free stats

මුත්‍රා පරීක්ෂණය කියන්නේ ගර්භනී සමයේ එක් විශේෂ පරීක්ෂණයක්. එය ඔබේ සිරුරේ සිදුවන වෙනස්කම් පිළිබඳව හඳුනාගන්න පුළුවන් පහසු ක්‍රමයක් වනවා. මීට පෙර මුත්‍රා පරීක්ෂණ මගින් ගැබිණි බව තහවුරු කරගැනීමේ හෝර්මෝන ප්‍රමාණ හඳුනා ගැනීමත් සිදුවුණා. දැන් එමගින් විජලනය හා මුත්‍රා වලට ප්‍රෝටීන් එක්වීම පිළිබඳව හඳුනාගැනීමටත් යොදාගන්නවා. 

ඔයාගේ මුත්‍රාවල ප්‍රෝටීන් තියෙනවා ද කියලා බලන්න වෛද්‍යවරයා පරීක්ෂණයක් සිදු කරනවා. ඒක හරියට සාමාන්‍යයෙන් කරන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණය වගේ. එයින් ඔයාගේ සහ බබාගේ සෞඛ්‍ය තත්ත්වය හොදින් පවත්වාගෙන යන්න උදව් ලැබෙනවා. මේ පරීක්ෂණය මගින් ලැබෙන ප්‍රතිඵලය “මුත්‍රාවල ප්‍රෝටීන් තියෙනවා” කියන එක නම් මොකද කරන්නේ කියලා අපි දැන් බලමු. 

මුත්‍රා වල ප්‍රෝටීන් ටිකක් තියෙන එක සාමන්‍ය තත්ත්වයක්. ගැබිණි සමයේ දවසකට එක් මුත්‍රා සාම්පලයක මිලි ග‍රෑම් 150ක් පමණ තිබීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් එය ගැබිණි නොවන කෙනෙකුගේ නම් සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. 

ස්වාභාවිකව මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන්

අධි රුධිර පීඩනය නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා නම් ලුණු සහිත ආහාර ගැනීමෙන් වළකින්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවීම ඉතාම වැදගත්. එයින් අධි රුධිර පීඩනය පාලනය වෙන නිසා ප්‍රෝටීන් එකතු වීම අඩුකරගන්න/ වළක්වාගන්න පුළුවන්කම ලැබෙනවා. විජලනය නිසා මේ තත්ත්වය ඇති වෙනවා නම් පුළුවන් තරම් ජලය පානය කරන්න. එයින් තත්ත්වය වළක්වාගන්න හෝ අඩු කරගන්න පුළුවන්. 

නමුත් මේ සියලු වෙනස්කම් කළ යුත්තේ ඔයාගේ වෛද්‍යවරයා ගේ උපදෙස් මත පමණයි. කිසිම වෙලාවක වෛද්‍ය උපදෙස් නොමැතිව මේ කිසිදු වෙනසක් කරන්න හොඳ නෑ. 

විජලනය ත් හේතුවක් ද? 

ගැබිණි මව්වරුන් විජලනයට ලක්වීමත් සාමාන්‍යයෙන් සිදුවෙනවා. හැබැයි මේ නිසා මුත්‍රාවල ප්‍රෝටීන් එකතු වෙන්න පුළුවන්. උදේට එන වමනය, ආහාර අරුචිය වගේ දේවල් එයට හේතුවක්. 

නමුත් මේ තත්ත්වය මුත්‍රාවල ප්‍රෝටීන් වැඩිවීම ට එකම හෝ ප්‍රධානම හේතුව නෙවෙයි. නමුත් විජලනය ට ලක්වීම ට එයා එක් හේතුවක්. ඒ නිසා වෛද්‍ය උපදෙස් හරි ආකාරව ක්‍රියාත්මක කරන්න. ජලය හොදින් පානය කිරීමෙන් ඔබේ මුත්‍රා වල ගැටලු විසඳන්න පුළුවන් වුණත් වකුගඩු සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් එය විසඳන්න බෑ. ඒ නිසා තමයි වෛද්‍ය උපදෙස් ගැනීම වඩා හොඳ වෙන්නේ. 

බබාට හානියක් වෙනවාද? 

මුත්‍රාවල ප්‍රෝටීන් එකතුවීම ඍජුව දරුවාට හානි කරන්නේ නෑ. නමුත් යම් යම් ගැටලු ඇතිවෙන්න පුළුවන්. සමහර අවස්ථාවලදී මේ තත්ත්වය ටිකක් අසාමාන්‍ය වෙන්නත් ඉඩ තියෙනවා. මුත්‍රාවල ප්‍රෝටීන් ගොඩක් තියෙනවා කියන්නේ ඔයාට වකුගඩුවල ගැටලුවක් තියෙනවා කියන එක. ඒ තත්ත්වය බබාට හානියක් වෙන්න ඉඩ තියෙනවා. 

රෝග ලක්ෂණ

දෙපා, උදරය සහ මුහුණ ඉඳීමීම

හිස කැක්කුම

ඇස් පෙනීම දුර්වල වීම (පෙනීම බොද වීම)

ඔක්කාරය හා වමනය

හුස්ම ගැනීම කෙටි වීම

Gastrayitis වැඩිවීම

මුත්‍රා පිටකිරීම අපහසු වීම හෝ පිටවන ප්‍රමාණය අඩු වීම

ඔයාට ගැබ් ගන්න කලින් ඉදලම වකුගඩු සම්බන්ධ රෝග තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් ම ඒ තත්ත්වය සුවවන තුරු දරු පිළිසිඳගැනීම වළක්වා ගැනීම ඉතාම සුදුසුයි. හදිසියේ හෝ පිළිසිඳගැනීම ක් වුණොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. එවිට වෛද්‍යවරුන් ඔබ සහ දරුවා ගැන වැඩි අවධානයක් යොමු කරමින්  ගැබිණි විය හා ප්‍රසූතිය පහසු කරගැනීමට උදව් වෙනවා.