free stats

“දුරගමන් එහෙම යන්න හිතන්නවත් එපා“

“හා හා ඔය පඩි නගින්නේ නැතිව මේ ලිෆ්ටෙකෙන් යන්න’‘

“ පැය ගාණක් ඔය වාහනේ වාඩිවෙලා යන එක ඒ තරම් හොදදෙයක් නෙවෙයි”

”ඔය වාහනේ පැද්දි පැද්දී ගැස්සි ගැස්සි ඔයතරම් දුරක් යන එක ඒ තරම් නුවණට හුරුදෙයක් නෙවෙයි.”

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට අපේ ආච්චි අම්මලා මේ වගේ දැනමුතුකම් දෙනවා අපි අහලා තියෙනවා.

ඇත්තටම මේ දැනුමුතුකම්වල ඇත්තක් තියෙනවාද? වෙලාවට බැලුවහම ඇත්තක් නැත්තෙත් නැහැ. ඇත්තෙත් නැහැ. කෙහොම වුණත් කියන තරම් බිය විය යුතුත් නැහැ.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් පරිස්සම් වෙන එක තමයි හොදම දේ. ඒ කියන්නේ අම්මාගෙයි දරුවගෙයි ආරක්ෂාවට. කොහොම වුණත් අපේ ආච්චි අම්මලා කියන තරම්ම බිය වෙන්නත් එපා.

දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මාකෙනෙක් පුලුවන්තරම් මහන්සිවෙලා වැඩ කරන එක තමයි හොදමදේ.අම්මා කෙනෙක් දරුවා ලබෙන්න ඉන්න කාලේ හොදට ඇවිදිනවා නම් දරුවා ලැබීම පහසු වෙනවා. ඉස්සර කාලේ අපේ අම්මලා දරුවා කුසේ තියාගෙන පිටිකෙටුවා. ළිදෙන් වතුර ඇද්දා හොදට ගෙදර දොර වැඩපල කලා. දරුවා ලැබෙද්දී අම්මාට කිසිම අමාරුවක් දැනුනේ නැහැ.සාමාන්‍ය විදිහට දරුවා ලැබුණා.

අම්මාල බස් එකක නැත්නම තමන්ගේ පෞද්ගලික වාහනයක ගියාට කමක් නැහැ” පොදු වාහනයක ගමන් කරන අම්මා කෙනෙක් පිටුපස ආසනවල ඒ වගේම ටයර් එක උඩින් තියන ආසනවල වාඩි වෙනඑක ඒ තරම් සුදුසු නැහැ. එහෙම නැතිව ගැබිනි මවක් වාහනයක ගමන් බමන් ගියා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ.

අනික පඩිපෙල් නගින බහින එක හෙද නැහැ කියලා සමහර අය කියනවා. එවයෙත් කිසිම සත්‍යයක් නැහැ. මේ කාලේ ගැබිනි මව්වරුන්ටම කියලා ව්‍යායාම පුරුදු පුහුණු කරනවා. එහෙම කරන්නේ දරුවා ලැබීම පහසු කරවන්නයි. ඒ නිසා මවක් පඩිපෙල් නැග්ගා බැස්සාකියලා එයින් ඒ මවට වාසියක් මිස පාඩුවක් වෙන්නේ නැහැ.

ඒත් ගබ්සාවක් සිදුවුණ මවක් නම් එසේත් නැතිනම් අවුරුදු 35 ඉක්ම ගොස් පළමු දරු උපතට සූදානම් වන මවක් නම් දියවැඩියාව අධිරුධිරපීඩනය වැනි රෝගයකින් රුධිරය ආශ්‍රිත වෙනත් රෝග තත්ත්වයකින් ජානමය හෘද රෝගයකින් පීඩා විදන මවක් නම් පමණක් දුර ගමන් යනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයවෙනවා. කොහොම නමුත් මේ වගේ මවක් දුර ගමන් නොයා සිටීමතමයි වඩාත් නුවණට හුරුවන්නේ. ඉහත රෝග තත්ත්වයන්ගෙන් පීඩා විදාන මවක් නම් ගර්භනී වීමට පෙර අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

අනික තමයි මවක් තමන් දුර ගමනක් යනවානම් ඒ යන ප්‍රදේශයේ දේශගුණික තත්ත්වය කොයිවගේද ? අධික ශීතලක් පවතිනවාද? අධික රස්නයක් පවතිනවාද? යන වග බැලීම වැදගත්වෙනවා. මොකද යම් යම් දේශගුණික තත්ත්වයන් මවට හා දරුගැබට හානිදයක තත්ත්වයක් ඇති කරවන්න පුළුවන්.

