free stats

01.බබාට කිරි පෙව්වට පස්සේ ගුඩුස් යවන්න අමතක කරන්න එපා.

02.බබා කොට් එකෙන් තියෙනවනම් එයාගෙ ඇඟට මූණට කොට්ට වැටෙන විදියට අනාරක්ෂිත විදිහට තියන්න එපා.

03.කාමරය හොඳට අතුගාලා, පිරිසිදු කරල, අස් කරල ආරක්ෂිතයි කියලා ඔබම අවබෝධ කරගත්තට පස්සේ මිසක් බබාව තනියෙන් කාමරේ තියලා යන්න එපා.

04. අනතුරුදායක වයර්, රයිස් කුකර් ඇතුළු විදුලි උපකරණවලින් අනතුරක් වෙන්න ඉඩ තියන්න එපා. සමහර නිවෙස්වල රයිස් කුකර් එක වගේම හීටරය බිම තියලා තමයි පාවිච්චි කරන්නේ. එ නිවෙස්වල පුංචි දරුවෙක් ඉන්නවනම් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.

05. උඩ තට්ටුවල ඉන්නවා නම් ඇදවැටීම් ගැන පරිස්සම් වෙන්න.

06. නාන කාමර බාවිතයේදී කල්පනාකාරි වෙන්න. ලිස්සා වැටීමකට ඉඩ තියාගන්න එපා.

07. ගෑස් ලිප වෙනුවට දර ලිපක් පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක ගින්නක් ඇතිවෙන්න හේතුවක් දර ලිප කිට්ටුව තියන්න එපා. සුළඟෙන් වුණත් පුංචි අඟුරු කුඩක් විසිවෙලා මහා ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

08. ආසාත්මිකතා ඇති ආහාර වර්ග, ආසාත්මිකතා ඇති වෙන ආලේපන, බෙහෙත් වර්ග ගැන පරිස්සම් වෙන්න.

09. පුංචි දරුවන්ගේ උගුර හිරවෙන දේවල්, ගිලෙන දේවල් කඩල ඇට කව්පි ඇට වගේ දේවල් ආහාරයට ගන්නවා නම් අනතුරක් නොවෙන්න පරිස්සම් වෙන්න.

10. හැකි හැම විටම අනතුරු අඩු පරිසරයක අනතුරු නොමැති තැනක ජීවත් වෙන්න.