free stats

මම දැන් ගැබිණියක්

වෛද්‍යවරයා කිව්ව විදිහට අපි නිසියාකාරව ලිංගිකව එක්වුණා. අවශ්‍ය ආහාර පාන නිසි අයුරින් ගත්තා. බර හොඳින් පවත්වාගෙන ගියා. ඒ වගේම කිසිම වෙලාවක අක්‍රීය දුම්පානයට නිරාවරණය වුනේ නැහැ. පුළුවන් හැම වෙලාවකම මුව ආවරණයක් භාවිත කළා. රැකියාවක් කරන නිසා සමහර වෙලාවට ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණත් මානසිකව සමබරව ඉන්න උත්සහ කළා. ඒ වගේම ඇඳුම් පැළඳුම් ගැන ටිකක් සැලකිලිමත් වුණා කියන්න ඕනේ. හිරට අඳින එක නතර කරලා ටිකක් සැහැල්ලු ඇඳුම් අදින්න යොමුවුණේ වෛද්‍යවරයා හමු වුණාට පස්සේ.

මගේ ගර්භණී සමය ආරම්භ වුණේ පසුගිය දෙසැම්බර් මාසේ. ඇත්තම කියනවා නම් මුලින්ම මට හැදුනේ කලන්තයක්. ඒ වෙලාවෙදි මම දැනගත්තා මං ගැබ් අරගෙන කියලා. මොකද ඒ වෙද්දි මගේ ඔසප් චක්‍රය ප්‍රමාද වෙලයි තිබුණේ. ඊට පස්සේ මම ඉක්මනින්ම stript එකක් අරගෙන චෙක් කරලා බැලුවා. Positive කියලා දැනගත්තා වුණත් අපි වෛද්‍ය පරීක්ෂණයකට යොමු වෙන්න අමතක කළේ නැහැ.

මොකද වෛද්‍ය පරීක්ෂණයකින් අපට නිවැරදිව අපි ගර්භනී වෙලාද කියලා තහවුරු කරගන්න පුළුවන්. සමහර වෙලාවට strip ඒකෙන් පෙන්වන ප්‍රතිඵලය වැරදි වෙන්නත් පුළුවන්. එයින් කියවෙන්නේ නෑ strip එක අසාර්ථකයි කියලා. නමුත් positive කියලා පෙන්නනවා නම් හෝ නෙගෙටිව් කියලා පෙන්නනවා නම් ඒ ගැන සැකයක් හිතේ තියාගෙන ඉන්න එපා. වෛද්‍යවරයෙක් හමුවෙලා වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න.

බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අපි මුලින්ම කලේ අපි සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම පියවර ගන්න එකයි. ඒ වගේම මුලින්ම අපි කාටවත් මේ ගැන කියන්න හදිස්සි වුණේ නෑ.

මොකද පලවෙනි මාස තුන ගබ්සාවක් වීමට ඉඩකඩක් පවතින නිසා ඒ මත තුන් ඉවර වෙනකන් කාටවත් කියන්නෙ නෑ කියල අපි තීරණය කළා. මොකද එහෙම වුනොත් හැමෝම බලාපොරොත්තු තියාගන්නව. හදිසියෙ හරි ඒ වගේ ගැටළුවක් ඇති උනොත් මටත් මගේ මහත්තයාටත් එයින් ඇතිවන අපහසුතාවය අපි හොඳින් තේරුම් අරගෙන තිබුණේ. ඒ නිසා අපි දෙන්නම තීරණය කළා පලවෙනි මාස 3 ඉවර වෙනකල් මේ ගැන කිසි කෙනෙකුට නොකියා ඉන්න.