free stats

ලිවර් එහෙමත් නැත්නම් අක්මාව කියන්නේ අපිට ස්වාභාවිකව ලැබෙන ආහාරයක්. ඕනෑම සතෙකුගේ අභ්‍යන්තර සිරුරේ තියෙන වඩාත් වැදගත් අවයවයක් විධියට අක්මාව හදුන්වන්න පුළුවන්. විශාලම අභ්‍යන්තර ඉන්ද්‍රිය වෙන කොදු ඇට පෙළ ඇති සියලුම සතුන්ට අක්මාවක් තියෙනවා වගේම එයින් රුධිරය පෙරීම සහ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය පෙර ඉවත් කිරීමත් සිදුවෙනවා. ඒ වගේම පිත නිපදවන්නේ ත් අක්මාව මගින්. 

ගොඩක් දෙනෙක් ලිවර් එහෙමත් නැත්නම් සතුන්ගේ අක්මාව ආහාරයට ගන්න කැමැත්තක් දක්වනවා. ඒ අතරින් කුකුළු අක්මාව, හරක් අක්මාව, ඌරු අක්මාව, බැටළු අක්මාව, මාළු අක්මාව ප්‍රධානයි. ඒ වගේම මෙය විවිධ රසයන්ගෙන් පිසගන්න පුළුවන් නිසා වඩාත් මිනිස්සු අතර ජනප්‍රිය යි. 

ඒ වගේම මෙයින් සිරුරට ලැබෙන ඉතා වැදගත් පෝෂ්‍ය පදාර්ථ රාශියක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන වැදගත්ම කරුණ තමයි එයින් යම් සෞඛ්‍ය ගැටළුත් ඇතිවෙන්න පුළුවන්. 

ලිවර් වර්ග

හරක් අක්මාව – මෙය බටහිර රටවල වඩාත් ජනප්‍රිය ආහාරයක්. එය නිතරම වගේ බැදලා ආහාරයට ගන්න ගොඩක් අය කැමැතියි. හරක් අක්මාවේ යකඩ සහ කොපර් විශාල වශයෙන් අඩංගු වෙනවා. ඒ වගේම විටමින් A ගොඩක් තියෙන ආහාරයක් කියලත් කියන්න පුළුවන්. 

හරක් පැටවුන්ගේ අක්මාව – වීල් අක්මාව කියලත් මෙය ජනප්‍රිය යි. එය ගන්නේ කුඩා හරක් පැටවුන්ගෙන්. 

ඌරු අක්මාව – මෙය ඉතාම ගුණදායකයි. ඒ වගේම දකුණු ඇමරිකානු රටවල වඩාත් ප්‍රනීත ආහාරයක් ලෙසත් සැලකෙනවා. 

බැටළු පැටවුන්ගේ අක්මාව – අවුරුද්දක් පමණ වන බැටළු පැටවුන්ගෙන් ගන්නා අක්මාව විදෙස් රටවල වඩාත් ජනප්‍රිය ආහාරයක්. මෙහි පෝෂණ ගුණයෙන් ඉතාම අධිකයි. 

කුකුල් මස් අක්මාව – කුකුළු මස් අක්මාව සෑම කෙනෙක්ම වගේ ආහාරයට ගන්නවා. එය හරක්, ඌරු සහ බැටළු අක්මාව ට වඩා ආහාරයක් ලෙස ජනප්‍රිය යි. 

පාත්තයින් ගේ අක්මාව – පාත්තයින් ගේ අක්මාව බටහිර රටවල ජනප්‍රිය ආහාරයක්. එයින් වඩාත් වැඩි රසයක් ලබාගන්න පුළුවන් බව මේවා ආහාරයට ගන්නා අය පවසනවා. පිස ගැනීම ත් පහසුයි. 

කොඩ් ලීවර් – මාළුන්ගේ අක්මාව තමයි මේ නමින් හඳුන්වන්නේ. එය ගොඩක් වෙලාවට පෝෂණ අතිරේකයක් විධියට ලබා ගන්න පුළුවන්. 

