පුංචි පැටියෙක් කියන්නේ මුළු ලෝකයටම සම්පතක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ. අම්මා තාත්තාට පවුලේ අයට විතරක් නෙමේ හැමෝටම සතුටු උදාකරන්නේ මේ පුංචි පැටියා. ඉතින් මේ විදිහට සතුට අරගෙන මව්කුසට වඩින කලලය ආරක්ෂා කරගැනීම මවට පියාට පැවරෙන ලොකු වගකීමක්.
ඒ කලලය දවසක දරුවෙක් වෙලා ලෝකේ එළිය දකිනකම් ඒ වගකීම එහෙමම තමයි. නමුත් සමහර අවස්ථාවලදී සමහර හේතු නිසා කළලයේ වර්ධනය සියයට සියයක් නිවැරදිව සිදු වීම අඩාල වෙන්න පුලුවන්. අද වෙනකොට ලාංකීය වශයෙන් ගතහොත් දිනකට සිදුවන දරු උපත් වලින් සියයට දහතුනක් අඩු බර දරු කළල බවට පත්වෙලා තිබෙනවා. ඒ නිසා මේ පිළිබඳව අද සාකච්ඡා කරන්න අපි හිතුවා.
මව් කුස තුල කලලයේ වර්ධනය අඩාල වීමට සුලබ හේතූන් වගේම දුර්ලභ හේතුන් බලපාන්න පුළුවන්. කිසි වුවොත් ගර්භනී සමය තුළ අවධානය යොමු කළ යුතු ප්රමුඛ කරුණ වෙන්නේ මවක් වීමට පෙරුම් පුරන කාන්තාවගේ මානසික සුවතාවයයි. ගර්භනී බව යනු අවදානම් සහිත ක්‍රියාවලියක්. ඒ නිසා නිරන්තරයෙන් ඈ වටා සිටින්නවුන් ඇගේ සුවතාව රැකිය යුතුයි. මානසික හා කායික සුවතාවය කින් ජීවත්වීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කළ යුතුයි. එවිට කුස තුළ වැඩෙන දරුවා ද නිතැතින්ම නිරෝගිමත් දරුවෙක් බවට පත්වෙනවා.
කලලයේ වර්ධනය අඩාල වීමට බලපාන සුලබතම කරුණ වන්නේ නිසි පෝෂණය නොලැබීමයි. මවට නිසි පෝෂණය නොලැබීම නිසා කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය ද අඩාල වෙන්න පුලුවන්. අද වෙද්දි කිලෝ 2.5 ට වඩා අඩු බරකින් යුක්ත දරුවන් බිහි වන්නේ එහි ප්‍රතිඵලයක් විදිහට. මේ වළක්වා ගැනීමට නිවැරදි ආහාර රටාවක් නිවැරැදි වේලාවට ගැනීම අත්‍යවශ්‍යයි. නමුත් අද දවස වන විට ස්වාමි පුරුෂයන් පමණක් නොව කාන්තාවන්ද රැකියාවල නිරත වෙලා ඉන්නවා. මේ නිසා බොහෝ දෙනකුට තමන්ගේ ගර්භනී සමය තුල නිසි පරිදි ආහාර ලබා ගැනීම හා පෝෂණය ඉහළ නංවාගැනීමට කාලය හා අවස්ථාව අඩු වෙන්න පුළුවන්.
මේ නිසා ගර්භණී සමයේ වුවත් කාර්යබහුල ජීවිතයක් ගත කිරීමට කාන්තාවන්ට සිදු වෙනවානම් ඇගේ පෝෂණය පිළිබඳ වගකීම සැමියාටත් තිබෙනවා. ඒ වගේම ගර්භනී සමයේ පවත්වනු ලබන සායනවලදී මුල් කාලයේ මස් කට වරක් අනතුරුව මාස කීපයක් මවුවරුන්ගේ බර මැන බැලීමක් සිදුවෙනවා. මෙහිදී මවගේ බර සාපේක්ෂ වශයෙන් වැඩි වන්නේ නම් කලලය වර්ධනය ද නිසි පරිදි සිදු වෙන්නේ කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ වගේම කළලයේ වර්ධනය සමඟ සාමාන්‍යයෙන් මවගේ බාහිර ස්වරූපය වෙනසක් සිදුවෙනවා. ඒ කියන්නේ කුසෙහි වර්ධනයක් සිදු වෙනවා. ඒත් අද වන විට මේ සිල් ක්‍රමවේදයන්ට වඩා ඉතා නිවැරදි ආකාරයෙන් නිගමන වලට එළඹීම හැකියාවක් ස්කෑන් පරීක්ෂණ මඟින් කරගන්න පුළුවන්. සැබැවින්ම නිවැරදි දරු ප්‍රසූතියක් සිදුවීමට නම් ගර්භණී වීමෙන් පසුව පමණක් නෙවෙයි ගර්භනීය වන අවස්ථාවේදී ද නිවැරදි පෝෂණය කින් යුක්ත ව සිටීම ඉතාම වැදගත්.
එසේම නිවැරදි පෝෂණ මට්ටමකින් සිටින ගර්භනී මවකගේ නිරෝගී හොඳින් වැඩුණු දරු උපතක් බලාපොරොත්තු වීමේ අවශ්‍යතාවයක් තියෙනව. මේ සඳහා BMI අගය එනම් නිවැරදි උසට සරිලන බර මව සතුවීම වැදගත්. මේ සඳහා කාන්තාවක මවක බිරිඳක වීමට පෙර සිටම සූදානම් විය යුතුය. විශේෂයෙන් අද දවසේ ගැහැනු ළමයින්ගේ පෝෂණයට දවසේ ඇයි මවක් වීමේදී නිරෝගී දරුවෙකු බිහි වීම සඳහා අතිශය වැදගත් සාධකයක් බවට පත්වෙනවා.
