free stats

දරුවෙකුගේ ඇස්වල පෙනීමේ යම් වෙනසක් මතු වුවහොත් ඒ කෙරෙහි දෙමාපියන් විශේෂ සැලකිල්ලක් දැක්වීම අමුතුවෙන් කිව යුතු නැත” එහෙත් ඇතැම් දරුවන්ගේ ඇස්වල පවතින වපරය පිංවපරයක් යැයි පවසමින් එය නොසලකා හරින දෙමාපියන්ද අප අතර නැතිවාම නොවේ.

දරුවෙකු උප්පත්තියෙන්ම එක ඇසක් නොපෙනන විට අනිත් ඇසේ වපරයක් ඇති විය හැකිය. මෙසේ එක ඇසක් නොපෙනීමට හේතු ගණනාවක්ම පවතී.

උපතින්ම ඇතිවන ආබාධයක් නිසා හෝ පසුකාලීනව ඇසට ඇතුලු වූ විෂබීජයක් නිසා ඇස අන්ධවිය හැකිය. එසේම ඇසට යම් රෝගී තත්ත්වයක් ඇති වූ විටද අස අන්ධවිය හැකිය. එසේම ඇස තුල පිළිකාවක් වර්ධනය වන අවස්ථාවන් වලදී ඇස තුල පවතින දෘෂ්ඨි පටලයට හානි පැමිණිය හැකිය. එසේ හානි පැමිණිය හොත් ඇසේ මෙවැනි වපරයක් ඇතිවිය හැකිය. ඇතැම් දරුවන් ඇසේ පිළිකාවත් එක්කම උපදින්නේය” මෙම තත්ත්වය රෙටිනොබ්ලාස්ටෝමා යනුවෙන් හදුන්වනු ලබයි.

මෙවැනි දරුවන් උපතේ සිටම එක ඇසක් අන්ධ බැවින් අනෙක් ඇසින් සියලුම දෑ බැලීමට සිදුවීම තුල වපරයක් ලෙස පෙන්වයි. එය පිං වපරයක් යැයි කියමින් ඇතැම් දෙමාපියන් නොසලකා හරින අවස්ථාවන් දක්නට ලැබෙන්නේය.

ඇසක යම් වෙනසක් දක්නට ලැබෙන්නේ නම් එය වහාම ළමා අක්ෂිරෝග විශේෂඥයෙක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතුය. එසේ හැකිය”ප්‍රතිකාර ලබා ගත හොත් දරුවාගේ ඇසේ පෙනීම යලි ලබා ගත හැකිය.

උපදින විටම ඇසේ පිලිකාවක් සහිතව දරුවන් ඉපදුණත් ඇතැම් විට ඇසේ වපරයක් නොපෙන්වන අවස්ථාවන්ද දක්නට ලැබෙන්නේය. මෙවන් විටතකදී මවට දරුවාගේ ඇසේ පිළිකාවක් වර්ධනය වන බව පෙන්වන ප්‍රධාන සාක්ෂිය වන්නේ රාත්‍රී කාලයට ඇසට වැටෙන ආලෝකයෙන් ඇසේ කලු ඉංගිරියාව තුල සුදුපාටට ටීක් බෝලයක් මෙන් දිලිසීමය. එසේම නිරෝගි ඇසට ආලෝකයක් වැටීමේදී ඒඇස තුලින් දිස් වෙන්නුයේ රතුපාට බෝලයකි.

බොහෝ දෙමාපියන් දරුවන්ව ප්‍රතිකාර සදහා රැගෙන එනුයේ ඇස්වල පෙනීමේ ගැටලුවක් මතු වී ඇතිබව දැනගෙන නොව ඇස තුල මොනවාද සුදුපාටින් දිලිසෙනවා යැයි කියමින් ය. ඇසේ පිළිකාවක් සහිතව උපදින දරුවන්ගේ එම ඇස උපතින්ම අන්ධ බැවින් තමන් නොපෙනෙන ඇසක් තිබෙන බව දැන ගන්නේ අවුරුදු පහක් පමණ ගිය විටය.

ඇසේ පිලිකාමය තත්ත්වය මුලින්ම හදුනා ගත හොත් එහි පැතිරීම කොපමණ ප්‍රමාණයක්ද යන්න හදුනා ගැනීමෙන් පසු ප්‍රතිකාරය තීරණය වනු ඇත. කලින්ම හදුනා ගත හොත් ් පිළිකා නාශක ඖෂධ හා ලේසර් ප්‍රතිකාර ලබා දීමය හැකිය. මෙසේ ලබා දීමෙන් දරුවත්” ඇසත් ඇසේ පෙනීමත් යන තුනම බේරාගත හැකිය.

