free stats

දවස් කිහිපයක් මහන්සිවෙලා වැඩ කලාට පස්සේ, එහෙමත් නැත්නම් සතියේ වෙහෙසකර දවස් පහකට පස්සේ උදාවෙන සෙනසුරාදා දවසේ, හොඳටම වහින පාන්දර ඉදන්ම සීතල තියෙන දවසේ ටිකක් වැඩිපුර ඇඳට වෙලා ඉන්න ඔබට හිතෙනවා ඇති. ඒක සාමාන්‍යයි. අපිටත් එහෙමයි. නමුත් දිගින් දිගටම මේ තත්ත්වය ඔබ තුළ වර්ධනය වෙනවා නම් ඔබට ඒ පිළිබඳව නැවත වතාවක් හිතලා බලන්න සිදුවෙනවා. ඒ තත්ත්වය වෙනස් කරන්න සූදානම් නොවුණොත් ඔබ පිළිගත්තත් නැතත් දවසක පසුතැවිලි වෙන්න සිදුවෙනවා. ඒක නවත්වන්න බැහැ.

ඉස්සර කාලේ අපේ ගමේ ගොඩේ කියමනක් තිබුණා දවල් වෙනකල් නිදාගන්න ගැහැණු අය සිරියාවන්ත නැහැ කියලා. ඊයේ හවස නිදාගන්න ඇඳපු රෑ ඇඳුම පිටින්ම දවල් වෙනකල්ම ඉන්න ගැහැණු අයටත් ගමේ ගොඩේ කිව්වේ මේ කතාවම තමයි. සිරියාවන්ත වීම හෝ
නොවීම කෙසේ වෙතත් මේ කතාව හා බැඳුනු විද්‍යාත්මක කාරණයක් තියෙනවා. අපිරිසිදු රෑ ඇඳුමක් දවස පුරාම ඇදගෙන හිටියොත් ඔබේ මුහුණේ කුරුළෑ වර්ධනය දෙගුණයකින් වේගවත් වෙනවා. ඒ වගේම දවස් ගණන් සෝදන්නේ නැති රෑ ඇඳුමක් නම් ඔබ අඳින්නේ ඒක ඔබේ හිසේ හිස් හොරි ඇතිවීමට හේතුවක් වෙනවා. ඒ වගේම දවස පුරා සිරුරෙන් වහනය වන දහදිය දුඟදින් ගැලවීමක් ලැබෙන්නෙත් නැහැ.

අපේ ජීවිතයේ මෙන්න මේ වගේ පුංචි දේවල් තමයි දවසක මහා ලොකු සාර්ථක ජීවිතයකට හේතුවක් වෙන්නේ. කතාවට කියනවා නිදාගෙන ඉන්න ඇඳ සකස් කරන්නේ නැති මනුස්සයා කවදාවත් තමන් වෙනුවෙන් ඊටත් වඩා කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා. ඒ තරම්වත් පුංචි දෙයක් කරන්න උවමනාවක් නැති කෙනෙක් කොහොමද ඊට වඩා ලොකු දෙයක් වෙනුවෙන් කැපවෙන්නේ?

ජීවිතය දිනන්න හීන දකින්න කලින් ඔබ කවුද කියලා අඳුනගෙන ඉන්න ඕන කියන්නෙ අන්න ඒකයි

ලෝකයේ ඉන්නවා මිනිස්සු වර්ග දෙකක්. ඒ ජයග්‍රාහකයින් සහ කම්මැලියන්. ඔබ ඉන්නේ ජයග්‍රහකයින්ගේ ගොඩේ නම් ඔබට කම්මැලිකම දැනෙන විදිය වෙනස්. වැඩ කරලා මහන්සි හිතුනාම ඔබ කරන්නේ ඒ කාර්යය මදකට නවත්වන එක. ඊට පස්සේ ඒ කාලය ප්‍රයෝජනවත් වෙනත් දේකට යොදවන එක. එහෙම නොකල දවසට තමන් ගැනම වරදකාරි හැඟීමක් දැනෙනවා. නමුත් ඔබ කම්මැලියෙක් නම් ඔබට ඔබේ කම්මැලිකම ගැන කිසිම හැඟීමක් දැනෙන්නේ නැහැ. ඒක මාරාන්තික තත්ත්වයක්.

