free stats

අපි විවාහ වුණේ ගිය අවුරුද්දේ. ඇත්තටම විවාහය ගැන ලොකු අදහසක් නැතුව ඉද්දි තමයි මට මහත්තයව හම්බ උනේ. මුලින්ම මං එයාට එතරම්ම කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද මට යෝජනාවකින් විවාහ වෙන්න උවමනාවක් තිබුනෙ නෑ. ඒත් පස්සේ මට හිතුණා මට ගොඩක් ආදරේ කරන කෙනෙක් හොයාගන්න එක ටිකක් අමාරු දෙයක්. ඒ නිසා මම මෙයා එක්ක යම් කාලසීමාවක් ගත කරනවා කියලා. ඒ කියන්නේ අපි සරලව කියනවා නම් ඇසුරු කරල බලනවා කියලා. 

කාලයත් එක්ක මට තේරුණ අපේ අදහස් ගොඩක් ගැලපෙනවා කියලා. ඊට පස්සේ තමයි විවාහයක් ගැන හිතන්න පටන් ගත්තෙ. ඊට පස්සේ අපි තීරණය කරා ගිය අවුරුද්දේ විවාහ වෙන්න. විවාහ වෙන්න තීරණය කරන්න කලින් අපි පෙම්වතුන් විදියට ආශ්‍රය කරන කාලේ ම අපි විවාහයෙන් පස්සේ අපේ ජීවිතයේ මොන වගේ වෙන්න ඕනද කියලා තීරණය කළා. එහෙම කලේ අපි දෙන්නගෙම පහසුවට. 

සමහර දේවල් අපි note down කරගත්තා. අපි බබෙක් හදන්න ඕන කොයි කාලෙද. අපි බබෙක් හදන එක පරක්කු කරනවා නම් ඒකට තියෙන හේතු මොනවාද. Studies ඉවර කරගන්න එක ගැන. රට යනවා නම් එහේ සෙට්ල් වෙනවද ආපහු ලංකාවට එනවා ද ජොබ් එක මාරු කරනවද වගේ හැම දේ ගැනම අපි ප්ලෑන් කරා. 

ඊට පස්සේ තමයි අපි විවාහයකට සූදානම් වුණේ. 

එහෙම ප්ලෑන් කරන එකේ අපිට වාසි කීපයක්ම තිබුණා. 

01. අපි වෙඩින් එකට මොන තරම් ප්‍රමාණයක් වියදම් කරනවාද නැද්ද කියන එක අපි තීරණය කළේ විවාහයෙන් පස්සෙ තියෙන වියදම් ගැන හිතලා. 

02. එයත් මම වගේම කාටවත් ණය වෙන්න කැමැති වුණේ නෑ. 

03. ඒ නිසා අපි විවාහයෙන් පස්සේ ජීවිතය හරියාකාරව අරගෙන යන්න අවශ්‍ය මුදලක් ඉතුරු කරන්න තීරණය කරා. 

04. ඒ නිසාම විවාහය සමහර අත්‍යවශ්‍ය නොවන වියදම් අපි කපා හැරියා.

05. බබෙක් හදනවා නම් හැමදේම මාසෙන් මාසේ අපි අරගෙන අවසාන මාස වෙනකල් ඉන්නෙ නැතුව ටිකෙන් ටික එකතු කරගමු කියලා තීරණය කළා. 

05. ඒ වෙද්දි මගේ මල්ලි හිටියේ විශ්වවිද්‍යාලයේ. එයාට අධ්‍යාපන කටයුතුත් එක්ක රැකියාවක් කරගන්න පුළුවන් කමක් තිබ්බේ නෑ. නිසා එයාගෙ වියදම් බැලුවෙ අම්මා ඒ වගේම තාත්තා. ඒ නිසා අපේ විවාහයෙන් පස්සේ දරුවාගේ දේකටවත් ඒ දෙගොල්ලන්ට බරක් නොවෙන්න තීරණයක් අරගෙනයි තිබුණේ. 

06. අපි අපිටම කියලා පුංචි ගෙදරක් හදන්න පටන් ගත්තේ විවාහ වෙන්න කලින්. 

07. දෙන්නම රැකියා කරපු නිසා හෙමින් හෙමින් අපි මේ වැඩ කටයුතු පටන් ගත්තා. 

08. ආර්ථික තත්වයත් එක්ක බඩුවල මිල ගණන් ඉහලට යද්දි අපිට ටිකක් අමාරු වුනත් අපි අතෑරියේ නෑ. ගෙදර යට කොටස විතරක් හදලා අපි පදිංචියට ආවෙ විවාහ වුණාට පස්සේ. ඒකෙන් ගෙවල්කුලී ප්‍රශ්න යම්තාක් දුරට විසඳ ගන්න අපට පුළුවන් වුණා. 

09.හැම මාසෙම යම් මුදලක් අපි ඉතුරු කළා. 

10. තාමත් ඒ මුදල අපි ඉතුරු කරනවා. 

ආර්ථික තත්වය එක්ක අපි ඉතුරු කරන මුදල යම් වෙනසක් කරන්න සිදුවුණත් ඉතුරු කරන එක නවත්තන්න අපි දෙන්න කිසිම වෙලාවක තීරණය කළේ නැහැ. 

බබා ලැබුණට පස්සේ යන්න බැරිවෙයි යන්න අපහසු වෙයි කියලා හිතුණු තැන්වල අපි කොහොම හරි ගිහිල්ලා ආවා. බයික් එකේ යන්න පුලුවන් තැන්වල බයික් එකේ ගියා. බස් එකේ යන්න පුළුවන් තැන්වල බස් එකේ ගියා කෝච්චියේත් ගියා.

දැන් අපි දෙන්නම බබෙක් ගැන හීන දකිමින් ඉන්නේ. ඊලග කථාවෙන් මං ඒ ගැන ඔයාලට කියන්නම්. 

ආදරෙයි ❤️