free stats

පුංචි කිරිකැටියා මෙලොව එලිය දකින්නට වෙර දරන ඒ මොහොත හැම මවකටම හරිම විශේෂයි. දහසක් වේදනාවන් මැද , උතුරා යන දරු සෙනෙහසින් තමන්ගෙ දරු පැටියා දෝත දරන්න හැම මවක්ම පෙරුම් පුරනවා. නිරෝගී දරු උපතක් සිදුවීම මව්වරුන්ගේ බලාපොරොත්තුවයි. නමුත් ඇතැම් අවස්ථා වල පැටියා උපත ලබන විට ඔබගෙන් පැටියාට යම් යම් රෝග බෝ වීමේ අවධානමක් තිබෙනවා. මේ පිලිබඳ ඔබ සැලකිලිමත් වීම ඉතාම වැදගත්. සාමාන්‍යය දරු ප්‍රසූතියකදී මවගෙන් දරුවාට බෝ විය හැකි රෝග මෙහිදි අපි සොයා බලමු.

සාමාන්‍යය ප්‍රසූතියේදී මවගෙන් දරුවාට විවිධ වෛරස් රෝග බෝ වීමට පුළුවන්.

  • Toxoplasmosis

මෙය අන්තර් සෛලීය පර පෝෂිතයන් මගින් ඇතිවන බෝවන උණ රෝගයක්. පූසන්, සුනඛයින් ආදී සතුන්ගෙන් මෙය සම්ප්‍රේෂණය වෙනවා. ස්නායු පද්ධතිය , අස්ථි මාංශ පේශී, පහදජ්රාසමප , අක්මාව, හා ප්ලීහාව සඳහා මෙම රෝගයේ බලපෑම් ඇතිවෙනවා. ගර්භණී කාලයේ මුල් අවධියේදී මෙය හඳුනා ගෙන ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කල හැකියි. ගර්භණී සමයේදී එවැනි සතුන් ඇල්ලීමෙන්, සමීපයේ නොසිටීමෙන් මෙම රෝගය වලක්වා ගත හැකියි.

  • රුබෙල්ලා

මෙයද වෛරස් රෝගයක්. ජර්මන් සරම්ප ලෙසත් හඳුන්වනවා. මෙම වෛරසයට වැදෑමහ හරහා දරු ගැබ ආසාදනය කිරීමට හැකියි. ඒත් සමග දරුවාට ඇතිවෙන බලපෑම වෛරසය ශරීර ගතවන කාලසීමාව අනුව වෙනස් වෙනවා. හදවතේ ක්‍රියාකාරීත්වය හා මොලයේ වර්ධනයට ඉතා හානිදායකයි. මව ඵඵඍ එන්නත ලබාගෙන නැත්තම් එය ආසාදනය වුවහොත් වහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. රුධිර පරික්ෂණ මගින් ආසාදනය වී තිබේදැයි සොයාගත හැකියි.

  • ක්ලැමීඩියා

බැක්ටීරියාවක් නිසා මෙම රෝගය ඇතිවෙනවා. ක්ලැමීඩියා රෝගයෙන් පෙලෙන බොහෝ අයට සැලකිය යුතු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. ගර්භණී මවකට මේ රෝගය සඳහා ප්‍රතිකාර නොකලහොත් උපතේදී දරුවාට වැලඳීමේ අවදානම තිබෙනවා. එමඟින් දරුවා තුල වර්ධනය විය හැකි රෝග තත්වයන් ලෙස නියුමෝනියාව, අක්ෂි ආසාදන හා අන්ධභාවය දැක්වීමට පුළුවන්. වැදෑමහ හරහා හෝ සාමාන්‍යය දරු ප්‍රසූතියේදී මවගේ ලේ සහ තරල වලට දරුවා නිරාවරණය වෙනවා. එමගින් මෙම රෝගය බෝ විය හැකියි.

