free stats

පුංචි පැටියා ඉක්මනට ලොකු වෙලා අකුරු ලියනකල් අම්මාට ඉවසිල්ලක් නැහැ. පැටියාගේ චූටි ඇගිලි තුඩු එකිනෙකට එකතු කරලා පාට කූරෙන් එයාගෙම ලෝකය වර්ණවත් කරනකල් ඇය බලාගෙන ඉන්නේ ආසාවෙන්. හැබැයි පැටියා වම් අතට හුරු වෙනවට නම් අම්මා කැමති නැහැ. එයාලා හිතන්නේ වම් අතට හුරුවෙන දරුවො අදක්‍ෂ ඒ වගේම බුද්ධියෙන් අඩු අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න අවස්ථාවක් නැති අය කියලයි. නමුත් මේ සිතුවිල්ලේ කිසිදු සත්‍යතාවයක් නැහැ. ඇත්තටම ඒ දරුවොත් අනිත් දරුවන් වගේම දක්‍ෂ ඒ වගේම බුද්ධිමත් දරුවන්. මේ නිසා දරුවාගේ හුරු අත ගැන කලබල වෙන්න ඕන නැහැ. නමුත් මේ පිළිබදව සම්පුර්ණ තොරතුරු දැනගෙන ඉන්න එක වඩාත් හොදයි. ඒ නිසාම අපි දඔුල්ල මහා රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දික සේනාරත්න මහතා සමග මේ පිළිබදව කතා කළා.

දරුවෙක් වම් අතට හෝ දකුණු අතට හුරුවීම පිළිබදව නිවැරදිව හදුනාගන්න පුළුවන් වෙන්නේ මාස හය සම්පුර්ණ වුණාට පසුවයි. ඒ වගේම දරුවාගේ ප‍්‍රමුඛ අත පිළිබදව නිවැරදිව හදුනාගන්න පුළුවන් වෙන්නේ අවුරුදු තුන සම්පුර්ණ වීමෙන් පසුයි. කථන හැකියාවත් සමග එකිනෙකට සම්බන්ධවන දරුවාගේ ක‍්‍රියාකාරකම් නිසි පරිදි ආරම්භ වන්නේ අවුරුදු තුනෙන් පසුව වීම එයට හේතුවයි. මෙම කාල සීමාවට පෙර කාලයේ දරුවාගේ ක‍්‍රියාශීලි බව වැඩි නිසා අත් දෙකෙන්ම ක‍්‍රියාකාරි වීම දක්නට ලැබෙනවා. මේ නිසා ඉතාම ක-ුඩා කාලයේ මේ තත්ත්වයන් පැහැදිලිව හදුනාගන්න පුළුවන්කමක් නැහැ.

සාමාන්‍යයෙන් ලෝක ජනගහණයෙන් 90% ක් පමණ පිරිසක් දකුණත් හුරු අය වන අතරම ඉතිරි 10% ප‍්‍රමාණය වම් අත හුරු අයයි. මෙයට අමතරව අත් දෙකම හුරු අය ඉතාම සීමිත පිරිසක් ඉන්නවා. මේ අතරින් වමත් හුරු දරුවන් බිහි වීමට බලපාන හේතු කිහිපයක්ම තියෙනවා. මෙයින් ප‍්‍රධාන හේතුවක් ලෙස දරුවාට බලපාන ජානමය හේතු පෙන්වා දෙන්න පුළුවන්. අම්මාත් තාත්තාත් දෙන්නාම වම් අත හුරු අය නම් දරුවා බොහෝ විට වම් අතට හුරු වෙනවා. නමුත් ඒ ස`දහා 100% ක්ම ජානමය හේතු බලපාන්නේ නැහැ. සමහර විට වම් අත හුරු දෙමව්පියන්ට දකුණත හුරු දරුවන් උපදින්න පුළුවන්. දකුණත හුරු දෙමව්පියන්ට වම් අත හුරු දරුවන් උපදින අවස්ථාත් ඕනෑ තරම් තිබෙනවා. ඒ වගේම වම් අත හුරු දෙමව්පියන්ට වම් අත හුරු දරුවන් ලැබීමේ සම්භාවිතාව 25 – 50% ක් පමණ සුළු ප‍්‍රතිශතයක් බවත් කිව යුතුයි.

මෙහි අනෙක් හේතුව වන්නේ දරුවාගේ මොළයේ වර්ධනයයි. වර්ධනය වන මොළය ගෝලාකාර වස්තුවක් ලෙස ගතහොත් එය වම් මොළය හා දකුණු මොළය ලෙස බෙදෙනවා. එයින් වම් මොළයට අයත් කොටස මගින් සිරුරේ දකුණු කොටස පාලනය වන අතර මොළයේ දකුණු අර්ධය මගින් සිරුරේ වම්පස ප‍්‍රදේශයේ ක‍්‍රියාකාරකම් පාලනය වනවා. මේ නිසා බොහෝ විට දකුණු මොළයේ ක‍්‍රියාකාරිත්වය වැඩි දරුවන් වම් අතට හුරුවන බවට මතයක් පවතිනවා. දකුණු මොළය මගින් මිනිසාගේ කලාව, සෞන්දර්ය වැනි ස්ථරයන් පිළිබදව කාර්යයන් පාලනය කරන නිසා වම් අත හුරු දරුවන් කලාව සාහිත්‍ය හා සෞන්දර්යමය කටයුතු කෙරෙහි උනන්දුවක් දක්වන අතර විශේෂ දක්‍ෂතාවයක් දක්වන බවට ද මතයක් පවතිනවා. නමුත් මෙවැනි මත ඔප්පු කළ හැකි පර්යේෂණාත්මක සාධක තවමත් අනාවරණය කරගෙන නැහැ.

