free stats

පුංචි දරුවෝ හරිම කලබලයි. ඔවුන් කැමති නිදහසේ කාලය ගත කරන්න. දග වැඩ කරන්න. ඉතිං දරුවෙකුගේ ජීවිතය සැලසුම් කරන වගකීම රැදෙන්නේ දෙමාපියන් වන අපේ අතේ. දරුවා ක‍්‍රියාශීලී පුද්ගලයෙකු ලෙසට සමාජයට යොමු කරන්නට නම් දෙමව්පියන් වන අපි ඒ ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුමයි. මෙන්න මෙතැනදී දෙමාපියන් සැලකිලිමත් විය යුතු කරුණු අතර අතිශය වැදගත් එක් කරුණක් ලෙස දරුවාගේ සවන්දීමේ කුසලතාව වර්ධනය කිරීමේ කාර්යය භාරය දැක්විය හැකියි. මොකද දරුවෙක් සමාජගත වීමේදී ඔවුන්ගේ සන්නිවේදන නිපුණතා ගොඩ නැංවීම වෙනුවෙන් සවන්දීම කියන්නේ අත්‍යවශ්‍ය සාධයක්.

මව්කුස පිළිසිදි මොහොතේ සිට වර්ධනය වන දරුවෙකුගේ ශ‍්‍රවණ හැකියාව මෙලොවට බිහි වූ දිනයේ පටන් කෙමෙන් සංවර්ධනය වෙමින් ශබ්ද රටා සහ විවිධ ශබ්ද තරංග හඳුනා ගනිමින් ඉදරියට ගමන් කරයි. සාමාන්‍ය මිනිස් සිරුරේ ශ‍්‍රවණ කි‍්‍රයාවලිය වනුයේ කන හරහා ඇතුළු වන ශබ්ද ස්නායු හරහා ගොස් අවසානයේ මොළයේ ඇති ඇසීම හා සම්බන්ධ කොටස් වෙත ගමන් කොට හරියාකාරව ශබ්ද හඳුනා ගැනීමයි. නමුත් මෙම ක‍්‍රියාවලිය ස්නායු හා මොළය ආශ‍්‍රිත ප‍්‍රදේශවල පරිණත වීමත් ක‍්‍රියාකාරීත්වයත් සමග වෙනස් වේ.

වයස මාස  3 දරුවෙකු ශබ්දවලට අනපේක්ෂිත තිගැස්මකින් ප‍්‍රතිචාර දක්වයි. එමෙන්ම ගෙදර දොර එදිනෙදා පරිසරයේ ඇසෙන ශබ්ද සඳහා අවධානය යොමු කරයි. එසේම මෙම කාල සීමාව තුළ ඉහළ ශබ්ද තරංග එනම් තීව‍්‍රතාව වැඩි ශබ්ද සඳහා දරුවා විශේෂ අවධානය යොමු කරයි. පුද්ගලයාගේ කටහඩවල් හදුනාගැනීමට හැකියාව දක්වයි, විශේෂයෙන් මවගේ හඩට ප‍්‍රතිචාර දක්වයි.

මාස තුන ඉක්ම වූ දරුවන් තමාට කතා කරන පුද්ගලයන් ගේ මුහුණ දෙස සෘජුව බලයි. මාස හය ඉක්ම වූ දරුවා ශබ්දය හා ශබ්දයේ දිශාව හදුනා ගනී. එමෙන්ම අඩු ශබ්දයන් සදහා අවධානය යොමු කරයි. මෙම කාල සීමාවල දරුවාගේ ශ‍්‍රවණ හැකියාව වර්ධනය පිළිබඳව අවධානය යොමු කළ යුතුමය.

ඉතා හොද ශ‍්‍රවණ හැකියාවක් පැවතීමෙන් ඇති ප‍්‍රයෝජන

  •          වරදවා වටහා ගැනීම හැකියාව අඩුයි
  •               වේගවත්ව වැඩ කළ හැක.
  •               ඉතා හොද ආත්ම විශ්වාසයක් ගොඩ නැගීම
  •               ඵලදායිතාව ඉහළ වීම.
  •               යහපත් සන්නිවේදනයක් පවත්වා ගත හැකි වීම
  •               අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉටුකර ගැනීමට හැකි වීම

දරුවාගේ සවන්දීම කුසලතා වර්ධනය කරවීමට,

  •               දරුවා සංවාද සදහා යොමු කරවා ගන්න

එනම් දරුවා සමග නිතරම කතා බහ කළ යුතුය. උදාහරණයක් ලෙස එදිනෙදා පාසලේ හෝ පෙර පාසලේ කටයුතු, යහළුවන් හා සෙල්ලම් කරන ආකාරය යනාදිය පිළිබඳ සංවාද ඇති කරගත යුතුයි. ළදරු අවදියේදී ඔබේ හඩ උස් පහත් කරමින් දරුවාට ආසාවක් ඇති වෙන ලෙස ශබ්ද කළ යුතුයි .

  •               ශබ්ද ආශ‍්‍රිත සෙල්ලම්

එනම් විවිධ සතුන්ගේ හා විවිධ වාහනවල ශබ්ද අනුකරණය කරමින් සෙල්ලම් කිරීම මගින් මේ සදහා දරුවාට උදව් විය හැක.

තාරාවගේ ශබ්දය -ක්වෑක් ක්වෑක් /බල්ලා ගේ ශබ්දය- බව් බව්

  •              සංගීතය

සංගීතය සදහා  ඕනෑම දරුවෙකු ප‍්‍රිය කරයි. ඒ ස`දහා කනට ප‍්‍රිය ශබ්ද ඇසෙන ලෙස සෙල්ලම් කරමින් ගීත ගායනය ඉතාම වැදගත් වේ. උදාහරණයක් ලෙස මගේ පොඩි තාරා, රන්වන් පාටයි සමනළයා වැනි කුඩා ගීත කොටස් ර`ග දෙමින් ගයන්න. එමගින් දරුවාගේ සවන් දීමේ කුසලතා වර්ධනයට උදව් වනවා සේම ඒවා අනුකරණයට ද දරුවා පෙලඹේ.

  •               විනෝදාත්මක ක‍්‍රීඩා

එනම් පිටතින් ඇහෙන ශබ්ද, විධානවලට හො`දින් සවන් දෙමින් ක‍්‍රීඩා කිරීමට යොමු කරවීමයි. එමගින් දරුවගේ සවන්දිමේ ක‍්‍රියාවලිය වර්ධනය වේ. උදාහරණ ලෙස සංගීත පුටු තරග, හැංගිමුත්තන් සෙල්ලම් කිරීම, විධාන වටහා ගැනීමට අවස්ථාව සැලසෙන ආකාරයේ විනෝද ජනක ක‍්‍රීඩා උදාහරණ ලෙස කන් කන් බූරූ සින් සින් නෝරූ මං කියන දේ අහනවද වැනි සමගින් දරුවාට විනෝදයද ලබා දිය හැකිය.

නිමීර සී. වීරරත්න
කථන හා භාෂා ව්‍යාධිවේදී
නයින්වෙල්ස් රෝහල