  • සිෆිලිස්

මෙයද බැක්ටීරියා ආසාදනයක් නිසා හටගන්නා රෝගයක්. වැලඳුනු මුල් කාලයේදී රෝගය හඳුනා ගැනීම අපහසුයි. සාමාන්‍යය ප්‍රසූතියේදී දරුවාට සිෆිලිස් ආසාදනය වුවහොත් එය දරුණු තත්ත්වයක් ඇතිකල හැකියි. මේ නිසා සියළුම ගැබිනි මව්වරුන් සිෆිලිස් රෝග පරික්ෂාවක් සිදු කරගැනීම ඉතා වැදගත්.

  • HIV එඞ්ස්

මවගේ ලේ සහ තරල වලට දරුවා සාමාන්‍යය ප්‍රසූතියේදී නිරාවරණය වීම නිසා ්‍යෂඪ වෛරසය සිරුරේ පවතින මවකගෙන් එය දරුවාට බෝ වෙන්නට පුළුවන්. මේ වෛරසය මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හානි කරන නිසා වෙනත් වෛරස්, බැක්ටීරියා හා පිලිකා වැලඳීමේ අවදානමක් තිබෙනවා.

  • ගොනෝරියා –

බැක්ටීරියා රෝගයක් වන අතර රෝගය ආසාදිත මවකගේ සාමාන්‍යය දරු ප්‍රසූතියේදී අලුත උපන් දරුවාට රෝගය බෝ වෙනවා. එමගින් දරුවා තුල බරපතල සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි. එම නිසා ගර්භණී මව්වරුන් ලිංගාශ්‍රිත රෝග පරික්ෂාවක් සිදුකරගැනීම වැදගත්.

  • හර්පීස්

හර්පීස් සිම්ප්ලෙක්ස් වෛරසය ( HSV) මගින් බෝ වෙන අතර එහි HSV 1 හා 2 ලෙස කාණ්ඩ දෙකක් තිබෙනවා. මෙම කාණ්ඩ දෙකම ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකියි. ගර්භණී අයට හර්පීස් තිබේ නම් ඒ මගින් කලලයට හෝ බිහිවෙන දරුවාට ආසාදනය විය හැකියි. අලුත් උපන් දරුවන්ට ඉතා බරපතල රෝග තත්වයක් වෙනවා. ගර්භණී සමයේ මුල් කාලයේදී මෙය ඇති වුවහොත් ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙයි. ගර්භණී වියේ අවසන් කාලයේදී මෙය ආසාදනය වුවහොත් දරු උපත සිසේරියන් සැත්කමක් හරහා සිදුකර රෝගය දරුවාට සම්ප්‍රේෂණය වීම වලක්වා ගන්න පුළුවන් . මේ නිසා මෙම රෝගයෙන් ආරක්ෂා වීම මව්වරුන්ට ඉතා වැදගත්.

  • Cytomegalovirus

හර්පීස් වෛරස් කාණ්ඩයට අදාල මෙම වෛරසය මගින් සෙම්ප්‍රතිශ්‍යාව , තුවාල හා පැපොල ඇති විය හැකියි. ගැබිනි කාලයේ මේ රෝගය ආසාදනය වීමෙන් උපදින්නට සිටින දරුවාට අහිතකර බලපෑම් එල්ල කරයි. ශ්‍රවණ ආබාධ, ඉගෙනීමේ දුර්වලතා, අපස්මාරය වැනි රෝග දරුවාට පසුකාලීනව ඇති කරයි.

  • Chicken Pox (පැපොල) –

Varicella Zoster Virus (VZV)ලෙස හැඳින්වෙන හර්පීස් වෛරස් මගින් ඇතිකරන රෝගයක් වන මෙය ඕනෑම අයෙකුට වැලඳිය හැකියි. දරුවන් අතර බහුලව ඇති වෙනවා. ගර්භණී මවකට මේ මගින් දරුණු ගැටලු ඇති විය හැකියි.

  • හෙපටයිටිස් B

අක්මාවට බලපෑම් කරන මෙම රෝගය අනාරක්ෂිත ලිංගික හැසිරීම් මගින් හෝ ආසාදිත රුධිරය මගින් බෝ වෙනවා. රෝග ලක්ෂණ නොපෙන්වයි. ගර්භණී මවකට මෙය ආසාදනය වී ඇත්නම් දරු උපතේදී එය දරුවාට සම්ප්‍රේෂණය වීමට හැකියි. උපතෙන් පැය 24 ක් ඇතුලත හෙපටයිටිස් ඊ එන්නත දරුවාට ලබා දෙයි.