කාන්තාවක් විදියට ඔබගේ ජීවිතයේ වගකීම් සහ යුතුකම් රාශියක් තිබෙනවා. විවාහය, ගැබිනියක් වීම, මවක් වීම කියන පදවි තුනක් ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම උදාවෙනවා. විවාහය කියන්නේ බැඳීමක්. පිරිසුදුකම අංක එක. ඔබ පිරිසුදු නැතිනම්, ඇඳේ ඇතිරිලි මාස ගාණක් තිස්සේ ඇද උඩම ගඳ ගසමින් පුස්කද්දි ඔබට කිසිම තැකීමක් නැතිව නිදාගන්න පුළුවන් නම් ඒක ඇත්තටම ප්‍රශ්නයක්. හැබැයි මේ තත්ත්වය සහකරුවාට ප්‍රශ්නයක් නම් දවසක ඔහු ඔබට වඩා හොඳ කෙනෙක් දිහා නිකමට හරි බලන එක නවත්වන්න ඔබට බැරි වෙයි. එදාට කෑගහන එක තේරුමක් නැහැ. දුක්වෙන එක තේරුමක් නැහැ. වරද පිළිගන්න සිදුවෙනවා.

කම්මැලිකම කිකයන වචනය ගූගල් සර්ච් කරලා බලන්න. එහි තේරුම එන්නේ මේ විදියට

ශක්තිය භාවිතා කිරීමට ඇති අකමැත්ත”

අන්න ඒ අප තුළ තියෙන ශක්තිය භාවිත කරන්න ඇතිවන අකමැත්ත ගැන ව්‍යාපාරිකයෙක්, ලියන්නෙක් වගේම දේශකයෙක් වුණු ස්කොට් ජෙෆ්රි කරුණු අටක් පෙන්වා දෙනවා. බලන්න මේ එකක් හරි ඔබට පුරුදුයි ද කියලා.

01 ව්‍යාකූලත්වය

ඔබ ඉන්නේ මේ තත්ත්වයේ නම් ඇතිවන පළමු සිතුවිල්ල “මම මොනවද කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැනේ.” ඔබේ මනස මේ වචන ටික කියන හැමවෙලාවකම ඔබ ඔබේ සෙන්ටර් එක කේන්ද්‍රය හොයාගන්න ඕනේ. ජීවිතේ අරමුණ මතක් කරගන්න ඕනේ. වගකීම් ගැන මතක් කරගන්න ඕනේ. නැත්නම් දිගින් දිගටම ඒ විදියට හිතන්න ගියොත් ඒ සිතුවිල්ල ඔබව අල්ලගන්නවා. ඒක හොඳ දෙයක් නෙවෙයි.

  1. ස්නායු භීතිය

නිතරම හිතෙන්නේ මට බෑ කියන සිතුවිල්ල නම් එයින් ඇඟවෙන්නේ ඔබ ස්නායු භීතියේ ගොඳුරක් වෙලා කියන එකයි. වැඩක් කරන්න තියෙනවා කියලා දැනෙනකොටම අපිට එනවා ලොකු බයක්. ලොක-ු අරමුණක් වෙනුවෙන් වැඩ කරනකොටත් මේ බය එනවා. ඒක සාමාන්‍යයි. නමුත් ගෙදර දොරේ පුංචි පුංචි වැඩ කරන්න තියෙන වෙලාවටත් මේ වගේ බයක් දැනෙනවා නම් ඒක ගැටළුවක්. මේ නියුරොටික් ෆීල් තත්ත්වයෙන් එන කම්මැලිකම අපිව ගල්කරනවා. එයින් මිදෙන්න නම් අපි ඒ තත්ත්වය පිළිගත යුතුයි. එයින් මිදෙන්න අවශ්‍ය පියවර ගතයුත්තේ ඊට පස්සේ. නමුත් ඔබ බය නිසානම් පියවර ගන්නේ ඒක බියගුළුකම, ඔබ ඒ බයත් එක්කම නම් පියවර ගන්නේ ඒ නොනැසි පවතින්නට ඔබට තිබෙන අවශ්‍යතාවය. මෙහෙම කියන්නේ ්‍යදඅ එද ඉැ ්බ ්ාමකඑ පොත ලියපු ඩේවිඩ් රිකෝ කියන මනෝ වෛiවරයා.

