free stats

පුංචි පැටියාට තියෙන්නේ සුමුදු සමක්. ඒ නිසාම පැටියා නාවන වේලාවට වතුර නිසා හෝ පැටියාගේ ඇගේ ගල්වන දේවල් නිසා සමට ඉක්මනින් හානියක් සිදුවෙන්න පුළුවන්. අම්මා කෙනෙක් විදියට පැටියාගේ ආරක්‍ෂාව ගැන වැඩියෙන්ම හිතන්න ඕන මෙන්න මේ වගේ අවස්ථාවලදියි. පිරිසිදු වතුර අරගෙන ඒ වතුර ටික නටනකල් රත් කරන පැටියාගේ අම්මා බේසමට වතුර ටික දාන්නේ කීප සැරයක් රස්නෙද කියලා බැලු‍වට පස්සේ. මොකද එයින් පැටියාගේ සිනිදු සමට හානියක් වෙන්න පුලු‍වන්. වැඩිහිටි කෙනෙකුට වගේ පුංචි පැටියාගේ සමට උණුසුම දරාගන්න බෑ. ඒ නිසාම පැටියාව නාවන්න ඕන හොදින් රත් කරලා නිවාගත්තු ජලයෙන් පමණයි.

වතුර ටික බේසමට දැම්මට පස්සේ පැටියා එකපාරම බේසමෙන් තියන්නේ නැහැ. මුලින්ම හොඳින් වතුර නිවුණාම හෙමින් සීරුවේ පැටියාගේ දෙපා පමණක් බේසමෙන් තියලා සෙමින් සෙමින් පැටියාව වතුරෙන් තියන එක වඩාත් ආරක්‍ෂා සහිතයි. මුලින්ම පැටියාගේ ඔලුව නාවලා ඉන් පස්සේ තමයි පැටියාගේ ඇඟ නාවන්නේ. ඔලුව නාවලා ඉවර වුණාට පස්සේ පැටියාගේ හිසේ හොදින් හෙයාර් ඇන්ඩ් බොඩි වොෂ් ගල්වලා හොඳින් පිරි මැදලා සෝදලා පිසදැමිමට පස්සේ පැටියාගේ ඇග නාවන්න පටන්ගන්නවා. පැටියාගේ හිසකෙස් සුමුදු වෙන්න වගේම ශක්තිමත් වෙන්නත් මේ සත්කාරය ඉතාම වැදගත්.

පැටියාගේ ඇගේ ගල්වන්නෙත් හෙයාර් ඇන්ඩ් බොඩි වොෂ් පමණයි. එයින් පැටියාගේ සමට සුමුදු බවක් දැනෙනවා. දැන් හෙයාර් ඇන්ඩ් බොඩ් වොෂ් වෙළඳපලට එන්නේ හිසකෙස්වලට වගේම සමටත් එකම ආකාරයෙන් ගැලපෙන විදියට. මේ නිසාම පැටියාගේ සම පිළිබඳව බියක් ඇතිකරගන්න ඕන නැහැ. අත්ලට බිංදු කිහිපයක් අරගෙන මෘදුව පිරිමැදලා වතුරත් එක්ක මිශ්‍ර කරලා හොඳින් පැටියාගේ සමේ ගල්වන්න පුළුවන්. ඉන් පස්සේ පැටියාගේ සම හොඳින් පිරිමැදලා සෝදලා පිරිසුදු කිරීම වඩාත් සුදුසුයි. ඒ නිසාම පැටියාව නාවන එක අම්මාට පහසුවක්. ඒ වගේම පැටියාටත් දැන් මේ නාන මොහොත හරිම සුන්දර අත්දැකීමක් බවට පත්වෙලා තිබෙන්නේ ඒ නිසයි.