free stats

,ගර්භනී වීම හරිම සුන්දරයි. හැබැයි මේ කාලේ එක ඒක ලෙඩ රෝග වැළදෙන එක වගේම ඒවට බෙහෙත් ගන්න වෙන ඒක නම් ඒ තරම් සුන්දර නෑ. ගැබිණි සමයේ හෙම්බිරිස්සාවක් කැස්සක් කියන්නෙත් ලොකු ලෙඩක්. අනිත් කාලවලදී වගේ මේ කාලෙදි බෙහෙත් ගන්නේ නැතුව ගොඩ වෙදකම් කරලා ලෙඩ හොඳ කරන්න බෑ. ඒ වගේම මේ කිව්ව ලෙඩ අස්සේ බැක්ටීරියා ආසාදනයක් ආවොත් ඒකත් ලෙසයි නෑ. ඒ නිසා ඒ වගේ වෙලාවට වෛද්‍යවරයා ලබා දෙන ප්‍රතිජීවක ඖෂධ, එහෙමත් නැත්නම් ඇන්ටි බයෝටික් නිසි ලෙස පානය කිරීම කළ යුතුමයි. නැත්නම් එයින් කළලයට පවා හානි වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම ඒ අතරින් වඩාත් ජනප්‍රියම ප්‍රතිජිවක ඖෂධය වෙන්නේ Amoxicillin.

නමුත් amoxicillin ඇත්තටම ගැබිණි සමයේ බිව්වට කමක් නැද්ද, හිතුනාම ෆාමසියෙන් අරන් බොන්න පුලුවන්ද, මෙයින් දරුවාට හා මවට හානියක් වෙනවද, කියලා දැනගෙන ඉන්න එක වඩා හොදයි නේද?

සාමාන්‍යයෙන් නම් amoxicillin මවට හෝ දරුවාට හානිකර බව සායනිකව හදුනාගෙන නෑ. නමුත් මේ සදහා පරීක්ෂණ කරන්න භාවිතා කරලා තියෙන්නේ සතුන් මිස ගැබිණි මව්වරුන් නෙවෙයි. ඒ නිසා යම් අවදානම තියෙනවා ද නැද්ද කියන කාරණය හරියටම හදුනාගෙන නැති බව තමයි සමහර පර්යේෂකයන් සදහන් කරන්නේ. ඒ වගේම මේ කාණ්ඩයේ ඖෂධ සඳහා යම් කාන්තාවක් අසාත්මික නම් එය දරු කළලයට වගේම අම්මාටත් හානිකර වෙනවා.

අම්මට කන් කැක්කුමක් හැදුනත්, සමේ ආසාදනයක් ආවත්, නාසය හිර වුණත්, මුත්‍රා ආසාදනයකදී වුණත් මේ ආකාරයේ කුමන බැක්ටීරියා ආසාදනයක දී වුණත් පොදුවේ දෙන්නේ amoxicillin.

නමුත් ඔයාට හිතෙනවා නම් amoxicillin ගන්න එක ටිකක් භයානකයි කියලා ඔයාට ඒ පිළිබඳව වෛද්‍යවරයා එක්ක කතා කරන්න අයිතිය තියෙනවා. Amoxicillin කියන්නේ ඇත්තටම මේ ඖෂධ කාණ්ඩයේ ආරක්ෂිතම ඖෂධය. සමහර සායනික පරීක්ෂණ අනුව මෙහි ගැබිණි මව්වරුන්ට තියෙන්නේ ඉතාම අඩු අවදානමක්. නමුත් යම් අම්මා කෙනෙක්ට වමනය, කලන්තය වගේ අධික අවදානම් සහිත අසාත්මික ලක්ෂණ ඇතිවෙනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම ඉක්මනින් සිදුවිය යුතුයි.

මෙවැනි අවස්ථාවක දී amoxicillin වෙනුවට වෙනත් ප්‍රතිජීවක ඖෂධයක් නිර්දේශ කළත් ඒවායි වුණත් යම් හානියක් වීමේ හැකියාවක් තියෙනවා.

එතකොට දැනට amoxicillin ප්‍රතිකාර ගන්න කෙනෙකුට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් ද?

ඔව් කිසිම ගැටලුවක් නෑ. amoxicillin ගත්තා කියලා ඒක ඔයාගේ සරු බවට හෝ ඔසප් චක්‍රයට බලපාන්නේ නෑ. නමුත් සැමියාට යම් ගැටලුවක් ඇතිවෙන්න පුළුවන්. විශේෂයෙන් පෙනිසිලින් වලට සරුභාවය අඩු වීමක් සිදුවෙනවා.