free stats
  1. බබා පිළිසිඳ ගත්තු මුල්ම මාසේ සුද ගියා. එයින් බබාට හානියක් වෙනවද?

ගැබිනි සමයේ යම් යම් ශ්‍රාවයන් පිටවීම සාමාන්‍යයයි. නමුත් එවැනි යම් ශ්‍රාවයක් පිටවෙද්දි කසනවා නම්, දුර්ගන්ධයක් ඇතිවෙනවා නම් එයින් යම් හානියක් වෙන්න පුලුවන්. ඒ වගේම කැන්ඩිඩා තත්ත්වයක් නම් එයින් හානියක් වෙනවා වගේම මවට අපහසුතාවයක් ඇතිවෙන්නත් පුළුවන්. වෙෙද්‍ය උපදෙස් ගැනීම වඩාත් සුදුසුයි.

  1. බබෙක් බලාපොරොත්තුව ඉන්නේ. මේ දවස්වල බඩ බුරුලට යනවා. ඒ තත්ත්වය ගර්භණී වීමට බාධාවක් ද?

නැහැ. ගැබිනි වීම හා බඩ බුරුලට යාම අතර සම්බන්ධයක් නැහැ.

  1. ඩිම්බ මෝරන්න බෙහෙත් වීදීමේ සාමාන්‍ය ක්‍රියාවලිය මොකද්ද?

සාමාන්‍යයෙන් මෙම ප්‍රතිකාරය ලබාදෙන්නේ ඌණ සාපල්‍යතා ලක්‍ෂණ සහිත මවකට. ඒ නිසා මුලින්ම ඌණ සාපල්‍යතා සායනයකට යන්න. එතනට ගිහින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න. ඒ වගේම මනෝ උපදේශනය සඳහා යොමුවීමත් වැදගත් වෙනවා.

  1. ලූප් එක දාලා අවුරුදු තුනයි. දැන් රිදෙනවා?

ඒ දෙක අතර සම්බන්ධයක් නැහැ. ලූප් එක දාපු අලුතම බඩේ වේදනාවක් ආවා නම් අපිට එහෙම තත්ත්වයක් අනුමාන කරන්න පුළුවන්. නමුත් මේ තත්ත්වයන් දෙක අතර සම්බන්ධයක් නැහැ. නමුත් වෙනත් හේතුවක් නිසා රිදෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා වෛi ප්‍රතිකාර සඳහා යොමු වෙන්න.

  1. සිසේරියන් සැත්කම කළේ අවුරුද්දකට කලින්. දැන් එතන රිදෙනවා ?

විශේෂ හේතුවක් කියන්න අමාරුයි. සමහර විට දිය නොවුණු මැහුමක් ඉතිරි වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. වෛi උපදෙස් සඳහා යොමුවෙන්න.

  1. පිළිසිඳගෙන මාස තුනයි. අලු කෙසෙල් කෑවට කමක් නැද්ද?

කමක් නැහැ. එවැනි ආහාර මඟින් සිරුරට හොඳ පෝෂණයක් ලැබෙනවා. අලු කෙසෙල්වල අගුණ බවක් සඳහන් වෙන්නේ නැහැ. නමුත් සෞඛ්‍යාරක්‍ෂිතව පිසගෙන ආහාරයට ගැනීම වැදගත්.

  1. පළවෙනි බබා සීසේරියන් එකකින් බිහිවුණොත් දෙවනි බබා සාමාන්‍ය ප්‍රසූතියකින්
    බිහිකරන්න බැරිද?

පුළුවන්. කිසිම ගැටළුවක් නැහැ. නමුත් පළවෙනි බබා සිසේරියන් සැත්කමකින් බිහි කරන්න හේත-ුවුණු කරුණ මත එය තීරණය වෙනවා. ඒ අනුව තමයි දෙවනි දරු ප්‍රසූතිය සිසේරියන් ද නැද්ද කියලා හිතන්න වෙන්නේ.

  1. පැලෝපීය නාලය අවහිර වුණු අයටත් මාසයකට වරක් නිවැරදිව ඔසප් චක්‍රය ක්‍රියාත්මක වෙනවද?

ඔව්. ඔසප් චක්‍රයේ සාමාන්‍ය ක්‍රියාවලිය පැහැදිලි කිරීම මඟින් මේ ප්‍රශ්නයට වඩාත් ක්‍රමවත් උත්තරයක් ලබාගන්න පුළුවන්. ඩිම්බයක් මෝරන විට ගැබ් ගැනීම සඳහා ගර්භාෂය අවට වට පිටාව සූදානම් වෙනවා. නමුත් ඩිම්බය පිටවුණත් ශූක්‍රාණුවක් මුණගැහුනේ නැත්නම් ප්‍රසූතියක් සිදුනොවන නිසා අර සූදානම් වුණු ගර්භාෂ බිත්ති ගැලවිලා ඉවත් වෙනවා. ඒ ගර්භාෂ කොටස් තමයි රුධිරය විදියට පිටවෙන්නේ.

  1. ගැබ් ගෙන සති තිස්පහයි. මල පිට කරන්න බැහැ අර්ශස් වගේ රිදෙනවා. ඒ ඇයි ?

මල පිට කිරීමේ අපහසුව ගර්භණී කාලයේ ඇතිවන සංකූලතාවයක්. ඒ නිසා වැඩිපුර පළතුරු වර්ග ආහාරයට ගැනීම සහ වතුර වැඩියෙන් පානය කිරීම වැදගත් වෙනවා. ඒ වගේම කෙඳි සහිත ආහාර වැඩියෙන් ආහාරයට ගැනීමත් සුදුසුයි.

  1. පොසිටිව් කියලා හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ ගැබ් ගැනීමෙන් සති කීයකට පස්සෙ ද ?

මාස 1 1/2 න් දැනගන්න පුළුවන්. සති 6 න් පස්සේ නම් පැහැදිලිව පෙන්වනවා.

සටහන චාපා හංසිනි ආටිගල

සිස්ටර් බස්නායක