free stats

පුංචි පැටියා මව්කිරි බොන්න පටන් ගත්තට පස්සේ ඉඳලා අම්මා තමන්ගේ පිරිසිදුකම ගැන හිතන්න ඕනේ. කොහොමත් අම්මා කෙනෙක් කාන්තාවක් තමන්ගේ පිරිසිදුකම ගැන අනිවාර්යෙන් සැලකිලිමත් විය යුතුයි.

දරුවෙක් ලැබෙන්න කලින් වගේම දරුවෙක් ලැබෙන්න ඉද්දි පිරිසිදුකම අනිවාර්යයි. එහෙම නැති උනොත් අම්මගෙන් විවිධාකාරයේ ලෙඩ රෝග බබාට යන්න පුළුවන්. මේ අතරින් විශේෂයෙන්ම දන්ත රෝග මවකගෙන් දරුවාට බෝ වීමේ දැඩි අවදානමක් තියෙනවා.

අම්මගේ දන්ත සෞඛ්‍යය හොඳ මට්ටමක නැත්නම් අනිවාර්යෙන්ම ගැබ් ගන්න කලින් ෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුයි. සුදුසු දන්ත වෛද්‍යවරයෙක් හරහා ප්‍රතිකාර ලබා ගැනීම ඉක්මනින් කළ යුතු දෙයක්. බබා ලැබුණට පස්සේ අම්මා යම් යම් දන්ත රෝග වලින් පෙලෙනවා නම් බබාව සිපගැනීම නොකල යුතුම දෙයක්. සමහර අම්මලා තමන් කන බිස්කට් එකෙන් කොටසක් බබාටත් කවනවා. මෙය දරුවා හා මව අතර දන්ත රෝග ‍යාප්ත වීමට ප්‍රබල හේතුවක්. ඒ වගේම සමහර මව්වරු දරුවාගේ මුඛය සිප ගන්නවා. මෙවැනි අවස්ථාවක ත් අම්මා හා දරුවා අතර දන්ත රෝග හුවමාරුවක් සිදු වෙනවා.

මවගේ මුඛයේ සිටින දහස් ගණනක් බැක්ටීරියා දරුවාගේ මුඛයට යන්න මේ අවස්ථා දෙකම හේතුවෙන්න පුළුවන්. ඒ නිසා කිසිම වෙලාවක නැවත මේ වරද සිදු කරන්න එපා.

බබාට මව්කිරි දීමට පෙර හොඳින් පිරිසිදු කරන්න. උණු වතුරෙන් සෝදලා තෙතමාත්තු කලත් කමක් නැහැ. ඒ වගේම බෝතලයෙන් කිරි දෙන බබෙක් නම් බෝතලය උණු වතුරෙන් සෝදලා විසබීජහරණය කළ යුතුමයි. නැත්නම් මේ අවස්ථා දෙක හේතුවෙන් දන්ත රෝග ඇතිවෙන්න පුළුවන්. සමහර දන්ත රෝග අපි හිතනවාටත් වඩා අවදානම්. එනිසා ඒ පිලිබඳව අනිවාර්යෙන්ම සැලකිලිමත් විය යුතුයි.