  1. ස්ථාවර මනෝ ගතිය

මිනිස්සු මම මෝඩයෙක් කියලා හිතයි. හැමදාම ගෙදර වැඩ කරනකොට එයාට මාව වැඩකාරයෙක් වගේ පෙනෙයි”

කියලා හිතලා වැඩ නොකර ඉන්න එක තමයි මේ නමින් හඳුන්වනේ. ඔබට තියෙන්නේ ස්ථාවර මානසිකත්වයක්. යමක් කරලා ඒ වැඩේ අසාර්ථක වුණොත් ඔබේ නොකැලැල් බුද්ධියට එයින් හානියක් වෙයි කියලා හිතනවා. දැන් ඔබ එතනින් මිදිලා වර්ධන මානසිකත්වයට එන්න. හැකියාව, බුද්ධිය සහ අධ්‍යාපනය කියන්නේ ඔබ උපතින් අරන් එන දෙයක් නෙවෙයි. එය වැරදීම, බිද වැටීම, අත්දැකීම් එක්ක එන දෙයක්. දවසින් දවස වර්ධනය වන දෙයක්. ඔබේ මොළයට වඩා ලෝකය ගොඩක් විශාලයි. ඒ නිසා මොළය ඇතුලේ ගුලි වෙලා ඉන්නේ නැතිව එළියට එන්න.

  1. උනන්දුව නැතිකම

නිවසේ වැඩ කටයුතු තිබෙන බව දන්නවා. කාර්යාලයේ වැඩ කටයුතු තිබෙන බවත් දන්නවා. නමුත් ඒ කිසිම දෙයක් ඉවර කරන්න උනන්දුවක් නැහැ. ගොඩ ගැසුණු රෙදි කන්ද පෙනි පෙනි ජංගම දුරකථනය ඔබන්න ඔබට පුළුවන්. නමුත් ඒ වැඩේ ඉවර කරලා දාන්න උවමනාවක් නැහැ. අඩුම වශයෙන් ඒක ඉවර කරන්න ඔබට බැරි නම් ලොන්ඩි්‍ර දාන්න, වොෂින් මැෂින් එක භාවිත කරන්න, දවස ගානේ කොටස කොටස සෝදන්න මේ ඕනම ක්‍රමයකින් පහසුවෙන් ඒ කටයුත්ත අවසාන කරන්න පුළුවන්. නමුත් ඊට වඩා ෆෝන් එක ඔබන එක, අවේලාවේ නිදාගන්න එක ඔබට වැදගත්. ඇස් දෙක පියාගෙන හොඳ ගැඹුරු හුස්මක් ගන්න, නිදාගන්න, මහන්සි නම් විවේක ගන්න, ඊට පස්සේ එක ගැම්මෙන් වැඩේ ඉවර කරලා දාන්න. අවසානයි. දැන් හොඳ හුස්මක් අරන් පුටුවට වෙලා විවේකයෙන් ඉන්න.

  1. උදාසීන බව / නොසැලකිල්ල

මම කිසිවක් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැති කෙනෙක්. එක අතකට උදාසීනත්වය කියන්නෙ මානික අවපීඩනයේ වොයිස් එක කියලා කියන්නත් පුළුවන්. නමුත් සාර්ථක මිනිස්සුන්ට මේක දැනෙන්නෙ නැහැ. එයාලා නොදැනුවත්වම ඒ තත්ත්වයෙන් මිදෙනවා. එයාලා ඒකම ආයුධයක් කරගන්නවා. නමුත් ඇත්තටම උදාසීන මිනිස්සු මානසික අවපීඩනය එක්ක විතරක් සටන් කරලා ඒ අවපීඩනයේම ගොඳුරක් බවට පත්වෙනවා.