ඒ වගේම තමයි තමන් යාමට බලාපොරොත්තුවන ප්‍රදේශවල යම් බෝවන රෝගයක් පැතිරෙන්නේ නම් එයින් ආරක්ෂාවීම ගතයුත්තේ කුමන ක්‍රියාමාර්ගයක්ද යන වග වැදගත් වෙනවා. කොහොම නමුත් බෝවන රෝගයක් පැතිර යන ප්‍රදේශයක් නම් එම ප්‍රදේශයන්ට නොයා සිටීම වඩාත් නුවණට හුරුයි.

තවත් එකක් තමයි වෛද්‍ය උපදෙස් වලට අනුව යකඩපෙති ෆෝලික් ඇසිට් හා කැල්සියම් පෙති වෙනත් ඖධයක් ගන්නා මවක් නම් ඒවා අනිවාර්යයෙන්ම තමන්ගේ ගමන් මල්ලේ තිබිම වැදගත්වෙනවා. ඒ විතරක් නෙවෙයි ප්‍රසූතියට ආසන්නව සිටින විටක ඔබ දුර ගමනක් යන්නේ නම් කුඩා මල්ල මෙන්ම ඔබගේ වෛද්‍ය වාර්තාවන් රැගෙන යාමටද අමතක කරන්න එපා. ඒවගේම තමයි දරුප්‍රසූතියට ආසන්න වන විට මතුවන දියවැඩියාව හෝ අධිරුධිර පීඩනයන්ගෙන් ඔබ පීඩා විදින මවක් නම් එයට අදාල වෛද්‍ය වාර්තාවන් රැගෙන යාමටද අමතක කරන්න එපා. ඒ වගේම ප්‍රසූතිය සඳහා අවශ්‍ය ඇඳුම්, චීත්ත කිහිපයක් සහ බබාගේ ඇඳුම් දෙක තුනක් වගේම සනීපාරක්‍ෂක තුවා පැකැට්ටුවක් අරන් යන්න අමතක කරන්න එපා.

ගැබිනි කාන්තාවක් පෙර සූදානමක් සහිතව මෙසේ දුර ගමනක් යන්නේ නම් කිසිවිටෙක බිය විය යුතු තත්ත්වයක් වෙන්නේ නැහැ.

ඒ වගේම මෙවැනි කාලයකදී ඔබ විදෙස් ගත වීමට බලාපොරොත්තු වෙනවා නම් ඒ සදහා වෛද්‍ය උපදෙස් ලබා ගන්න. ඒ වගේම ඔබගේ ගුවන් යානය තුල ඔබට අවශ්‍ය ආරක්ෂාව හා රැකවරණය අනිවාර්යයෙන්ම සලසනවා.

කොහොම නමුත් ගෙදර දොර වැඩ නොකර ඇදකට වී විවේක සුවයෙන් කල් ගත කරන මවකට වඩා ගෙදර fදාර මහන්සි වී වැඩපළ කරන හොදින් ඇවිදන මවකට දරුවෙකු බිහිකිරීම පහසු වෙනවා. මෙවැනි මව්වරුන්ට බොහෝ විට දරුවා සාමාන්‍ය පරිදි බිහිකළ හැකි වෙනවා. අනික දරුවා ලැබීමෙ පසුව වුවත් මවට දරුවාගේ සහ ගෙදර fදාර වැඩකටයුතු කරගෙන යාමට අපහසුවක් වෙන්නේ නැහැ.

සුනේත්‍රා මානෙල් කස්තුරි
හෙද ඩිප්ලෝමා
හෙද උපාධි ගෞරව ( ප්‍රසවහා නාරිවේද ළමාරෝග ඵිළිබද විශේෂ පුහුණු)
සර්ජෝන් කොතලාවන ආරක්ෂක විශ්ව විද්‍යාලය 
හෙද නිලධාරිනී ජාතික පිළිකා මර්දන වැඩසටහන  
  
සටහන - තාරකා ළිදකුඹුර