free stats

මව් කිරි දෙන අම්මලාට තියෙන වේදනාත්මක අත්දැකීම ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අලුත උපන් බබාලට වගේම දත් එන වයසේ ඉන්න බාබලත් මව්කිරි බොන වෙලාවට අම්මගේ පියයුරු හපන එක අම්මලා හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. අපි අද හිතුවා මේ කාරණාව සම්බන්ධව විශේෂ තොරතුරු කිහිපයක් ඔබ සමග බෙදා ගන්න.

අලුත ඉපදුන බබාලා ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ එයාලා ඉන්න ඉරියව්ව පහසු එකක් නොවන අවස්ථාවලදී වගේම, ඒ ඉරියව්ව වෙනස් කරගන්න අවශ්‍ය වුණු වෙලාවල්වලදී. දත් වර්ධනය වන බබාලා මෙහෙම කරන්න හේතුව දත් වර්ධනය වීමේ දී විදුරු මසේ ඇති වන කැසීම සහ ඔවුන්ට දැනෙන අපහසුව. නමුත් මේ ඇරුණු විට ප්‍රධාන කාරණා කිහිපයක් නිසා බබාලා මවගේ පියයුරු සැපීම සිදු කරනවා. 

ඉරියව්ව වෙනස් කිරීම

මව්කිරි ගලා එන වේගය අඩු කර ගැනීමට

මවුකිරි ගලා ඒම නතර කර ගැනීමට

මෙතැනදී දත් ඒම නිසා සිදුවන සැපීම නවත්වා ගැනීමට නම් බබා මව් කිරි බීමට පෙර, දත් මතුවන කාලයේ සැපීමට ලබාදෙන උපකරණයක් භාවිතා කළ හැකියි. මාස හයේ සිට මාස 9 දක්වා දරුවන්ගේ දත්ත ඒම සිදුවන නිසා මේ වයස් කාණ්ඩයේ දරුවන් සිටින මව්වරුන්ට ඉහත ගැටළුවට වැඩි වශයෙන් මුහුණ දීමට සිදුවනවා. එවැනි අවස්ථාවල මව්කිරි දීම නැවැත්වීම හෝ දරුවා පියයුරෙන් ඉවත් කිරීම සුදුසු වන්නේ නැහැ. 

ඒ වගේම නිසි පරිදි පියයුරට සම්බන්ධ කර තිබේ නම් මෙලෙස පියයුරු සැපීමට දරුවාට හැකි වන්නේත් නැහැ. ඔහුගේ දිවෙන් මවගේ ඇරියෝලාව සම්පූර්ණයෙන් වැසෙන නිසා සැපීමට අවස්ථාවක් ලැබෙන්නේ නැති වීම ඊට හේතුවයි. 

පියයුරු සැපීම වළක්වන ක්‍රම 8ක්.

  1. මවුකිරි දීමට පෙර සැපීමට යමක් දීම
  2. දරුවාගේ මුව සහ පියයුරු අතර ඇඟිල්ලක් තබා ගැනීම. එයින් එක දිගට මව්කිරි ගලායෑම නැවැත්විය හැකි අතර විට දරුවාට සැපයීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නැහැ.
  3. මවුකිරි බොන අතරතුර දරුවා දිගින් දිගටම පියයුරුව සැපීම සිදුකරයි නම්, සෙමෙන් දරුවා පියයුරෙන් ඉවත්කර සැපීමට යමක් ලබා දී නැවත මව්කිරි ලබාදීම. 
  4. හැකිතරම් පියයුරට දරුවාගේ මුව ළගා කිරීම. එවිට දිවෙන් සහ නාසයෙන් පියයුර ආවරණය වන නිසා සැපයීමට හැකි වන්නේ නැහැ. 
  5. දරුවාට පහසුවක් සහ සනීපයක් දැනෙන ආකාරයෙන් මව් කිරි ලබාදෙන ඉරියව් හදුනා ගැනීම.
  6. සම්පූර්ණ අවධානය දරුවාට ලබාදීම සහ මව් කිරි ලබා දෙන සම්පූර්ණ කාලයම මව සහ දරුවා සුව පහසු ඉරියව්වකින් සිටීම.
  7. දරුවා පියයුර සැපීම සිදු කරන්නේ මව්කිරි වීමට පටන් ගන්නා විට සහ මව්කිරි බීම අවසන් කරන විට නම් එම අවස්ථා දෙකේදීම  සැපීම ට පෙර දරුවා පියයුරෙන් සෙමෙන් ඉවත් කර ගැනීම. 
  8. පියයුරු සපන විට මව කෑගැසීමක් සිදු කළහොත් එය දරුවාට උත්තේජනයක් ඇති කරන්නට හේතුවක් විය හැකියි. එබැවින් එවැනි අවස්ථාවල ඉවසීමෙන් කටයුතු කිරීම මවගේ වගකීමකි.