  1. කණගාටුව

ජීවිතය ගැන කණගාටු වෙන්න පටන්ගන්න තැනම ඔබට ඔබව අහිමි වෙනවා. උවමනාවට වඩා බලපොරොත්තු වෙන්න එපා. සාර්ථක මිනිස්සුන්ගේ ජීවිතත් කණපිට හැරෙනවා. ඉන්න තැන ඉදලා පටන් ගන්න. සැමියාගේ වගකීම්, දරුවන්ගේ වගකීම්, වෘත්තීය ජීවිතය. ඔව් ඒක ඔබේ තේරිමක්. වෘත්තීය හා මූල්‍ය ස්ථාවරත්වය ගැන අදහසක් නැතිව ඔබ විවාහ වුණානම් සූදානමක් නැතිව මවක් වුණානම් ඔබට දැන් මේ වගකීම් අතාරින්න බැහැ. කණගාටුවට තිත තියලා මේ ඉන්න තැනින් පටන්ගන්න.

  1. අනන්‍යතාවය

මෙතැනදි ඔබ කම්මැලියෙක් බව දන්නවා. ඔබට දැනෙන දේ පිළිගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔහේ ඉන්නවා. ඕන ඕන වෙලාවට කම්මැලි කියන්න පුළුවන්. නමුත් එයින් ඔබ කම්මැලියෙක් කියලා අදහස් වෙන්නේ නැහැ.

  1. ලැජ්ජාව

මේක හොඳ පැත්තටත් බලපාන තත්ත්වයක්. හැබැයි ඔබේ මනසට එන කම්මැලිකම කියන ලැජ්ජාව නිසා ඔබ හිරවෙලා ඉන්නවා වෙන්න ඇති. ඒක නරකක් නෙවෙයි. අපි හැමෝටම කම්මැලි හිතෙන දේවල් තියෙනවා.

දැන් ඔබ කම්මැලිකම ගැන දන්නවා. මේකට ප්‍රධානම හේතුව නොමඟ යැවීමක්. නිකන් හිතන්න අපි වැඩක ඉන්නකොට වට්සප් මැසේජ් එකක් එනවා. ඒකට පිළිතුරු දෙනවා. ඊට පස්සේ වෙන මොකක් හරි ඇප් එකක් ඕපන් කරනවා. ඔබට විනාඩි තිහ හතලිහක් ගත වෙනවා තේරෙන්නේ නැහැ. ෆේස් බුක් එකේ අපි කැමති වීඩියෝවක් දැක්කොත් අපි ඒක බලනවා. ඒ වගේ තව වීඩියෝ සජෙස්ට් වෙනවා. අපි ඒවත් බලනවා. කාලය යනවා දන්නේ නැහැ.

මේක උගුලක්. ඔබ අහුවෙන්න එපා. මේක අපේ අවුලක් නෙවෙයි. අපි කැමති දේ සමාජ මාධ්‍යය දීලා අපිව අල්ලනවා. මේ වෙලාවේ ඔබේ ජීවිතය යන්නේ Auto. ඔබෙන් පාලනය ගිලිහෙනවා. අන්න ඒ නිසා තමයි සාර්ථක මිනිස්සු ඒ තත්ත්වය පාලනය කරන්නේ.

මම මේ වැඩේ ඉවර කරලා තමයි අනිත් දේට හිත යොමු කරනවා.”

මේකට කියන්නේ විනය කියලා.

අන්න ඒ විනය ඔබ තුළ ගොඩනඟා ගන්න. කම්මැලිකම මේ විදියට පරාජයට පත්කරන්න

  1. ලොකු වැඩ පොඩි කොටස්වලට කඩාගන්න

අපි වැඩ මඟාරින්නේ ඒ වැඩ ලොකු- නිසා. ඒ නිසා ඒවා පුංචි කොටස්වලට පත් කරන්න. වැඩි මහන්සියක් නෑ, කාලය ගතවෙන්නේ නැහැ. පොඩි මෝටිවේෂන් එකකුත් ලැබෙනවා. ඒ මෝටිවේෂන් එක ඉතිරි කුඩා කොටස් අවසාන කරන්න හොඳ හේතුවක් වෙනවා.

