free stats

ඔයා දැන් ඉන්නේ ගර්භණී සමයේ අවසාන මාසයෙ ඉන්නේ. මේ මාසයේ සති තිස් නවයක් අවසානයේ කුසේ ඉන්න පුංචි පැටියා අලුත් ලෝකයට අවතීර්ණ වෙනවා. මේ වෙද්දි බබා කුස ඇතුලේ තමන්ගේ උපත වෙනුවෙන් සූදානම් වෙමින් ඉන්නේ. 

මේ මාසේ ටිකක් විශේෂ මාසයක්. එනිසාම අපි බලමු මොනවද මේ මාසේ ඔබට දැනෙන අපහසුතා කියලා. 

මුත්‍රා පිටවීම

උදරය විශාල වීමත් එක්ක මුත්‍රා මාර්ගය තෙරපීමට ලක් වන නිසා නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. රාත්‍රියට වගේම දවල් කාලයටත් නිතර නිතර නාන කාමරේට යන්න සිදු වෙයි. මේක බොහොම සාමාන්‍ය තත්වයක්. ඒ වගේම හිනාවෙද්දි මුත්‍රා පිට වීමක් මේ කල්ද දකින්න ලැබෙන තත්ත්වයක්. මේ තත්ත්වය ගැන බය වෙන්න අවශ්‍ය නැහැ. හා නමුත් ඒ කාලේ පෑන්ටි ලයිනර් එකක් හරි සනීපාරක්ෂක තුවායක් හරි අඳින්න පුළුවන් නම් ගැටළුවක් නෑ. 

දෙපා ඉදිමීම

මේ කාලේ වැඩියෙන් දෙපා ඉදිමීම දකින්න ලැබෙනවා. බබාගේ සහ මව ගේ ආරක්ෂාව සඳහා නිෂ්පාදනය වෙන තරල දෙපා වල නහර වල සිරුරේ වෙනත් තැන් වල ගබඩා වීම නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. ඒ වගේම උදරය විශාල වීම නිසා සිරුරේ වර්ධනය වන බර දරාගන්න සිදුවෙන්නේ දෙපාවලට. 

ඇඟිලි සහ අත් හිරිවැටීම

දත්වල ස්නායු මැණික් අටුව හරහා තමයි ඇඟිලි දක්වා විහිදෙන්නේ. අත්වල හිරිවැටීමක් ඇති උනාට පස්සේ ඒ හා සම්බන්ධ සියලු ස්නායු හිරිවැටීමට ලක් වෙනවා. මුලින් කිව්වා වගේ සිරුරේ එකතුවෙන තරලයන් නිසා ඇතිවන පීඩනය හේතුවෙන් මේ විදිහට හිරි වැටීමක් සිදු වෙනකොට අර ස්නායු වල මුල් කෙළවර ත් හිරි වැටීමට ලක් වෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අත් සහ ඇඟිලි හිරි වැටෙන්නේ. 

කොන්දේ කැක්කුම

මේ තත්ත්වය නම් ගර්භණී සමයේ මුල් කාලේ ඉඳලම දකින්න ලැබෙනවා. උදරයේ විශාල වෙන්න විශාල වෙන්න ඔයාගේ බර කොන්දට තමයි වැඩිපුර දැනෙන්නෙ. මේ බර වැඩි වෙන්න වැඩිවෙන්න කොන්දේ ඇතිවන වේදනාව තවත් වැඩි වෙනවා. ඒ වගේම දරු ප්‍රසූතිය පහසු වෙන්න සන්ධි වල ඇතිවන ලිහිල් බව නිසාම කොන්දට අතිරේක වේදනාවක් එකතු වෙන්න පුළුවන්. 

මීට අමතරව, 

ස්ට්‍රෙච් මාක් ඇතිවීම, මුහුණේ ලප, කැලැල් සහ කළු ලප ඇති වීම, උකුලේ වේදනාව ඇතිවෙන්න පුළුවන්. 

දැන් බලමු බබාගේ වර්ධනය කොහොමද කියලා….

එයා දැන් සාමාන්‍ය පරිසරයේ පළමු හුස්ම ගැනීමට වගේම පළමු හැරීමටත් සූදානම් වෙමින් ඉන්නේ. ඒ වගේම දැන් එයා හිටියට වඩා චුට්ටක් බරෙන් වැඩි වෙලා. උපත් බර සම්පූර්ණ වෙන්න ඕන නිසා සතියෙන් සතිය අවශ්‍ය ප්‍රමාණයට බර වැඩි වෙන එක සාමාන්‍ය දෙයක්. 

බබාගේ පිහිටීම මේ මාසෙදි වෙනස් වෙනවා. ඒ කියන්නේ බබා දැන් හිස පහලට සිටින සේ තමයි ඉන්නේ. බබා බිහිවෙන්න කිට්ටු උනහම වෛද්‍යවරයා දරුවා හරියට හැරිලා ද ඉන්නේ කියලා පරික්ෂා කරල බලනවා. අවසාන මාසයෙ සතියෙන් සතිය ඔබට සායන සඳහා සහභාගි වෙන්න සිදු වේවි. 

මේ කාල සීමාවේ හොඳින් ආහාර ගැනීම, පෝෂණය පිළිබඳව කල්පනාකාරී වීම, හොඳින් වතුර පානය කිරීම ඉතාම වැදගත්. 

ඒ වගේම දරුවාගේ බිහිවීම පහසු කරවීම සඳහා වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම වල නිරත වීමත් ඉතාම වැදගත්. 

මේ කාලයේ ඔබ අහුම්ක්න් දිය යුත්තේ වෛද්‍ය උපදෙස් වලට පමණයි. 

ඒ වගේම සියලු දේවල් සූදානම් කරගෙන ඕනෑම අවස්ථාවක රෝහල්ගත වීම සඳහා සූදානමෙන් සිටීම ඉතාම වැදගත් වෙනවා. 

ඉතින් පුංචි පැටියා ඔබේ දෝතට එන්නයි මේ සූදානම.

ඔබට සුභ පැතුම් ❤️