ලිවර් ඔය කියන තරම් ගුණ ද

මේ සියලුම වර්ගයේ ලිවර් වර්ගවල විටමින්, යකඩ හා ඛනිජ ලවණ අධිකයි. එය අනෙක් මස් වර්ග, එළවළු හා පළතුරු වල අඩංගු සියලු පෝෂ්‍ය පදාර්ථ වලට වඩා ගොඩක් වැඩියි. අනෙක් අතින් මේවායේ තනි තනි වශයෙන් පෝෂක සංඝටක අඩංගු වෙලා තියෙනවා. ඒ අනුව ප්‍රෝටීන්, යකඩ, විටමින් B, මේවායේ අධිකයි. එයට අමතරව විටමින් අධිකයි. උදාහරණයක් විධියට හරක් අක්මාවෙන් ඔයාට ලැබෙන විටමින් A ප්‍රමාණය ඔයාගේ දිනක විටමින් අවශ්‍යතාවයට වඩා 100% ක් වැඩියි. විටමින් හොදින් ලැබෙන එක ඇසේ සුද ඇතිවීම හා පියයුරු පිළිකා නැවත්වීමට ඉතාම වැදගත්. 

ඒ වගේම මේවායේ, 

විටමින් C

පොටෑසියම්

පොස්පරස්

කොපර් අඩංගු වෙනවා. 

හරක් ලිවර් අවුන්ස හතරකින් 

කැලරි 149

ප්‍රෝටීන් 23g

මේදය 4g

කැලරි 310 mg

කොලෙස්ටරෝල් 4g

සිනී 1g වලට වඩා අඩු ප්‍රමාණයක්

ලැබෙනවා. 

චිකන් ලිවර් මගින් 

කැලරි 139

ප්‍රෝටීන් 19g

මේදය 5g

කැලරි 484 mg

කොලෙස්ටරෝල් 1g අඩු ප්‍රමාණයක්

සිනී 1g වලට වඩා අඩු ප්‍රමාණයක්

ලැබෙනවා. 

කොඩ් ලිවර් මගින් 

කැලරි 210

ප්‍රෝටීන් 5g

මේදය 21g

කැලරි 310 mg

කොලෙස්ටරෝල් 79mg

කාබෝහයිඩ්‍රේට 1g

සිනී 1g වලට වඩා අඩු ප්‍රමාණයක් 

ලැබෙනවා. 

ලිවර් ආහාරයට ගැනීමෙන් ඔබට ලැබෙන වාසි

පෝෂණය වැඩි දියුණු වෙනවා

මුලින් කිව්ව වගේ සියලුම පෝෂක ද්‍රව්‍ය අඩංගු නිසා පෝෂණය ඉතාම වැඩියි. ලිවර් ඉතාම සුළු ප්‍රමාණයක් ආහාරයත් ගැනීම මගින් දිනකට අවශ්‍ය කරන සියලු පෝෂක සංඝටක පහසුවෙන් ලබාගන්න පුළුවන්. විටමින් හා ඛනිජ ලවණ පහසුවෙන් ලබාගන්න පුළුවන් ඉතාම ඉහල ගුණයෙන් යුතු ආහාරයක් විධියට හදුන්වා දෙන්න පුළුවන්. 

Anemia තත්ත්වයෙන් වළකින්න පුළුවන්

අයඩින් කියන්නේ හොදම mineral වර්ගයක් වගේම එය සිරුරේ ක්‍රියාකාරීත්වයට විශේෂ බලපෑමක් එල්ල කරනවා. මේ නිසා අයඩින් හිඟයක් ඇතිවීම Anemia තත්ත්වයක් ඇතිවීමට හේතු වෙන්න පුළුවන්. නමුත් ලිවර් වල විටමින් B12 සහ අයඩින් දෙකම අඩංගු නිසා රුධිර සෛල හොදින් ක්‍රියාත්මක වෙනවා. දැනටමත් Anemia තත්ත්වයට ප්‍රතිකාර ගන්නවා නම් දිනකට හරක් අක්මාව හෙවත් බිෆ් ලිවර් ආහාරය ට ගැනීමෙන් මේ තත්ත්වය වළක්වාගන්න පුළුවන්. 

ඇටකටු ශක්තිමත් වෙනවා. 

