free stats

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් විදියට ඔබ මොනතරම් පරිස්සම් වුණාද තියලා ඔබට මතක ඇති. කන්න මොනතරම් ආස කරන කෑමක් වුණත් කන්න කලින් දෙපාරක් හිතුවා. හයියෙන් ඇවිද්දේ නැහැ. හිරට ඇදුම් ඇන්දේ නැහැ. ඒ ලැබෙන්න ඉන්න දරු පැටියාගේ ආරක්ෂාව වෙනුවෙන්. අන්න ඒ වගේම දරු පැටියා ලැබුණට පස්සෙත් අම්මා කෙනෙක් විදියට තමන් ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. දරු ප්‍රසුතියෙන් පසුව ප්‍රවේසම් නොවීම යම් යම් ගැටලු ඇතිවීමට හේතුවක්. නිවසේ වෙසෙන අනෙක් අය පවා දරුවන් ලද මවක් පිළිබඳව වෙහෙස වන්නේ සොයා බලන්නේ අන්න ඒ නිසයි.

ප්‍රසුතියෙන් පසුව කාන්තාවකගේ දෛනික ක්‍රියාපිළිවෙලහි හෝ ආහාර පාන ගැනිමෙහි විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් හොදින් වතුර පානයකිරීම නම් අත්‍යාවශ්‍ය වනවා. බටහිර රටවල නම් මව්වරුන් ඔනෑම දෙයක් ආහාරයට ගන්නවා. එයින් ඔවුන්ට ලෙඩ රෝග වැදෙන්නේ නැහැ. ආහාර වර්ග පිලිබදව බිය වීමට අවශ්‍ය නැත්තත් සෙම් රෝග බහුල කෙනෙක් නම් සෙම ඇතිවීමට හේතුවන ශීත ගුණයෙන් යුතු ආහාර ගැනීමෙන් වැලකීම වඩාත් සුදුසුයි. මේ හැරුණු විට ආසාත්මිකතා ඇති වේ යයි සැක සහිත ආහාර වේ නම් ඒවායි වැලකීමත් වඩාත් සුදුසු වනවා.

සෑම මවක්ම පිරිසිදුව සිටීම අත්‍යාවශ්‍ය කරුණක්. දරුවකු ලැබුණු පසු ් පිරිසිදුව සිටීමෙන් ඇය මෙන්ම කුඩා බිළිදාද විශබීජවලට නිරාවරණය වීම වලක්වා ගන්න පුලු‍වන්. මේ නිසාම ප්‍රසූතියෙන් පසු දින සිට ස්නානය කිරීමේ වරදක් නැහැ. සිසේරියන් සැත්කමට මුහුණ දුන් කාන්තාවක් වුවත් දින දෙකකට පමණ පසු ස්නානය කිරීම සුදුසුයි. එයින් තුවාල පැසවීමක් හෝ වෙනත් ගැටලු‍වක් මතුවන්නේ නැහැ. නමුත් සෙම ගතියක් ඇතිවන්නට ඉඩ තිබෙන නිසා උදෑසන දහයත් දොළහත් අතර වේලාවක නෑම වඩාත් හොදයි.

සමහර මව්ව්වරුන් නෑමෙන් පසුව තුවාල පැසවීමක් වේයයි සිතා ඇග සෙව්දිමක්වත් කරන්නේ නැහැ. ඇග සේදුවත් මැහුම් තුවාල ඇති තැන් සේදීමට හෝ පිරිසිදු කිරිමට බියක් දක්වනවා. එහෙත් නිසිලෙස පිරිසිදු නොකිරීම විශබිජ ඇතිවීමට හේතුවක්. මේ නිස දිනපතා ස්නානය නොකලත් දිනපතා ඇග සේදීම අත්‍යාවශ්‍යයි. එයින් පසුව එම තැන් හොදින් තෙත මාත්තු කර තැබිය යුතුයි. එවිට පැසවීමක් සිදුවන්නේ නැහැ.