නමුත් ඇසේ තිබෙන පිළිකාව ඇසින් පිටතට පැතිර ඇති නම් එවැනි දරුවන්ටගේ තත්ත්වය අවදානම් වන්නේය. එවැනි දරුන්ට ප්‍රතිකාර කලද නැවත නැවත රෝගය මතුවිය හැකිය. නමුත් මුල් අවස්ථාවේදී රෝගය හදුනා ගතහොත් ප්‍රතිකාර මගින් රෝගය සුව කල හැකිය.
පිළිකාව ඇතැම් විට ඇසෙන් පිටතට පැතිරුණු අවස්ථාවන් වලදී ඇස ශල්‍යකර්මයක් මගින් ඉවත් කර ජීවිතය බේරා ගැනීමට හැකි බව දැනුම් දුන විට බොහෝ දෙනෙකු එය නොකර මිත්‍යා විශ්වාස පසුපස යන තත්ත්වයක් දක්නට ලැබෙන්නේය. මේ වන විට එවැනි මිත්‍යා පිටුපස ගිය පිළිකා රෝගී දරුවන් සියලු දෙනාම ජීවිතයෙන් සමු ගෙන තිබීම කණගාටුවට කරුණකි.

කෙසේ නමුත් පවුලේ එක් දරුවෙකුට මෙවැනි පිළිකාමය තත්ත්වයක් තිබෙන්නේ නම් අනෙක් දරුවන්ද පරික්ෂා කර බැලීමෙන් වැදගත් වන්නේය. මන්ද ඇතැම් විට පිළිකා රෝගය ජනාමය තත්වයක් නිසා ඇතිව තිබේ නම් එය පවුලේ අනෙකුත් දරුවන්ටද බලපෑමේ අවදානමක් පවතින බැවිනි.

මෙහිදී දරුවාට පිලිකා නාශක ඖෂධ ලබා දීමේදී ශරීරයේ ප්‍රතිශක්තිය අඩුවේ. මේ හේතුවෙන් මෙවන් දරුවන්ට ඉතා පුංචි විෂබීජයක් හෝ ශරීර ගත වුවහොත් මාරාන්තික තත්ත්වයක් වුවද ඇති විය හැකිය. එම නිසා ආහාර පාන ලබා දීමේදී වඩාත් සැලකිළිමත් විය යුතුය මන්ද එමගින් විෂබීජ ශරීර ගත වීමට තිබෙන ඉඩ කඩ ඉතාමත් වැඩි බැවිනි. ආහාර ලබා දීමේදී හැකි පමණ ඉතාමත් පිරිසිදුවට නිවසේ පිස ගන්නා ආහාර පමණක් ලබා දිය යුතුය. හොදින් උතුරුවා නිවා ගත් ජලය හැම විටම පානය කිරිමට සැලැස් වියයුතුය. පලතුරු ලබා දීමේදීද ලෙල්ල පිටින් දිය හැකි පලතුරු නොදී ලෙල්ල සුද්ද කර ආහාරයට ලබා දීම හා තැලුණු පොඩිවුන ඒවා කිසි විටෙකත් නොදිය යුතුය.

දරුවෙකුට ඇසේ වපරය ඇති වන්නේ ඇයිද යන්න ගැටලු ගණනාවක්ම පවතී”


කෙසේ නමුත් දරුවෙකුගේ ඇසේ පවතින වපරයන් ඇතැම් මව්වරුන් විශ්වාස කරනුයේ එය දරුවාගේ පිං නිසා ඇතිවන ලක්ෂණයක් ලෙසය” එහෙත් මෙහි කිසිදු සත්‍යතාවක් නොමැත”
උපතේදීම දරුවෙකුගේ එක් ඇසක් වපර නම් එයින් කියවෙන්නේ එම දරුවාගේ අනෙක් අස නොපෙනෙන බවකි” මෙසේ එක් ඇසක් නොපෙනීම හේතු කාරණා ගණනාවක්ම පවතින්නේය”

ඇස තුල තිබෙන කුණිකාව

නෙපෙනෙනවා නම් එය පෙන්නුම් කරන ලක්ෂණය වන්නේ එම ඇසේ පවතින වපරය මගිනි” ඇතැම් විට ඇසට යම් විෂබීජයක් ඇතුලුවීමක් වන්නට පුලුවන්.

දරුවෙකුට උපතේදී එක් ඇසක වපරයක් ඇති වුවහොත් එය ඇතැම් විට එම ඇස නොපෙනෙන නිසා ඇතිවන තත්ත්වයක් විය හැකිය” එහෙත් තවත් විටෙක දරුවා ඉපදී ටික කාලයක් ගිය පසුව ඇසේ වපරක් ඇති විය හැකිය” මෙය වන්නේද එම ඇසේ පෙනීම නතර වූ විටය” පෙනෙන ඇසෙන් වැඩිපුර වෙහෙසට පත් කරන නිසා