  •   B19 Parvo virus – –

කුඩා දරුවන්ට බහුලව වැල⁣ක්‍ෂෙන අතර ගැබිනි මවකට මේ රෝගය සඳහා ප්‍රතිශක්ති ඖෂධ ලබා දෙයි. මෙම වෛරසයද උපතේදී මවගෙන් දරුවාට බරපතල තත්ත්වයන් ඇති කල හැකි රෝගයක්.

  •  Zika virus –  –

ඩෙංගු වෛරසය ඇති කරන ඊඩිස් මදුරු කාණ්ඩයෙ මදුරු වර්ගයකින් බෝ වෙන වෛරසයක්. ලිංගික ඇසුරින්, රුධිර පාරවිලයනයෙන් හා ගර්භණී මව්වරුන්ගෙන් උපදින දරුවාට රෝගය සම්ප්‍රේෂණය වීම සිදුවෙනවා. උණ, සමේ ආසාදන, හිසරදය, අස්ථි හා පේශී ආශ්‍රිත වේදනාව ආදිය මෙහි රෝග ලක්ෂණයි. මාරාන්තික නොවුනද මෙම රෝගය නිසා කුඩා සිරුරින් යුත් දරුවන් උපත ලැබීමට හේතු විය හැකි හැකියි. අසාමාන්‍ය ලෙස (කුඩා හිසක් සහිත දරු උපත්)

  • හෙපටයිටිස් C

ආසාදිත රුධිරය මගින් සම්ප්‍රේෂණය වන මේ වෛරසය අක්මාවට බලපෑම් ඇති කරයි. මෙය බෝ වන්නේ ආසාදිත රුධිරය හෝ තරල සෘජුවම ශරීරයේ තැවරීම නිසායි. වෛරසය ආසාදිත ගර්භණී මවකගෙන් සාමාන්‍යය දරු ප්‍රසූතියේදී දරුවාට වෛරසය සම්ප්‍රේෂණය වෙනවා. උපතින් පසු දරුවාට මෙය ආසාදනය වී තිබේදැයි බැලීමට පරික්ෂණ සිදුකර ප්‍රතිකාර ලබා දෙයි.

  • B ගණයේ ස්ට්‍රපේටෝකොකස්

කාන්තාවන්ගේ අන්තරය හා යෝනි මාර්ගය තුල මේ බැක්ටීරියාව නිතර දකින්නට හැකියි. ඉතා කලාතුරකින් හානිකර ලක්ෂණ ඇති කරන අතර ඉතා කලාතුරකින් දරු උපතේදී හෝ උපත ලැබීමට ඉතා ආසන්නයේදී මේ බැක්ටීරියාව දරුවාට ආසාදනය වීමට පුළුවන්. මෙමගින් දරුණු රෝග තත්ත්වයන් ඇතිවිය හැකියි. ආසාදිත මවගේ නොමේරූ දරු ප්‍රසූතියේදී දරුවා වටා තිබෙන පටලය කලින්ම කැඩී යාම නිසා හෝ ප්‍රසූතියේදී මවට උණ තිබේ නම් දරුවාට මෙය ආසාදනය වීමේ හැකියාව වැඩියි. මෙම වෛරසය ආසාදනය වූ මවකට දරු උපත සිදු කරන අවස්ථාවේදී ප්‍රතිජීවක ඖෂධ ලබා දී දරුවාට ආසාදනය වීම අවම කරනු ලබයි.

මෙවැනි වෛරස් රෝග මගින් උපදින පැටියාව ආරක්ෂා කරගන්නට නම් ඔබ මවක් ලෙස ගර්භණී කාලයෙ මුල් කාලයෙ සිටම මනා සෞඛ්‍යමත් දිවියක් ගත කල යුතුයි.

සත්සරණී ඉලංගකෝන් මහත්මිය
ආයතන භාර වෛද්‍ය නිලධාරීනි
ප්‍රාථමික සෞඛ්‍ය ඒකකය
කෙසෙල්වත්ත.

සටහන කුමුදිකා සපුතන්ත්‍රි