free stats

විසිඑක්වන සියවසේ ඉතාම පෙරලිකාර අවධියක් බව අමුතුවෙන් කිවයුතු නෑ. අද සිටින බොහෝ දරුවන්ගේ අවධානය යොමු වී ඇත්තේ එක්කෝ ජංගම දුරකථනයකට හෝ ටැබ්ලට් එකකටයි. ඔවුන් එක්කෝ පරිඝනක වල පවතින ක්‍රීඩා කෙරේ යොමුවී ඇත. එසේ නැත්නම් අන්තර් ජාලයේ ගැවසෙනවා විය හැක. එසේම උදේ පිබිදුණු වෙලේ සිට පාඩම් කෙරේ ද යොමුවී ඇත්තේ එක්කෝ දෙම්පියන් හෝ බලපෑම් නිසයි. එසේ නැත්නම් අද පවත්නා මහා තරඟකාරිත්වය දැඩිව තිබෙන නිසායි.

එවැනි මානසික තත්ත්වයක සිටින දරුවන් කෙසේවත් ක්‍රීඩා කෙරේ යොමුවීම බලාපොරොත්තු විය නොහැක. දෙමව්පියන් ඔවුන්ගේ කුඩා කාලයේ ක්‍රීඩා කෙරේ යොමු වු ආකාරය ද දැන් අමතක වී ගොස් තිබෙනවා. දරුවන් ක්‍රීඩා වලට යොමු කිරීම මානසික වශයෙන් මෙන්ම ශරීරක වශයෙන් ද ශක්තිමත් චරිත බවට පත්වීම අප අත්දැක තිබෙනවා. තරඟකාරි ලොවට සාර්ථකව මුහුණදීමට නම් දරුවන්ට මානසික මෙන්ම ශාරීරක ශක්තියද ලබාදීම දෙමව්පියන්ගේ පරම යුතුකමයි.

එබැවින් දරුවන් කුඩා අවධියේදීම යම් ක්‍රීඩාවක් කෙරේ උනන්දු කරවීම අතිශයෙන් වැදගත් බව සිතට ගන්න.

පිහිනීම

බොහෝදෙනා සිරුරේ තරබාරුව අඩුකරගැනිමෙන් හෘදයවස්තුවට දැනෙන බර අඩුකර ගැනීම සඳහාත් ආහාර වලින් ලබාදෙන කැලරි ප්‍රමාණය දහනය කිරීම සඳහා දිවීම කෙරේ යොමුවී ඇතිබව දක්නට ලැබෙනවා. කෙසේවෙතත් ඒ වෙනුවට යොදාගත හැකි තවත් ක්‍රීඩාවක් ලෙස පිහිනීම හඳුවන්න පුළුවනි. ජලයේ පවතින ඉපිලිමේ එසේ නැත්නම් පාවීමේ ලක්ෂණ සිරුරේ ඇටසැකිලි හා මාංශපේශී පද්ධතිය කෙරේ දැඩි බලපෑමක් ඇති නොකරන අතර සිරුරේ සියලු අවයවකම සුනමස්තාවයක් ඇතිකරනවා. ශරීරික ආපදාවයන්ට මුහුණ පෑ අන්අයට පිහිනීම වෛද්‍යවරුන් විසින් නියම කරනු ලබන්නේ එම ගුණය නිසාය.

පිහිනීමේදී සිරුරේ සියලුම ප්‍රමුඛ මාංශපේශී ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා කිලෝමිටරයක් පිහිනීමේදී කැලරි 250 දහනය වනබව ද කියැවේ. එසේම හෘදය වස්තුවේ පැවතිය යුතු යහපත් සෞඛ්‍යමය තත්ත්වයේ වර්ධනයක් එමගින් සිදුවන අතර නිශ්ක්‍රිය ජීවිත ගත කරන අයට පිහිනීමේ යෙදිම නිසා වැඩි ආයුෂයක් ලබාදෙන බවද දැක්වේ.

