free stats

කාර්ය බහුල වීමත් එක්ක අම්මලා තමන්ගෙ වැඩ පහසු කරගන්න විවිධ ක්‍රම උපයෝගී කර ගන්නවා. එකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි දරුවෝ ඉන්නවා අම්මලා තමන්ගෙ වැඩ පහසු කරගන්න හිතලා දරුවන්ට විවිධ විවිධ උපකරණ ලබා දීම නම් සමහර විට අනාගතයේ ලොකු ගැටලුවකට හේතු වෙන්න පුළුවන්. මෙතනදි ජංගම දුරකථන විශේෂ තැනක් ගන්නවා. 

ඒ වගේම තමයි පොත් පත්. පොත් කියවන එක අපට දැනුමක් ලැබෙනවා කියන එක ඇත්ත. හැබැයි සමහර වෙලාවට අපේ ඇස් දෙක තියෙන්නේ එකම දේකට focus වෙලා විතරක් නම්, වැඩි වේලාවක් පි කාලය ගත කරන්නේ සාමාන්‍ය ඇහිරුණු වටපිටාවක නම් එයින් අපේ ඇස් දෙකට හානි වෙන්න පුළුවන්. 

උදාහරණයක් විදිහට නිතර පොත් කියවන කෙනෙකුට focus වෙන්නේ එයාගෙ පොත තියාගන්න දුර ප්‍රමාණය විතරයි. ඒ නිසා සමහර විට එයාට දුර දුෂ්ටිකත්වය ඇතිවෙන්න පුළුවන්. එකට හේතු වෙන්නේ එයාගේ ඇස් දෙක focus වෙන්න හුරු වෙලා ඉන්නේ සාමාන්‍ය දුර ප්‍රමාණයකට විතරක් වීම. මේ නිසා සමහර වෙලාවට ගොඩක් දුර බලන්න උනාම එයාගේ ඇස් දෙක focus වෙන්නැති වෙන්න ඉඩ තියෙනවා. 

මෙන්න මේ හේතු නිසා දරුවාගේ ඇස් පරිස්සම් කරගන්න ඕන නම් වැඩි වේලාවක් වැඩි කාලයක් අවට පරිසරය තියෙන දේවල් නිරීක්ෂණය කරන්න කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා. යම් දරුවෙක් පොත්පත් කියවනවා නම්, පරිගණකයේ හෝ ජංගම දුරකථනය වැඩි වේලාවක් ගත කරනවා නම්, යාපනය කටයුතු සඳහා නිතර පාඩම් කිරිම වැනි කටයුතුවල නිරත වෙනවා නම් ඉඩ ලැබෙන හැම වෙලාවකම දුර තිබෙන වස්තූන් දිහා බලන එක එයාගෙ ඇස් දෙකට ගොඩක් හොඳයි. 

පුංචි බබෙක් නම් අම්මට පුළුවන් එයාට ඈත තියෙන දේවල් පෙන්නන්න. ඒ කියන්නේ ඈත තියෙන ගහක ගෙඩියක්, ඈත තියෙන මලක්, කුරුල්ලෙක්, සතෙක් ඕනම දෙයක් පෙන්නන්න පුළුවන්. විශේෂයෙන්ම වැඩෙන වයසේ දරුවෙකුට වර්ණ හඳුනා ගැනීමේ හැකියාව ලබා දෙන්න  මේ ක්‍රමය වඩාත් ප්‍රයෝජනවත් වෙනවා.

උදාහරණයක් විදියට “පුතේ ඔයා අර දුර තියෙන නිල් පාට මල දැක්කද? අර කහ පාට මල මොකක්ද කියල දන්නවද, කෝ මට කොළපාට දෙයක් පෙන්නන්න,” වගේ උපක්‍රම මගින් වර්ණ හඳුනා ගැනීමේ හැකියාව ලබා දෙන්න පුළුවන් කම තියෙනවා. 

දුර තියෙන දේවල් මේ විදියට පෙන්නුවට පස්සේ දරුවා එක දැක්කද, පෙන්නපු දේ නිවැරදිව හඳුනා ගත්තද, එයාට එක මතක තියාගන්න පුළුවන්කම තියෙනව ද කියල බලන්න පොඩි පොඩි ප්‍රශ්න ටිකක් අහන්න පුළුවන්. එයින් බුද්ධි වර්ධනය වගේම මතක ශක්තියක් දියුණු වෙනවා. 

මේ ලිපියෙන් අපි කිසිම වෙලාවක පොත් කියවීම හොඳ නැහැ කියල ඔබට කියන්නේ නෑ. වැඩිහිටියෙක් උනත් ළමයෙක් වුණත් හොඳ පොත්පත් කියවන එක භාෂා දැනුමට, අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්න, දැනුම පුළුල් කර ගන්න ඉතාම වැදගත්. ඒ වගේම පරිගණක සාක්ෂරතාවය කියන්නෙත් වර්තමානයේ ඉතාම වැදගත් සාධකයක්. හොඳ පරිගණක දැනුමක් තියෙන දරුවෙකුට ලෝකයේ තිබෙන සියලු දැනුම එක ක්ෂණයකින් ලබා ගන්න අමාරු නැහැ. ඒ වගේම ඒක එයාගෙ වර්තමාන වෘත්තිය ජීවිතයටත් ලොකු උදව්වක්. 

ඒ නිසා මේ හොඳ හැමදේම භාවිතා කරන අතරතුර තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් වීම වැදගත්. මොකද ඔබට, ඔබේ දරුවාට මේ හැම දෙයක්ම අත්විඳින්න ලැබෙන්නෙ ඇස් දෙක පරිස්සම් කරගත්තොත් විතරයි. එනිසා ජිවිතයට අවශ්‍ය දැනුම වර්ධනය කර ගන්න මෙවලම් පාවිච්චි කරන අතරතුරම තමන්ගේ ඇස් දෙක ගැනත් සැලකිලිමත් වෙන්න.