free stats

අන්තර්ජාලයෙන්

තමන්ට අවශ්‍යම මොහොතේදී දරුවෙක් පිළිසිඳ ගැනීමට නොහැකිවීම කාන්තාවක් සහ පිරිමියෙක් මුහුණ දෙන විශාල අර්බුදයක්. අපි හොඳටම දන්නවා හොඳ ලිංගික ජීවිතයක්, සර්ව සම්පූර්ණ පරිණත ලිංගික සම්බන්ධතාවයක් තියෙන කෙනෙකුට දරු පිළිසිඳ ගැනීමක් කියන්නේ ඒ තරම් ලොකු ගැටළුවක් නෙමෙයි. නමුත් බොහෝ දෙනෙක් මේ පිළිබඳව ඉන්නේ හොඳ අවබෝධයකින් නෙමෙයි. ඒ නිසා මේ කෙටි ලිපියෙන් බලාපොරොත්තු වෙනවා දරු පිළිසිඳ ගැනීමක් නිසි කාලයේදී සිදුවීමට නම් ඔබ කළ යුතු දේවල් මොනවද කියලා. 

ලිංගික ජීවිතය

ප්‍රධාන වශයෙන්ම ඔබට හොඳ ලිංගික ජීවිතයක් තිබිය යුතුයි. සාමාන්‍ය කාන්තාවකට හෝ පිරිමියෙකුට වඩා ට පිලිසිද ගැනීමට යම් කාලයක් ගත උනා නම් පළමුවෙන්ම ඔබේ ලිංගික චර්යාවන් වෙනස් කර ගැනීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ඔබ සහ සැමියා අතර ලිංගික සම්බන්ධතා ඇතිවීම ළඟ ළඟ සිදුවිය යුතුයි. ලිංගික සබඳතාවය සඳහා ගන්නා කාල සීමාව දුරස්ථ වෙනවා නම් පිළිසිඳ ගැනීම සඳහා ඇති ඉඩත් අඩුවෙන්න පුළුවන්. එනිසාම අන්තර්ජාලයේ බොහෝ ලිපි වල දිනපතා ලිංගිකව හැසිරීම ඉක්මන් දරු පිළිසිඳ ගැනීමකට හේතු වනවා කියලා සදහන් වෙනවා. 

ඒ වගේම පුළුවන් තරම් ඔසප් ආසන්න ඩිම්බ පිට වීම ආරම්භ වන දින වකවානු හඳුනාගෙන ලිංගික සබඳතා පැවැත්වීම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හේතුවක්.

වෛද්‍ය උපදෙස් 

මේ කාලෙදි වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතුයි. මොකද මේ කිසිම කාරණයක් වෛද්‍ය විද්‍යාවෙන් තොර ඒවා නෙවෙයි. ඔබට හොඳ සහ සම්බන්ධතාවයක් සැමියා එක්ක තිබුන උනත් වෙනත් සෞඛ්‍යමය කාරණාවක් නිසා පිළිසිඳ ගැනීම පමා වෙනවා වෙන්න පුළුවන්. එය නිසා ඔබේ හෝ සැමියාගේ හෝ යම් ගැටලුවක් තියෙනවා ද කියලා හඳුනා ගැනීම ඉතාම වැදගත්. 

ආහාර පාන 

ඊළඟ වැදගත් කාරණය වෙන්නේ ආහාරපාන. ආසාත්මික ආහාරපානවලින් හැකි තරම් ඈත් වෙලා පෝෂදායි ආහාර රටාවකට හුරුවීම අනිවාර්යයි. විශේෂයන්ම වතුර ොඳින් පානය කිරීම හොඳ ප්‍රතිඵල වලට හේතුවක්. ජලය වැඩිපුර අඩංගු ආහාර වර්ග, සිරුරට ඉක්මනින් ආසාත්මික නොවන ආහාර වර්ග, මේ කාලෙදි කෑවට කමක් නැහැ. තමන්ගේ සිරුරේ බර ගැනත් ධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අධික බර හෝ නිසි ප්‍රමාණයට වඩා සිරුරේ බර අඩු වීම කියන කාරණා දෙකම දරු පිළිසිඳ ගැනීමට බාධාවක්. 

සිරුරේ උෂ්ණත්වය

සිරුරේ උෂ්ණත්වය නිසි ලෙස පවත්වාගෙන යෑමත් ඉතාම වැදගත් වෙනවා. ඌෂ්ණාධික සිරුරක් නම් සිසිල් ආහාර පාන වර්ග ජලය වැඩිපුර අඩංගු ආහාර වර්ග, වඩා හොඳයි. කෘතිම ආහාර වලින් අයින් වෙලා ඉන්න තරමට ඒක සෞඛ්‍ය සම්පන්න භාවයටත් පිළිසිඳ ගැනීමටත් හේතුවක් වෙනවා. 

දුම් පානයෙන් ඉවත් වීම 

මේ කාලයේදී සක්‍රීය මෙන්ම අක්‍රීය දුම්පානයෙන් ඉවත්වීම, alcohol අඩංගු පාන වලින් හැකිතාක් වැළකී සිටීම කියන්නේ වැදගත්ම කාරණා දෙකක්. ඒ වගේම ඔබ නිතර ව්‍යායාම කරන කෙනෙක් නම් අධික ලෙස සිරුරට ව්‍යායාම ලබාදීම අඩු කරල වෛද්‍ය උපදෙස් මත නිසි පරිදි ව්‍යායාම්වලට යොමු වීමත් වැදගත්.