free stats

මවක් වීමට හීන දකින  ඕනෑම කෙනෙක් ඒ පිළිබදව අවබෝධයෙන් සීටීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේමයි පුංචි පැටියෙක් කුස තුළ සිටිනවා කියන්නේ සමහර තත්ත්වයන් වලදි ලොකු අවධානමක් වෙන්නත් පුඵවන්. මේ නිසාම වයස් බේදයකින් තොරව දැනුවත් වීම කියන කාරණය ඉතාම වැදගත් වෙනවා.

කොහොම උනත් අද වෙනකොට විවිධ හේතු නිසා පවුල් සංස්ථාව තුළ  දරුවන් බිහිකිරීමේදී තරමක් වයසින් වැඩි දෙමාපියන් සිටින ආකාරයක් දැකිය හැකියි. විශේෂයෙන් ම අවුරුදු 30-35 අතර සහ 35 න් වැඩි කාන්තාවන් දරුවන් බිහි කිරීම සුලභ කාරණයක් බවට පත් ව තියෙනවා.  මේ නිසාම 35 න් පසු ගැබ් ගැනීමකදී ඒ පිළිබදව නිසි අවබෝධයකින් සිටීම අද දවසේ වැදගත් කාරණයක් විදියට සළකන්න පුඵවන් .

පුංචි පැටියෙක් කියන්නේ කොයි වයසක හිටියත් විවාහයට පත් නව යුවලකට තිබෙන ඊලග බලාපොරොත්තුව. පොදු සමාජ මතය විදියට සලකනු ලැබුවහොත් දරුවන් බිහි කිරීමට සුදුසුම වයස විදියට සළකන්නේ 24-25 අතර කාලය එසේ වුවත් 20-30 අතර කාලය දරුවන් බිහි කිරීමට සුදුසු කාලයක් විදියට සළකන්න පුඵවන්. ඊට වැඩි වයස් සීමාව දරුවන් සෑදීමේදී ඇතිවන යම් යම් සංකූලතා වැඩි වශයෙන් ඇති විය හැකි වයස් සීමාවක් විදියට සළකනවා.එහෙත් එය කිසිසේත් දරුවන් සෑදීමට නුසුදුසුම යැයි නිශ්චිතව නොපවසන්නක්.

35න් පසු වයස් සීමාව යනු යම් ආකාරයක තරුණ වයස් සීමාව පසු කරන ලද වයස් සීමාවක් වෙනවා. මේ නිසාම සාමාන්‍ය තරුණ වයසේදී ඇති නොවිය හැකි තත්ත්වයක් මෙම වයස් තුළ ගැබ් ගැනීමේදී දැකිය හැකියි. එනම් යම් අවධානමක් පැවතිය හැකිය.වයස් ප‍්‍රමාණය වැඩි වත්ම වැඩි වත්ම ඇතිවිය හැකි බලපෑම්හි අවධානමද වැඩි විය හැකිය.

35න් පසු ගැබ් ගැනීමකින් ඇති විය හැකි එක් තත්ත්වයක් ලෙස නිරෝගී දරුවකු බිහි කිරීමේ ප‍්‍රවණතාවයෙහි අඩු වීමක් දැකිය හැකියි. එය කිසිසේත් නිරෝගී දරුවකු බිහි නොකරයි යන්න අර්ථවත් නොකරයි. මන්ද නිසි වයස් සීමාව තුළ දරුවන් බිහි කරන කාන්තාවකට වුවද නිරෝගී කමින් අඩු දරුවන් බිහි විය හැකිය. මෙහිදී දැනුවත් විය යුතු කාරණය වෙන්නේ වයස වැඩි වත්ම මෙම සියඵ කාරණාවන්හි පවතින අවධානම වැඩි බවයි. එමෙන්ම මෙම නිරෝගී කමින් අඩු දරුවන් යන්න පැහැදිළිව දැක්වුවහොත් සෙමින් මනස වැඩෙන දරුවන් බිහි වීමේ අවධානමක් පවතී. සාමාන්‍යයෙන් මෙවැනි දරුවකු ලැබීමේ සම්භාවිතාව වයස අවු 20 වැඩි කාන්තාවන් දරුවන් බිහි කිරීමේ දී දරු උපත් 1000ට එකක් වශයෙක් දැක්විය හැකියි. නමුත් මෙම තත්ත්වය 35න්  පසු මව්වරුන් දරුවන් බිහි කිරීමේදී දරු උපත් 250 ට එකක් වශයෙන් ද 50 වැඩි මව්වරුන් දරුවන් බිහි කිරීමේදී එම අවධානම දරු උපත් 50 එකක් වශයෙන් පවතී .