මේ කාල සීමාවේදි බර වැඩ කිරීම නම් සුදුසු නැහැ. දරුවා ලැබී මාස තුනක කාලයක් වනතුරු බර එසවීම හෝ බර වැඩවල යෙදීම නොකලයුතු බව වෛද්‍ය මතය වනවා. නමුත් ඇවිදීම අහිතකර නැහැ. ඒ වගේම ස්භාවික ප්‍රසූතිය වුවත් සිසේරියන් සැත්කමට භාජනය වුණු කානතාවක් වුණත් මාස එකහමාරක පමණ වනතුරු උදරය අඩුකරගැනීමේ සාමාන්‍ය ව්‍යායාම කරන්නට පුලු‍වන්. නමුත් එවැනි සරල ව්‍යායාම කරන්නට පෙර වෛද්‍ය උපදෙස් ගැනීම අනිවාර්යයි.

මෙලෙස ප්‍රසූතියෙන් පසු උදරය නෙරා ඒ යැයි බියවන මව්වරුන් එය වලක්වා ගැනීමට ගාර්ඩල් නම් උදරය අඩු කරන පැලදුම භාවිත කිරිමට සිතනවා. නමුත් එවැනි පැලදුම් හෝ ඇදුම් වර්ග ඇදීම එතරම් සුදුසු නැහැ. පසුවට ඇතිවන වෙනත් සංකූලතා වලක්වා ගන්නට එය වඩාත් වැදගත් වනවා.

පිරිසිදු ඇදුම් ඇදීම අනෙක් වැදගත් ම කාරණයයි. යට ඇදුම් වර්ග පිලිබදව විශේෂ අවධානයක් අවශ්‍ය වන්නේ මේ කාලයේදියි. යට ඇදුම් සබන් ඉවත් වනතුරු හොදින් සෝදාගත යුතු වනවා. ඒ වගේම හොදින් වේලා පිරිසුදුව පරිහරණය කල යුතුයි. සනීපාරක්ශක තුවා වුවත් දීර්ඝ වේලාවක් ඇදගෙන සිටිම සුදුසු නැහැ. ඒවා නිතර මාරු කරමින් ඇදීම කල යුතුයි. දිනපතා පිරිසිදුව සිටිමෙන් විශබීජ ආසාදන වලක්වාගන්න පුලු‍වන්.

ප්‍රසූතියෙන් පසු පෝශ්‍යදායි ආහාර වෙලකට හුරුවීම මවට මෙන්ම දරුවාටද එකසේ බලපානවා. මව් කිරි දීමට මෙන්ම ප්‍රසූතියෙන් වැයවූ ශක්තිය නැවත ලබා ගැනීමට උදව්වන්නේ මෙලෙස ලබාගන්නා කෑම වේලයි. එලවලු‍ පලතුරු මස් මාංශ මෙන්ම කිරි ආහාරත් මෙකල එක සේ වැදගත්. තැම්බුම් හොදි වර්ග ගැනීමේ වරදක් නැතත් සමබල ආහාර වේලකට වැඩි අවදානයක් යොමු කල යුතුයි.

මවට මේ දිනවල විවේකය අවශ්‍ය වුණත් ඇදටම වී සිටීම නම් නුවණට හුරු නැහැ. මේ කාලයේදි දරුවාගේ කටයුතු කරන අතරම පහසුව පරිදි නිවසේ අනෙකුත් දෙයට සම්බන්ධ වීම වැදගත් වනවා. ඒ වගේම ව්‍යායාමයක් ලෙස නිතර ඇවිදීම කලයුතුයි. එවිට ගර්භාශයේ එකතුවන රුධිරය පිටවීමක් සිදුවනවා. නැත්නම් ඒවා එකතු වී පැසවන්නට පුලු‍වන්. මෙය අධික උණ ඇතිවීමට හේතුවක්. එසේම හොදින් පිරිසිදු ජලය පානය කිරීම මගින් මුත්‍රා ආසාදන වලක්වා ගන්නත් පුලු‍වන්.

උපදෙස්
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
ආර්.එන්.ජි.රාජපක්ෂ

සටහන මංජුලා මල්කාන්ති