free stats

බබාගේ පුංචි පුංචි වැඩ ටික කරන්න ලොකු කාලයක් ගත වෙනවා නේ. හදිසියට ඉක්මනට, වෙන වැඩ කරන අතරතුරේ පැටියාගේ වැඩ කරන්න ගියොත් නම් පැටියායි අම්මයි දෙන්නම අමාරුවේ වැටෙනවා. මේ නිසා හොඳට වෙලාව අරගෙන බොහොම නිදහසේ පැටියාගේ වැඩවලට අවධානය යොමුකරන එක හරිම වැදගත්. අලුත්ම අම්මා කෙනෙකුට නම් මේ වැඩ ඒ තරම් පුරුදු නැහැ. ඒ වෙලාවට අම්මා හරි නැන්දම්මා හරි කිට්ටු කරගෙන හෙමින් හෙමින් අත හුරුකරගන්න. උදව්වක් විදියට අපි ක්‍රමය කියලා දෙන්නම්.

01 නියපොතු කපන්න

පැටවුන්ගේ නියපොතු හරිම සියුම්. ඒ වගේම තියුණුයි. එයාලා අත් එහෙට මෙහෙට කරනකොට නියපොතු නිසා සීරීම් ඇති වෙන්න පුළුවන්. මේවා ලේසියෙන් මැකෙන්නේ නැහැ. ඒ නිසා පැටියා ලොක–ු වුණාට පස්සෙත් මේ පැල්ලම් මුහුණේ තියෙන්න ඉඩ තිබෙනවා. පැටියට ප්‍රවේසම ගැන තේරුමක් නැති නිසා එයා සමහර විට අම්මව තාත්තාව වුණත් සූරන්නේ හිතලා නෙවෙයි. ඒ නිසා පැටියා නාවලා නිය තෙත් වුණාට පස්සේ නින්දට යන අතරතුර සෙමින් කපන්න.

02 හොඳින් ඔතන්න

පැටියා හොඳින් ඔතන්නේ එයාව සීතලෙන් ආරක්‍ෂා කරන්නයි. මේ එතීම හා ක්‍රමය ඔබ සිටින පරිසරය අනුව වෙනස් වෙනවා. ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් උපදෙස් ගන්න පුළුවන්. පැටියා එතීම ක්‍රම හතරක් ඔස්සේ පහසුවෙන් කළ හැකියි.

  1. පැනල් රෙද්ද එලා කොන් දෙක යා කරමින් දියමන්ති හැඩයට නවාගන්න.
  2. පැටියා මැදින් තබා මැද කොටස දෙපා අතරින් ගෙන අනෙක් කෙළවර දෙක දෙපසින් ගන්න.
  3. කොන් තුන එකට ලං කර පැටියාට අපහසු නොවන සේ ඔතන්න.
  4. ඉන් අනතුරුව පැටියා නැවත හොඳින් ඔතන්න.
  5. ඩයපරය ඉවත් කළ පසු හොඳින් පිසදමන්න.

අපිරිසුදු වු ඩයපරය ඉවත් කළ ගමන්ම පැටියාගේ පිටුපස ප්‍රදේශය හොඳින් පිසදමන්න. මේ සඳහා තෙත් කල පුළුන් කැබැල්ලක් වඩාත් යෝග්‍ය වනවා. ඒ වගේම පැනල් රෙදි කැබැල්ලක් වුණත් වඩාත් සුදුසුයි. වැඩි වෙලාවක් පැටියාට පැම්පර්ස් අන්දවන එක නම් වෛiවරුන් අනුමත කරන්නේ නැහැ. ඒ නිසා හැකි හැම වේලාවකදීම පැම්පර්ස් අන්දවා තැබීම අඩුකරන්න පුළුවන් නම් වඩාත් හොඳයි.

  1. බබාට බෙහෙත් දෙන්නේ මෙහෙමයි

සමහර වෙලාවට පැටියාට බෙහෙත් දෙන්න උවමනා වෙනවා. පැණියක්, හෝ දියර බෙහෙත් වර්ගයක් දෙන වෙලාවට හැන්දක් භාවිතය එතරම් සුදුසු නැහැ. ඒ වගේ වෙලාවට බබාට බෙහෙත් දෙන්න සූප්පු හැඩයේ මෙවැනි උපකරණයක් භාවිත කරන්න පුළුවන්. මෙයින් දරුවාට බිදුවක් හෝ දෙකක් අවශ්‍ය පමණට ඖෂධ ලබා දීම කළ හැකියි. එමඟින් වැඩි ප්‍රමාණයක් හෝ අඩු ප්‍රමාණයකින් දියර බෙහෙත් පෙවීමක් සිදුවන්නෙත් නැහැ.

  1. පැටියාගේ කෙස්වලට සත්කාරයක්

පැටියාගේ හිසකෙස්වලට හොඳ සත්කාරයක් උවමනා වෙනවා. මොකද එයාගේ හිස් කබල හා කෙස් මුල මුල් කාලේ ඉදලම නිරෝගී වෙනවා නම් එය අනාගතයේ පැටියාට හොඳ කෙස් කලබක් ලැබෙන්න හේතුවක්. මේ නිසා පිරිසුදු පොල් තෙල් වඩාත් සුදුසු වෙනවා. විවිධ මාදිලියේ බේබි ඔයිල් වර්ග වෙළඳපලේ තිබුණත් පැටියාට අවුරුද්දක් වුණාට පසුව තමයි ඕනෑම තෙල් වර්ගයක් ගැල්විය යුත්තේ. තෙල් ගැල්ලුවාට පස්සේ හිස කෙස් හොඳින් සම්බාහනය කරලා දැති ඈතින් පිහිටි පුංචි පනාවකින් සුමුදු ලෙස පීරීම වඩාත් සුදුසුයි. පැටියාගේ හිස තාමත්
බොහොම සිනිඳු නිසා පරිස්සමෙන් පීරීම කළ යුතු වනවා. නැත්නම් හිස් කබලට සීරීමක් හෝ වෙනත් හානියක් සිදුවෙන්න පුළුවන්.

සටහන චාපා හංසිනි ආටිගල

අන්තර්ජාලය ඇසුරෙන්