ඉන්න උත්සාහ කරන්න එපා. 

මස් පිඩු පෙරලීම

තුන්වන ත්‍රෛමාසිකයේ ඇතිවන මස්පිඩු පෙරලීම අනිත් කාල වලට වඩා ටිකක් අමාරුයි. මේ නිසා ඇඳට යන්න කලින් කකුල් වලට මසාජ් එකක් දෙන්න. ඒක ඔබේ සැමියාට කරන්න පුළුවන්. 

ආතතිය සහ බය

දැන් ප්‍රසුතියට කිට්ටු නිසා ඔබට යම් ආතතියක් හෝ භයක් ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම සාමාන්‍යයයි. ඒක වෙන්නේ හෝමෝන වෙනස් වීමත් එක්ක. සමහර අයට එන්නේ ආතතිය විතරයි. සමහර අයට නම් බය ඇති වෙනවා. 

ගොඩක් වෙලාවට මේ අවසාන කාර්තුවේ ඉන්න අම්මලා කලින් බබාලා ලැබුණු අම්මලාගෙන් එයාලගේ එක්ස්පීරියන්ස් ගැන අහන්න උනන්දු වෙනවා. ඒ වගේම සමහර වෙනත් කාන්තාවෝ තමන්ගේ අත්දැකීම් මේ අම්මලා එක්ක බෙදාගන්නත් උත්සාහ කරනවා. මෙන්න මේක අනවශ්‍ය බය හෝ ආතති ඇති වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. එනිසා මතක තියාගන්න හැමෝම කියන හැම කතාවක්ම හැමෝටම වලංගු නෑ. ඒ වගේම හැම කතාවක්ම ඇත්තක් නෙමෙයි. ඔබ ඇහුම්කන් දෙන්න ඕනේ ඔබගේ වෛද්‍යවරයාට හෝ මිඩ්වයිෆ් ට විතරයි. 

බබාගේ වර්ධනය

මේ මාසේ බබා ඉක්මනින්ම වර්ධනය වෙනවා වගේම එයා මහත් වෙනවා. එයාට දැන් ඕනේ එයාගේ උපත් බර සම්පූර්ණ කරගන්න. ඔලුවෙ කොණ්ඩෙ වැවෙන්න පටන් ගන්නවා. 

දැන් බබාට තමන්ගෙ උෂ්ණත්වය පාලනය කරගන්න පුළුවන්. එයාගේ සමහර අස්ථි මේ මාසෙදි ශක්තිමත් වෙනවා. නමුත් හිස්කබල තාමත් තියෙන්නෙ මෘදුවට. ඒ උපත් මාර්ගය ගමන් කිරීමට පහසු වෙන්නයි. 

බබාට දැන් ඉක්කා වැටෙනවා. ඒ වගේ එයාට ඇඟමැලි කඩන්නත් හොඳට පුළුවන්. ඇදෙන්න ඇකිලෙන්න පයින් ගහන්න වගේ ක්‍රියාකාරකම් වලට බබා දැන් දක්ෂයි. 

මේ මාසේ දී බබා අගල් 18 ත් 20 ත් අතර ප්‍රමාණයකින් දිග වෙනවා. සෑම සතියකටම වරක් එයාගේ බර අවුන්ස භාගයකින් වැඩි වෙනවා. ඒ කියන්නේ අවුන්ස පහේ ඉඳන් අවුන්ස 7 දක්වා බර වැඩිවෙන්න පුළුවන්. 

දැන් ඔබ ප්රසූතියේ ට ආසන්නයි

පුළුවන් තරම් පෝෂදායි ආහාර වර්ග ආහාරයට ගන්න. හොඳට වතුර බොන්න. ප්‍රවේශම් වීම ඉතාම වැදගත්. ඒ වගේම පුංචි පුංචි වෙනස්කම් ගැන වුණත් හොඳ අවධානයෙන් ඉන්න එක ඉතාම වැදගත්. සතුට සහ සැහැල්ලුව තමයි මේ කාලෙදි ඔබේ ජීවිතේට අවශ්‍යම වෙන්නේ.