තවත් කරුණක් ලෙස ස`දහන් කළහොත් ගබ්සා, මළදරු උපත්, වැනි අවධානම් සහගත අවස්ථා සදහා මුහුණදිමට සිදුවන අවධානම ද වැඩි වේ. එසේ වුවත් එය 35න් පසු දරුවන් නොසෑදිය යුතුයි̦ යන්න අර්ථවත් නොකරයි. වැදගත් වනුයේ නිසි අවබෝධයකින් සහ නිසි වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ගැබ්ගැනීමකට සූදානම් වීමයි.

බෝ නොවන රෝග සෑදීමේ අවධානම 35 න් පසු ගර්භණී මවකට තරමක් වැඩි වශයෙන් පවතී. එනම් දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝගාබාධයන් ය. ගර්භණී කාන්තාවකට සෑදෙන දියවැඩියා තත්්ත්වය සාමාන්‍යයෙන් දරු උපතෙන් පසු සාමාන්‍ය තත්ත්වයට පත් වේ. නමුත් 35 න් පසු කාන්තාවක් ගර්භණී භාවයට පත් වීමත් එම කාලය තුළ බෝ නොවන රෝග ස`දහා ගොදුරු වීමත් යන කරුණු වැඩි වශයෙන් සකී‍්‍රය විය හැකියි. මෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් මාතෘ මරණ ඇති විය හැකියි.  එමෙන්ම දරුවන් නිසි ලෙස වර්ධනය නොවී අඩු කාල සීමාවකින් බිහි වීම ද සිදු විය හැකිියි. මෙම දරුවන් අඩු බරින් යුක්ත දරුවන් වේ. මෙවැනි දරුවන් පහසුවෙන් අවධානම් තත්ත්වයන් වලට රෝගාබාදධයන්ට ගත් විය හැකියි.

කාන්තාවක වයසට පත් වීම යනු සාමාන්‍ය තරුණ කාන්තාවකගේ මෙන් පවතින නිරෝගී බව සරු භාවය අඩු වීමකි. මේ නිසාම සාමාන්‍ය තරුණ වයසක සිටින මවකට වඩා 35 න්  පසු පමණ වයස් සීමාවක සිටින මවක් යනු සරු භාවයෙන් තරමක් අඩු කාන්තාවකි. මේ නිසාම මෙම වයස් සීමාවේ දී දරුවන් ලැබීමට බලාපොරොත්තු වන්නේ නම් එය අවබෝධයෙන් හා නිසි සූදානමකින් සිදු කිරීම වැදගත් වෙනවා. මෙහිදී සූදානම යනුවෙන් හදුන්වනුයේ තමා හට යම් රෝගාබාධ තත්ත්වයන් පවතින්නේ නම් (දිය වැඩියාව, අධී රුධිර පීඩනය) ඒ සදහා නිසි ප‍්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් රැුගෙන ගර්භණී භාවයට පත් වීම යන්නයි. මෙහිදී වැදගත්ම කාරණය වනුයේ නිසි වෛද්‍ය උපදෙස් මත තමන් ගර්භණී භාවයට පත් වීම සදහා සුදුසු තත්ත්වයනක සිටින්නේ ද යන්න තීරණය කිරීමත්, ගර්භණී කාල සීමාව තුළත් දරුවා බිහි කරන තුරුත් නිසි අයුරින් සායන සදහා සහභාගී වීමත් උපදෙස් පිළිපැදීමත් යන කරුණුය. 

එසේ වුවහොත් නිරෝගී දරු උපතක් මෙන්ම නිරෝගී ගර්භණී මවක් ද අපේක්‍ෂා කළහ.

උපදෙස්- ඞී. බී නායක රත්න
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

නදීශා ගයානි ගුණතිලක