free stats

විශේෂඥ වෛද්‍ය ඩී. බී නායකරත්න

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් විශේෂයෙන්ම දැනගත යුතු කාරණා බොහොමයක් තියෙනවා. මේ අතරින් වැදෑමහා සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනෙන ගැනීම වැදගත් කාරණයක්. අපි මුලින්ම බලමු වැදෑ මහ කියන්නේ මොකක්ද කියල. 

ගර්භනී සමයේදී වැඩෙන කලලයට අවශ්‍ය පෝෂණය ලබාදීමට තමයි වැදෑ මහා නිර්මාණය වෙන්නේ. දරුවා මෙලොව එළිය දකින තුරු ලලයට අවශ්‍ය සියලු පෝෂක කොටස් ලැබෙන්නේ වැදෑමහ හරහායි. 

මේ මගින් සිදුවන කාර්යයන් ප්‍රධාන වශයෙන් දැක්වුවහොත්,

ඔක්සිජන් ලැබීම

කාබන්ඩයොක්සයිඩ් පිටවීම

පෝෂණය වීම

බහිශ්‍රාවීය ද්‍රව්‍ය පිටවීම

කුස තුළ වැඩෙන කලලයට අවශ්‍ය අංගයක් නිසාම එයට යම් හානියක් සිදුවුවහොත් හෝ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය කලලයට ඍජුව බලපාන්නට ඉඩ තියෙනවා. නමුත් වැදගැම්ම හා සම්බන්ධ ගැටලුව එතරම් සුලභ ඒවා නෙවෙයි. 

අපි දැන් බලමු මොනවද එවැනි ගැටලුකාරී තත්ත්වයන් කියලා

වැදෑ මහ කලලය සමඟම වර්ධනය වන ඉන්ද්‍රියක්. එනිසාම කලලය වර්ධනයට සාපේක්ෂව වැදෑ මහ වර්ධනය විය යුතුයි. එසේ නොවුනහොත් කලලය වර්ධනය නිසි පරිදි සිදුවන්නේ නැහැ. එහි ප්‍රතිඵලය ලෙස ඇතිවිය හැකි තත්ත්වයන් කිහිපයක්ම තියෙනවා. 

මල දරු උපත් ඇතිවීම

අඩුබර දරු උපත් සිදුවීම

නියමිත කාලසීමාව සපුරාලීමට පෙර දරුවා බිහිවීම

උපත් ආබාධ සහිත දරුවන් බිහිවිය හැකිය

මව්කුස තුළින් දරුවකු බිහිවනුයේ ගැබ් කළ හරහා. ඇතැම් අවස්ථාවල ගැබ් ගෙල ආවරණය වන සේ වැදෑමහ පිහිටනවා. ඒ මගින් ගර්භනී මවට රුධිරය පිටවීම වැනි අහිතකර තත්ත්වයන් ඇතිවිය හැකියි. මෙහි ප්‍රතිඵලය නියමිත කාලයට පෙර දරුවා බිහිවීමයි

සමහර අවස්ථාවල මහ ගර්භාෂයට සම්බන්ධ නොවී න් වෙනම පිහිටන ආකාරයක් දකින්නට පුළුවන්. එහිදී වැදෑමහ වර්ධනය අවම වීම හේතුවෙන් ඉහත කී ගැටළු සහිත දරුවන් බිහිවන්නට ඉඩ තිබෙනවා. 

මවකට ඇති යම් යම් හේතූන් සංකූලතාවයන්ද වැදෑ මහත් සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයන්ට හේතුවනවා. අධි රුධිර පීඩනය හෝ දියවැඩියා තත්ත්වයන් මේ සඳහා සෘජුව බලපාන්න පුළුවන්. 

මේ නිසාම මව්කුස පිළිසිඳ ගත් මොහොතේ පටන් නියමිත පරිදි වෛද්‍ය උපදෙස් පිළිපැදීම සහ නියමිත පරිදි සායනවලට සහභාගි වීම වැදගත් වෙනවා. එහිදී ම වැදෑමහා සම්බන්ධ යම් ගැටළුවක් තිබේ නම් එය කල්තියා හඳුනා ගත හැකි වන අතර ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාවද පවතිනවා. 

සටහන – නදීෂා ගයානි ගුණතිලක