free stats

ඉක්මන් දරු පිලිසිද ගැනීමක් බලාපොරොත්තු වන්නේ නම් ඔබගේ සරු කාලය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. එනම් ඩිම්බයක් නිකුත් වන්නේ කවදාද යන්න දැන සිටිය යුතුයි. එම කාලසීමාව තුළ ලිංගික සබදතා පැවැත්වීම ඉක්මන් පිළිසිඳ ගැනීමකට මඟ පාදයි.

නමුත් මෙය ඉතා පීඩනයෙන් කළ යුතු දෙයක් නොවේ. සමහර විටෙක මෙවැනි දෑ සොයා බලා ඒ අනුව කටයුතු කිරීම තුළ ඔබට මානසිකව, කායික පීඩා ඇති වී පිළිසිද ගැනීම තවත් පමා විය හැක. මේ නිසා මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම ලබාගැනීම අත්‍යාවශ්‍ය වුවත් එය පීඩාවක් කර නොගෙන එදිනෙදා ජීවිතය යුවලක් ලෙස සතුටින් රසවත්ව ගත කිරීම හා අවම මානසික පීඩනයක සිටීමද දරු පිළිසිඳ ගැනීමකට අවශ්‍යමය.

පිළිසිඳ ගැනිමකට විය යුතු මුලික අවශ්‍යතා

මසකට වරක් ඩිම්බ කෝෂ වලින් ඩිම්බයක් නිකුත් විම
පිටවන ඩිමිබය පැලෝපීය නාල දිගේ ගර්භාෂයට ගමන් කිරිම.
ලිංගික එකතු විමක් සිදු විම.
පුරුෂයාගෙන් පිටවන ශුකාණු යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල හරහා ගර්භාෂයට ගමන් කර පැලෝපීය නාල කරා ගමන් කිරිම.
ඩිමිබය ශුකාණුවක් සමග එකතු විම.

ඩිම්බයක් නිකුත් වන්නේ කවදාද?

සාමාන්‍ය වශයෙන් ඩිමිබ නිකුත් වන්නේ ආර්තව චක්‍රයේ මැදය. (සාමාන්‍ය දින 28 කට වරක් ආර්තවය සිදුවන කාන්තාවකට) එනම් දින 14 දිය. එසේම අක්‍රමවත් ආර්තවයක් ඇත්නම් ඒ ආසන්න කාල සීමාවකදී වේ.

මුදාහල ඩිම්බයක් කාලය පැය 24 (දින 1) ජීවත් වෙයි
මුදාහල ශුකාණුවක් ජිවත්වන 72 (දින 3) ජීවත් වෙයි.

සරු කාලය වන්නේ

ඩිම්බය සජිවිව සිටින කාලයත් සිරුරට ඇතුළු වන ශුක්‍රාණු ජීවී ඩිම්බයක් හා සංසේචනය වීමට ඉඩ ඇති කාලයයි. ඩිමිබය නිකුත් විමට දින 3 තිබියදී ඇතුල්වු ශුක්‍රාණුවකින් ඩිම්බය සංසේචනය කල හැක.

ඩිම්බය නිකුත්වී පැය 24 ක් තුල ශුකාණු ඇතුල් වු විටත් සංසේචනය සිදුවිය හැක. මේ නිසා සරු කාලය දින කිහිපයකි. පොදුවේ ගත් කල ඔසප් වු දින සිට දින 8 -19 දක්වා කාල පරාසය සරු කාලය ලෙස හඳුන්වනවා. නමුත් එකිනෙකාගේ ආර්තව චක්‍රය අනුව මෙය වෙනස් විය හැක.

ඩිමිබයක් නිකුත්වන දිනය නිවැරදිව සොයා ගැනිමට හැකි ද ?

මේ සඳහා වෙෙද්‍ය විද්‍යාත්මක ක්‍රමය මෙන්ම ,වෙෙද්‍ය විද්‍යාත්මක උපකරණ සහ ස්වාභාවික ක්‍රමවේද ද භාවිතා කරයි.

එම ක්‍රම වලින් එකකට වඩා භාවිතා කිරීම වඩා ප්‍රතිපලදායී ය.

දින ගණන් සෑදීම

සාමාන්‍යයෙන් දින 8- 19 වුවත් ඔබට දින 28 – 30 කට වරක් ආර්තවය සිදුවන්නේ නම් ඒ මධ්‍යයේ දිනය හා දෙපසින් ආසන්න දින කිහිපය වේ. (12, 13, 14, 15, 16)

උෂ්ණත්වය මැනිම

සෑම දිනකම නිශ්චිත වේලාවක (උදෑසන අවදි වු වහාම සුදුසුය) ශරිර උෂ්ණත්වය මැන බලන්න. ඩිමිබ මෝචනය වන දින වන විට මෙම උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් එනම් අංශක එකකින් දෙකකින් පමණ ඉහලට හෝ පහලට යයි. මෙය ප්‍රස්ථාර ගත කිරිමෙන් වඩා හොදින් හඳුනාගත හැකිය.

යෝනි මග ශ්‍රාවයන්

ඩිමිබයක් නිකුත්වන විට යෝනි මගින් ඉතා තුනි පැහැදිලි සෙවල සහිත (අමු බිත්තර සුදු මද වැනි) ශ්‍රාවයක් නිකුත්වේ. ඇගිලි දෙකකින් ස්පර්ශ කල විට ඇදෙන සුළුවේ.

මද වේදනාව

සමහරවිට උදරයේ පහල වම්පස හෝ දකුණු පස වේදනාව
මානසික වෙනස් විම්
මෙම කාල සිමාව තුල ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා කාන්තාවන්ට සතුට දනවන ක්‍රියාශීලි බව දනවන හැගීම් ඇතිවේ. ලිංගික ආශාවන් වැඩිවේ. හැගුම් බර වේ.

ගැබ් ගැනිමේ අවස්ථාව වැඩි කර ගැනිම සදහා

සංසර්ගයන් පසු කලවා යටින් කොට්ටයක් තබා විනාඩි 5 -10 ක් වැතිර සිටින්න.
දිනපතා සංසර්ගයේ යෙදිම අත්‍යාවශ්‍ය නැත. නමුත් එසේ යෙදීමේ වරදක් නො වේ.

ලිහිල් ඇඳුම් අඳින්න.
ශරීරය සිසිල් කරන්න.
නිවැරදි පෝෂණයක් ලබාගන්න.
අධික වෙහෙස වීම් වලින් වලකින්න.
අධික පීඩනයන්ගෙන් ඈත්වන්න.
දින 3 කට වරක් සංසර්ගයේ යෙදීමට උත්සාහ කරන්න.

අන්තර්ජාලය ඇසුරෙන්

සටහන චාපා හංසිනි ආටිගල