මව් කුසෙ වැඩෙන කළලයේ වර්ධනය අඩාල වීම සඳහා බලපාන තවත් ප්‍රධානතම කරුණක් වෙන්නේ ලේ මද බව හෙවත් රක්තහීනතාවය මේ සඳහා බලපාන අප ගන්නා ආහාර වල පවතින යකඩ ඌනතාවය. සාමාන්‍යයෙන් මෙරට ජනගහනයෙන් සියයට තිහක් පමණ රක්ත හීනතාවයෙන් පෙළෙනවා. ගර්භණී මවකට රක්තහීනතාව ඇති වීම නිසා මවට මෙන්ම කුසේ වැඩෙන කළලයට ද බලපෑම් රැසක් එල්ල විය හැකියි. හොඳ පෝෂණයක් පැවතියද යකඩ අඩංගු ආහාර අඩුවෙන් ගැනීම නිසා නීරක්තිය ඇති වීමේ අවදානමකුත් තියෙනවා. මේ නිසා ගර්භණී සමය තුළ නිරක්තියෙන් තොරව සිටීමට සැලකිලිමත් විය යුතුයි. ගර්භණි සමය තුල සිදුකරන ලබන හිමොග්ලොබින් පරීක්ෂාව තුළින් නිරක්තිය පවතින්නේදැයි හඳුනාගත හැකිය. එසේ නිරක්තිය පවතින්නේ නම් ආහාර සහ යකඩ පෙති මගින් වෛද්‍ය උපදෙස් මත එම ඌණතාවය මඟ හරවා ගන්න පුළුවන්.
එහෙත් අධික ලෙස යකඩ ඌනතාවයකින් පෙළෙන මවක නම් ඇතැම් විට රුධිරය ලබාදීම පවා සිදුකල යුතුයි. නිරක්තිය නිසා කළලයේ වර්ධනය අවම වීම පමණක් නොව දරුවාගේ මොළය වර්ධනය ද අවම වීම සිදුවෙනවා. එය සුවකළ නොහැකි තත්ත්වයක් බවට පත්වෙනවා. කළලයේ නිවැරදි වර්ධනය සඳහා ගනු ලබන ආහාර රටාව මෙන්ම ආහාර පිළිබඳ සැලකිලිමත් වීම ද අත්‍යඅවශ්‍යයි. සාමාන්‍යයෙන් ප්‍රෝටීන කාබෝහයිඩ්රේට් ලිපිඩ වෙනි කොටස් මනා ලෙස ආහාරයට ගනු ලැබුවද විටමින් ඛනිජ ලවණ වැනි ශුද්‍ර පෝෂක කොටස් පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත්. පෝලික් ඇසිඩ් යනු මෙවැනි පෝෂ කොටසක්. ගැබ් ගැනීමකින් පසුව පමණක් නොව විවාහයෙන් පසු ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙන දින සිටම පෝලික් ඇසිඩ් පෙති භාවිතය වැදගත්.
යම් හෙයකින් මෙම කොටස් ඌනතාවයක් ඇති වුවොත් කලලයේ වර්ධනයට අමතරව ස්නායු පද්ධතියේ ආබාධ තත්ත්වයන් ඇතිවිය හැකියි. එම ආබාධ ජීවිතාන්තය දක්වා වුවද පැවතිය හැකියි. එසේම අයඩීන් ඌනතාවයෙන් තොරවීමද වැදගත්. මීට අමතරව බෝවන රෝගයන් හි බලපෑම ද කළලයේ වර්ධනයට සෘජු ලෙස හේතු වෙන්න පුළුවන්. ඒ නිසා ගර්භනී සමයේ හැකිතාක් බෝවන රෝගයන් ගෙන් වැලකීමට වගබලා ගත යුතුයි. ගර්භණි මවකට රුබෙල්ලා වැළඳීම නිසා ඉතා භයානක ප්‍රතිඵල පල ඇති වනවා. ඇතැම් විට කලල විනාශ වීම මෙන්ම උපත් ආබාධ සහිත දරුවන් පවා බිහි විය හැකියි. ඉන් වැළකීම සඳහා රුබෙල්ලා වැළැක්වීමේ එන්නත සෑම දරුවෙකුටම ලබා ගැනීම අත්‍යවශ්‍යයි.
ඒ ලබාගත යුත්තේ ගර්භණී වීමට පෙර දීමයි. අද වන විට ළදරුවා අවදියෙන් මෙම එන්නත ලබාදීම සිදු වන නිසා ගැටලුවක් ඇතිවන්නේ නැහැ. රුබෙල්ලා පමණක් නොව ඕනෑම බෝවන රෝගය කින් ගර්භණී සමය තුළ බලපෑම් ඇතිවිය හැකියි. මේ නිසාවෙන් සාමාන්‍ය දෛනික ජීවිතයේ මූලික සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රම නිවැරදිව පිළිපැදීම වැදගත්. දුම ද ගර්භණී සමය අහිතකර කලලයේ වර්ධනය බලපෑම් සිදු කරනු ලබන ප්‍රධාන කාරණයක්. මේ විදිහට කුස තුළ වැඩෙන පුංචි පැටව්ගේ වර්ධනයට විවිධ ආකාරය හේතුවෙන් අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒ පිළිබඳව මනා දැනුවත් භාවයෙන් පසුබිම සහ නිරන්තරයෙන් වෛද්‍ය සායනයට සහභාගී වීම වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළි පැදිම අත්‍යවශ්‍යයි.