එසේම ලෝකයා සමඟත් තමා සමඟත් මහත් වු කෝපයකින් එසේම සියල්ල එපාවී සිටින විටකදී පිහිනුම් තටාකයට පැන එහාට මෙහාට පිහිනීමෙන් අධික මානසික සුවයක් ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. දරුවාට එවැන්නක් හඳුන්වාදීම පසුකාලයකදී මහත් ශක්තියක් හා සුවයක් ලබාදෙනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

බැඞ්මින්ටන්

පිහිනීම වැනි ක්‍රීඩාවකින් ශරීර වර්ධනයට මහත් උදව්වක් වන අතර බැඩ්මින්ටන් වැනි ක්‍රීඩාවක් මඟින් අත්‍යවශ්‍ය දෙයක් වන ප්‍රතික ක්‍රියා මුවහත් කිරීමටත් යමක් කෙරේ අවධානය යොමුකිරීමේ හැකියාව හා ඉවසීම පුහුණු කරනවා. එසේම සිරුරේ පාදවල, කෙන්ඩ, කලවා, නිසඳන පේශී, කණ්ඩරුව ආදිය ශක්තිමත් කරනු ලබන අතර මුළු සිරුරම ශක්තිමත් කිරීමට සමත් වෙනවා. පැයක් පමණ එම ක්‍රීඩාවේ යෙදීමෙන් සාමාන්‍ය වශයෙන් කැලරි 450ක් පමණ දහනය වන
බව පැවසේ. මානසික වශයෙන් මුවහත් බවක් ඇතිකරනවා. මේ හැර රුධීර පීඩනය, දියවැඩියාව, තරබාරු වැනි අවදානම් සෞඛ්‍ය තත්ත්වයන් වලකාලීමට උදව් වෙනවා. බැඞ්මින්ටන් ක්‍රීඩාවේ පවතින සමාජයම ලක්‍ෂණය නිසා අලුත් මිතුරන් හමුවීම ඔවුන් සමඟ අන්තර් සබඳතා ඇතිකර ගැනීම ඔබගේ දරුවාට නවමු ලෝකයකයට පිවිසීමට මංසැලනෙනවා. මේ අනුව බැඩ්මින්ටන් සර්වප්‍රකාරව වර්ධනයක් ඇතිකරලීමට සහාය වන බව කිව හැකිය.

පාපන්දු

පාපන්දු තරම් මුළු ශරීරයේම අවයව ක්‍රියාක්මක කරවන තවත් ක්‍රීඩාවක් නැති තරම් කිවහොත් නිවැරදිය. පාපන්දු පයින් පහර දී ගෝල් එක තුළට එය යවන විට පාදයේ සිට බෙල්ල දක්වා සියලුම අවයව ක්‍රියාත්මකවෙනවා. හැම අතින්ම බලන විට පාපන්දු ක්‍රීඩාව කායික ශක්තිය ගොඩ නැංවිමටත් හෘදවස්තුවේ සුවතාවය රැකගැනීමටත් උදව්වෙනවා. එසේම පාපන්දු ක්‍රීඩාවෙන් එකතු වී ක්‍රීඩා කිරීමේ වැදගත්භාවය කෙනෙකු තුළ පැලපදියම් වෙනවා.
එමඟින් සහයෝගීතාවයෙන් මිත්‍රශීලිව ක්‍රීඩා කළ යුතු අන්දම කියාදීමත් සුහඳ තරඟකාරිත්වය පිළිබඳ අදහස ද ස්ථාපනය කරනු ලබනවා.

දිවීම

දරුවා දිවීමට ඉතාම ප්‍රියකරනවා. දරුවන් ශක්තිමත් උතුරා යන පිරිසක් ලෙස සැලකිය හැක්කේම ඔවුන් තුළ පවතින එම ශක්තිය මුදාහැරිමට ඇති හොඳම මාර්ගය දිවීමයි. දරුවා තුළ යම් යම් අවස්ථාවලදි ඇතිවිය හැකි දුක, ශෝකය, කෝපය වැනි හැඟිම් ඉවත්කිරීමට හැකි හොඳම මාර්ගය දිවීමට සැලැස්වීමයි. එසේම එන්ඩෝර්පින් නමැති හෝමෝනය නිෂ්පාදනය කිරීමට දිවීම හේතුවීම නිසා සිදුකළ අවදානයක තත්ත්වයක් ඇතිවෙනවා. එසේම සිරුරේ පවතින මේදය අඩුකිරීමටත්, මාංශපේශි වර්ධනයටත් දිවීම මහත් සේ උදව්වෙනවා. මෙහිදී දෙමව්පියන් හැටියට ඔබ මතක තබා ගත යුතු කරුණක් ඇත. ඒ ඔබේ දරුවාට දිවීමට පහසුවෙන සපත්තු ජෝඩුවක් ලබාදීමයි.

ඉහත දැක්වු ක්‍රීඩා කෙරේ කුඩා අවධියේ සිටම ඔබේ දරුවාගේ අවධානය හා උනන්දුව ඇති කිරිමෙන් ඔහුගේ මානසික මෙන්ම කායික වශයෙන්ද වර්ධනයක් ඇතිකර ගැනීමේ පසුබිම සැලකෙනවා.