ලිවර් වල විටමින් K යම් ප්‍රමාණයක් අඩංගු වෙනවා. විටමින් K ඇටකටු ශක්තිමත් කරන්න වගේම අතිරේක කැල්සියම් ලබාගන්නත් උදව් වෙනවා. දිනකට අවශ්‍ය පමණ කැල්සියම් ලැබෙනවා නම් එය ඔස්ටියෝපොරෝසිස් වළක්වා ගන්නත් හේතු වෙනවා. ඒ සදහා සාමාන්‍යයෙන් දිනකට විටමින් K 120mg පමණ අවශ්‍යයි. 

ශක්තිය, මොළයේ ක්‍රියාකාරිත්වය හා මනෝභාව වර්ධනය ට ඉවහල් වීම

විටමින් B12 ස්නායුවල ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා. විටමින් B12 අඩු වුණාම ඒක මානසික ක්‍රියාකාරී බවට බලපානවා. ආතතිය, විශාදය, කලබල ගතිය, නොරුස්සන ගතිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ දිනක විටමින් B12 අවශ්‍යතාවය ලබාගැනීම අත්‍යාවශ්‍යයි. මෙයට හොදම ආහාරය විධියට ලිවර් හඳුන් වන්න පුළුවන්. 

අහිතකර තත්ත්වයන්

සමහර අවස්ථාවල ලිවර් ආහාරයට ගැනීම නිසා ගැටලු ඇති වෙනවා. 

කොලෙස්ටරෝල් අධික වීම 

ලිවර් වල කොලෙස්ටරෝල් අධිකව තිබෙනවා. ඒ වගේම ඉහත සදහන් කළ ගැටලු නොමැති පුද්ගලයින් අධිකව ලිවර් ආහාරයට ගැනීම නිසා කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. එය හෘද රෝගවලට හේතු වෙනවා. 

විටමින් A විෂ වීම

විටමින් A අධික වීම නිසා සෞඛ්‍ය ගැටලු ඇතිවෙනවා. විටමින් A අධික වීම සිරුරට දරාගන්න බෑ. විටමින් වර්ග හොදින් ගන්නා පුද්ගලයින් හෝ වෙනත් විටමින් ඌනතා රහිත අය සතියට වතාවක් ලිවර් ආහාරයට ගැනීම ප්‍රමාණවත් කියන්නේ ඒ නිසා. 

කොපර් විෂ වීම

කොපර් අධික වීමත් සිරුරට හොඳ නෑ. ඒ නිසා ගැටලු ඇතිවෙන්න පුළුවන්. දිනකට අවශ්‍ය පමණට වඩා කොපර් සිරුරට ලැබුනොත් අධික ඛනිජ ප්‍රමාණයක් සිරුරට එකතු වෙනවා. එය

හුස්ම ගැනීමේ අපහසුව

උදරාබාධ

වමනය

බඩ එළියේ යාමට හේතු වෙනවා. 

ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිරෝධය

සතුන්ගේ ප්‍රතිඔක්සිකාරක සමහර විට අපේ සිරුරට ගැලපෙන්නේ නෑ. එවන් අවස්ථාවක ලිවර් අපේ සිරුරට විෂ වෙන්න පුළුවන්. මොකද සතුන්ගේ ලිවර් අපේ අක්මාව ට වඩා වෙනස් විධියට බැක්ටීරියා හා වෛරස් වලට ප්‍රතිචාර දක්වන නිසා. 

මේ නිසා,

ආසාත්මිකතා

හෘද රෝග

ආලෝකයට සංවේදී වීම

දරුවන්ගේ වර්ධනයේ සංකූලතා 

එන්න පුළුවන්. 

කාටද හොඳ නැත්තේ

ගැබිණි වියේ අධික විටමින් සිරුරට එකතු වීම දරුවාගේ වර්ධනයට හානියක් වෙන්න පුළුවන්. 

රක්තවාතය තිබෙන අයට ඒ තත්ත්වය වැඩි වෙන්න හේතුවෙනවා 

විල්සන් රෝග තත්ත්වය තියෙනවානම් උවමනාව වඩා කොපර් සිරුරට ලැබීම සුදුසු නැහැ. 

අධික කොලෙස්ටරෝල් සහ දෙවන කාණ්ඩයෙ දියවැඩියාව තිබෙන අයටත් ලිවර් සුදුසු නැහැ.