මීට අමතරව දරුවාගේ යම් ඇබ්බැහි වීමක් නිසාත් වමත් හුරුවක් ඇතිවන්නට පුළුවන්. යම් හේතුවක් නිසා දකුණු අතෙහි ඇතිවන තාවකාලික ආබාධයක් නිසා දරුවා වම් අතින් අනෙකුත් කාර්යයන් කරන්නට යාමෙන් වම් අතට හුරු වුවා වන්නට ඉඩ තිබෙනවා. තවත් පුද්ගලයකු හෝ සමීප හිතවතෙක් හෝ ඥාතියෙක් වම් අතින් ලියන නිසා දරුවා වම් අතට හුරුවන අවස්ථා තිබෙනවා. මෙවැනි හුරුවීම් තාවකාලික ඒවා වන්නටත් පුළුවන්. සමහර විට දීර්ඝ කාලීනව හුරුවන්නටත් ඉඩ තිබෙනවා. නමුත් එයින් කලබලයට පත්වීමට අවශ්‍ය නැහැ. අවශ්‍ය වන්නේ දරුවාගේ ප‍්‍රමුඛ කාරණා සම`ග හැකියාවන් ඔප්නංවා ගැනීමට සහය වීමයි.

ඉස්සර කාලෙදි බොහෝ දෙනෙක් වම් අත හුරු වීම පිළිබදව බියකින් පසුවුණා. වම් අත හුරුවීමට හේතුව උපතින් ගෙන එන මානසික ආබාධ සහිත වීමක් යයි තිබුණු විශ්වාසයක් එයට හේතුව බව සදහන් වනවා. නමුත් එවැනි කාරණාවල කිසිදු සත්‍යතාවක් නැහැ. මේ නිසා දැනටමත් වම් අත හුරු දරුවන් දකුණු අතට හුරු කරවීම වැනි දේ කිරීම සුදුසු නැහැ. දැනටමත් වම් අතින් ආහාර ගන්නා දරුවෙක් දකුණු අතට හුරු කිරීම සුදුසු නොවන අතර දරුවා යම් වයසකදි ඒ පුරුදු අත්හරින තුරු දෙමව්පියන් ඉවසා සිටිය යුතු වනවා. බලහත්කාරයෙන් දරුවාගේ ක‍්‍රියාකාරකම් වෙනස් කරන්නට යාම නිසා එයින් යම් අනිසි හානියක් වීමට ඉඩ තිබෙනවා. වම් අත හුරු වීම නිසා අධ්‍යාපන තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන අතර හො`දින් අධ්‍යාපනය ලැබීමට හෝ නොලැබීමට හේතුවන්නේ දරුවා තුළ පවතින කැපවීම, උනන්දුව හා තමා කෙරෙහි පවතින විශ්වාසයයි.

වම් අත හුරු වීම ගැටළුවක් නොවුණත් සමාජීය වශයෙන් යම් යම් කාරණා කෙරෙහි වම් අතේ හුරුව අවාසියක් වන අවස්ථා තිබෙනවා. විශේෂයෙන්ම දකුණත් භාවිතය වැඩි නිසා බොහෝ උපකරණ නිර්මාණය වී ඇත්තේ දකුණත්කරුවන් සදහායි. උදාහරණ ලෙස දේශණ ශාලාවල ලිවීමේ පුටු ඇදි පිහිටා ඇති ආකාරය, වාහනවල රියදුරු අසුන පිහිටා ඇති ආකාරය, පොත්වල ලිවීමේ රටාව පවා නිර්මාණය වී ඇත්තේ දකුණු අතින් ලියන ආකාරය අනුව නිසා යම් යම් අවස්ථාවලදි වමත්කරුවන් නොවැලැක්විය හැකි අපහසුතාවලට ලක්වෙනවා. නමුත් ක‍්‍රිකට් සහ වොලිබෝල් වැනි ක‍්‍රිඩාවලදි වමත්කරුවන්ට ජයග‍්‍රහණය ලැබීමටත් වැඩි අවස්ථාවක් පවතින බව කිවයුතුයි. මේ නිසා වමත් හුරු දරුවෙක් ක‍්‍රිඩා වැනි කාර්යයන්ට යොමු කරන විට ක‍්‍රිකට් සහ වොලිබෝල් වැනි ක‍්‍රිඩාවකට යොමු කිරීම වඩාත් සුදුසු වනවා.

දඹුල්ල මූලික රෝහලේ
ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි
ඉන්දික සේනාරත්න

සටහන චාපා හංසිනි ආටිගල