free stats

අනේ ඩොක්ටර් දරුවා හොදට කථා කර කර හිටියා . දැන් ටික දවසක වෙලේ ඉදලා කථාව අඩුයි. වෙලාවකට බලාගත් අත බලාගෙන ඉන්නවා. මවක් වයස අවුරුදු 2ක තම දරුවා රැගෙන වෛද්‍යවරයා වෙත පැමිණ එසේ පැවසුවාය. හොදින් බහතේරූ දරුවා හිටිහැටියේ එය නතර කළේ ඇයිද යන්න. වෛද්‍යවරයා සොයා බැලු‍වේ මවගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙනි.

ඇය හා ඇගේ ස්වාමියා කාර්ය බහුල ජීවිතයක් ගත කරන්නේය. දරුවා රැක බලා ගැනීම ද මව විසින් කලද බොහෝ වෙලාවට දරුවාගේ තනි නොතනියට සිටින්නේ රූපවාහිනී ය එසේත් නොමැති නම් ටච් පෝනයයි. මෙහි විකාශනය වන විවිධ වැඩ සටහන් එසේත් නොමැත් නම් ටච් පෝනය මගින් නිකුත් කරන විවිධ ශබ්දයන් සමග දරුවාට දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇත්තේය.මේ අනුව දරුවාට ලැබෙන්නේ එම යන්ත්‍ර තුලින් නිකුත් වන ශබ්දයන් හා දර්නශනයන් පමණි.

ඒවා සමග සිය අදහස් හුවමාරු කර ගැනීමක් හෝ අතපත ගෑමක් දරුවාට නොලාබේ. උදාහරණයක් කියනවා නම් මලක් ස්ක්‍රීනයක් තුල දර්ශනය වන්නේ නම් එය අතපත ගෑමක් හෝ පෙති කඩා පොඩිකර දැමීමක් දරුවාට කල නොහැකිය. කළ හැක්කේ ඒ දෙස බලා සිටීම පමණි.
මෙවන් විටකදී දරුවාට බාහිර පරිසයෙන් ලැබෙන උත්තේජනයන් මෙම ඉලෙක්ට්‍රොනික් උපකරණයන් මගින් නොලැබීමෙන් මොලයේ සෛලඅතර සිදුවන අන්තර් සබදතාවන් සිදු නොවන්නේය.
මෙය දරුවාගේ මොලයේ සෛල අතර සිදුවන අන්තර් සබදතාවන් සිදු නොවන්නේය. මෙය දරුවාගේ මොළයේ සෛල වැඩීමට බාධාවක් වනු ඇත. ඒ හේතුවෙන් හොදින් කථා කල දරුවා හිටිහැටියේ ගොලු‍ වීමට හෝ කථා පහ අඩු කිරීමට හේතුවක් වන්නේය.
දරුවෙකුට හැම විටම බාහිර පරිසරයෙන් උකහා ගන්නා දෙයින් අත්දැකීම් ලබා ගැනිමට ඉඩ සැලසිය යුතුය.

උදාහරණයක් ලෙස කීවොත් වැලි සෙල්ලම් කරන දරුවා ඒවා අතින් අල්ලා එහි ස්භාවය තේරුම් ගත යුතුය. එසේම ගහ කොළ මල් ස්පර්ෂ කරමින් දරුවා ලබන අද්දැකීම් තුලින් මොලයේ සෛලවල වර්ධනයට හේතුවක් වන්නේය. එහෙත් අද ඉලෙක්ට්‍රොනික් උපකරණවල පෙන්වන රූපරාමු බලා සිටින දරුවාට ඒවා සමග සබදතා ගොඩනගා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවන්නේය.මෙය මොළයේ සෛල වර්ධනයට සෘජු ලෙස බලපෑම් ඇති කර කර ඒවා මොට කිරිමටද හේතුවක් වන්නේය.

දුම්පානයට ඇබ්බැහි වූ පුද්ගලයෙකුගේ පෙනහැල්ල විනාශයට පත් වෙන්නා සේම ඉලෙක්ට්‍රොනික් උපකරණවලට ගොදුරු වූ කුඩා දරුවන්ගේ මොළයේ සෛල විනාශ වෙන බව ඇමරිකාණු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වෙබ් අඩවිය තුල සදහන් කර ඇත්තේය.
මේ අනුව ඇමරිකානු එක්සත් ජනපදය තුල අවුරුදු දෙකකට අඩු දරුවෙකු මොනයම් හේතුවක් නිසා “ ස්ක්‍රීන් “ එකක් ඉදිරියේ තැබීම නීතියෙන් තහනම් කර ඇත්තේය.
ඒ අනුව රූපවාහිනී යන්ත්‍රය, ටැබ් යන්ත්‍රය, පරිඝණයන්ත්‍ර, ටච් පෝන් සම්පූර්ණයෙන්ම දරුවන්ට තහනම් කර ඇත්තේය.

දරුවෙකු ඉපදී වසර 5ක් යන තෙක් මොලයේ සෛල වර්ධනය වන්නේය. මේ සදහා ඔවුන් උත්තේජනයන් ලබාගන්නේ බාහිර පරිසරයෙනි. මෙම තත්වය වැලැක් වුවහොත් එම
දරුවාගේ මොළයේ වැඩීම බාලවන්නේය. එනම් නිරෝගීව මෙලොවට බිහි වූ දරුවෙකු බාහිර පරිසර තුල පවති ස්භාවික දෑ උකහා ගනිමින් හැදී වැඩීමට ඉඩ ලබා දියයුතුය. එසේ නොවන්නේ නම් ඔබට හිමි වන්නේ විවිධ මානසික අඩුපාඩුකම්වලින් යුක්ත දරුවෙකි. විශේෂයෙන්ම මෙසේ මානසික ව්‍යාකූලතාවන්ගෙන් යුත් දරුවෙකු දෙමාපියන්ට සහෝදරයන්ට අසල්වාසීන්ට, යාලු‍ මිත්‍රයින්ට විවිධ ප්‍රශ්න ඇති කිරීමට සමත් වන්නේය. තවද ඇතැම් කුඩා දරුවන්ව නිදි කර විමට මව්වරුන් “හෑන්ඩ් ප්‍රී“ භාවිතා කරමින් අධික ශබ්දයෙන් විවිද සංගීත රටාවන්ට සවන ඇසීමට සලස්වනු ලැබේ. මෙය දරුවාගේ ඇසීම අඩු කිරීමට හේතුවක් වන්නේය.

උගුර කන නාසය පිළිබද
වි‍ශේෂඥ වෛද්‍ය
චන්ද්‍රා ජයසූරිය

සටහන – තාරකා ළිදකුඹුර