  1. Visualize කරන්න

අපි ඒ කටයුත්ත කරන විදිය නිතර මෙනෙහි කරන්න. ඒ කටයුත්ත අවසාන කළාම අනිත් අය ඔබට ප්‍රශංසා කරන හැටි හිතෙන් මවන්න. වැඩේ ඉවර වුණාම තමන්ටම පුංචි තෑග්ගක් දීලා තමන්වම අගය කරගන්න. අනුන් ඔබව අගය කරනවාට වඩා ඒක හරිම සුන්දරයි.

  1. ප්‍රතිලාභ ගැන හිතන්න

මානසික නිදහස තමයි ලොකුම ප්‍රතිලාභය. ඒ සඳහා තිබෙන දුෂ්කරතා ගැන හිතන්න එපා. එය ඔබව අධෛර්යමත් කරනවා. ඒ නිසා වැඩක් අවසානයේ ලැබෙන ප්‍රතිලාභ ගැන විතරක් හිතන්න.

  1. කරන්න ඕන වැඩේ නොකලොත් ලැබෙන ප්‍රතිවිපාක ගැන හිතන්න

ඔබ කම්මැලිකමට ඉඩ දුන්නොත් පරාජයට පත්වෙන්නෙ ඔබමයි. වැඩ ගොඩගැහෙන්නේ ඔබටමයි. එයින් වැඩ වැඩිවෙලා ඔබව ආතතියට පත්වෙනවා. මේක වඩාත් සිදුවෙන්නේ ඔබේ වෘත්තීය ජීවිතයේ. ඒ නිසා එදට නියමිත වැඩවල ලයිස්තුවක් හදාගන්න. ඒ එකින් එක අවසාන කරන්න. අවසාන කරන හැම වැඩකටම ටික් මාර්ක් එකක් දෙන්න. කාලයත් එක්ක කිසිම ගැටළුවක් නැතිව මුළු ලයිස්තුවම අවසන් කරන්න ඔබට පුළුවන් වෙයි.

  1. එක වතාවකට එක වැඩක් කරන්න

කතාවට කියනවා නේ දොඩම් ගෙඩි සේරම බදාගන්න ගියාම එකක්වත් නෑ කියලා. ඒ නිසා වතාවකට එකක් කරන්න. ඒක ඉවර කරලා තවත් එකකට යන්න. නැත්නම් ඔබට අහිමි වෙන්නේ ඔබේ මානසික නිදහස විතරයි.

  1. වැඩ කල්දාන එක නවත්වන්න

අද තියෙන දේ අදම කරන්න. ඔබ ඔබටම බොරු කරන එක නවත්වන්න ඔබට පුළුවන් නම් කිසිම ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ. කම්මැලි මිනිස්සු වැඩවලට ලේසි උපක්‍රම හොයාගන්නවා කියලා බිල් ගේට්ස් ත් කියලා තියෙනවා. හැබැයි ඒක හැම තැනටම අදාල නෑ. අන්තිම මොහොතේ ඒ වැඩේ සාර්ථකව කරන්න ඔබට පුළුවන් නම් කලින් කලොත් ඒ වැඩේ මොනතරම් සාර්ථක වෙයි ද හිතලා බලන්න.

ජීවිතය සාර්ථක කරගන්න කලින් පුංචි පුංචි අතපසුවීම හදාගන්න. පවුලක් ඇතුලේ ජීවත් වෙන්න, වගකීම් නොපිරිහෙලා ඉටුකරන්න මානසිකව සූදානම් වෙන්න. ඔබ සාර්ථක වුණොත් එහි සතුට අයිති ඔබට.

අත්විදින්න……….. නිදහසේ ඉගිලෙන්න…………….

විශේෂ ස්තුතිය
ජීනු ධර්මකීර්ති ට

සටහන චාපා හංසිනි ආටිගල