free stats

මේක තමයි අම්මා කෙනෙක්ට / තාත්තා කෙනෙක්ට දැනෙන ලොකුම අභියෝගය

අඬන බබා නලවන එකට විද්‍යාත්මකව ඔප්පු කරපු සහ අපේ සාම්ප්‍රදායික ක්‍රම කිහිපයක් මෙන්න.

අඬන බබා නලවන එකට Dr. Harvey Karp ගේ ‘5 S’ ක්‍රමය කියන්නේ ගොඩක් සාර්ථක ක්‍රමයක්. මේ ක්‍රමයෙන් කරන්නේ, ගර්භාෂයේ (Womb) තිබුණා වගේම ආරක්ෂාකාරී සහ සුවපහසු පරිසරයක් බබාට දැනෙන්න සලස්වන එකයි.

අඬන බබා නලවන්න Dr. Karp ගේ ‘5 S’ Super Tips

බබා අඬනවා කියන්නේ, “මට උදව් ඕනේ” කියන එක. මුලින්ම, බඩගිනි ද, ඩයපර් එක තෙමිලද, ඇඟේ අමාරුවක් ද කියලා බලන්න. ඒ හැමදේම හරි නම්, මේ ‘5 S’ ක්‍රමය පාවිච්චි කරන්න

  1. ඔතන්න (Swaddling)
  • මොකක්ද මේ? බබා ලොකු තුනී රෙද්දකින් හෝ බ්ලැන්කට් එකකින් (නමුත් තද නොවන ලෙස) ඔතන එක.
  • ඇයි වැදගත්? ගර්භාෂය ඇතුළේ බබා තද වෙලා ඉන්නේ. එළියට ආවම අතපය එහෙට මෙහෙට යද්දි බය වෙලා අඬනවා. මෙහෙම ඔතනකොට, බබාට ආපහු ආරක්ෂිත සහ සීමා සහිත හැඟීමක් ලැබෙනවා.
  • Note: බබා පෙරළෙන්න පටන් ගත්තම Swaddling කිරීම නවත්වන්න.
  1. 🤱 පැත්තට හෝ බඩ යටින් තියන්න (Side or Stomach Position)
  • මොකක්ද මේ? බබාගේ පිට මැද සහ බඩ තද නොවන ලෙස තියාගෙන වඩා ගන්න. (නිදි කරවන්න නම් හැමවිටම පිට මතින් තියන්න).
  • ඇයි වැදගත්? මේ ඉරියව්වෙන් බබාට බඩේ තියෙන අපහසුතා (ගුඩුස්/Colic) අඩු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බබාගේ බඩ ඔබන විට බබාට සහනයක් දැනෙනවා.
  1. ශබ්දයක් දෙන්න (Shushing or White Noise)
  • මොකක්ද මේ? බබාගේ කන ළඟට ගිහින් හයියෙන් ‘ෂූ…ෂූ…’ කියන එක, නැත්නම් White Noise Sound එකක් දාන එක.
  • ඇයි වැදගත්? ගර්භාෂය ඇතුළේදී බබාට ඇහුණේ අම්මාගේ රුධිර ගමනේ හයිය සද්දයක්. එළියේ තියෙන නිශ්ශබ්දතාව බබාට අමුතුයි. මේ ‘White Noise’ එකෙන් ඒ පැරණි හුරුපුරුදු පරිසරය සිහිපත් වෙනවා. (වැකුම් ක්ලීනරයක සද්දය, වතුර සද්දෙත් හොඳයි)
  1. හෙමින් සෙලවීම (Swinging or Rocking)
  • මොකක්ද මේ? බබා වඩාගෙන හෙමින් හෙමින් එහාට මෙහාට පැද්දෙන එක (Swinging/Rocking), නැත්නම් Stroller එකේ තියලා ඇවිදින එක.
  • ඇයි වැදගත්? අම්මා ඇවිදිනකොට, වැඩ කරනකොට බබාට ගර්භාෂය ඇතුළේදී මේ සෙලවීම දැනුණා. ඒ Motion එක ආයෙත් දැනෙනකොට බබා ඉක්මනින් සන්සුන් වෙනවා.
  • Caution: දරුවාව නොසෙල්විය යුතුය. හිසට හානි විය හැකි බැවින් වේගයෙන් සොලවන්න එපා.
  1. උරන්න දෙන්න (Sucking)
  • මොකක්ද මේ? Pacifier එකක් (සූප්පුවක්) දෙන එක, නැත්නම් බබාට අත/ඇඟිලි උරන්න දෙන එක.
  • ඇයි වැදගත්? බබා ඉපදෙන්න කලින් ඉඳන්ම උරනවා කියන්නේ සැනසීම ලබා දෙන ක්‍රියාවක්. කිරි බීමට අමතරව මේකෙන් බබාට ලොකු සහනයක් ලැබෙනවා.

අම්මාට/තාත්තාට වැදගත් Note එකක්

  • ඔබත් සන්සුන් වෙන්න: බබා අඬනකොට ඔයා කලබල වුණොත්, ඒ කලබලේ බබාට දැනෙනවා. බබාගේ ඇඬීම වැඩි වෙනවා. බබාව ආරක්ෂිත තැනක තියලා, ඔයා ගැඹුරු හුස්ම 5ක් අරන් සන්සුන් වෙලා ආයෙත් එන්න.
  • උපකාරය පතන්න: දවසට පැය ගණන් බබා අඬනවා නම් (Colic), ඔයා ගොඩක් මහන්සි නම්, පවුලේ කෙනෙක්ගෙන් හරි වෛද්‍යවරයෙක්ගෙන් හරි උදව් ඉල්ලන්න බය වෙන්න එපා.