free stats

මුල්වර පිළිසිඳ ගත් බව දැනගත් විට සිත මනා සතුටකින් පිරි ඉතිරි යයි. විවාපත්ව ටික කලක් ගිය විට පිලිසිඳ ගැනීම් හා පෙරමඟ සළකුණු ගැන විමසිලිමත් වීම කාගේත් සිරිතය. දරුවෙකු පිළිසිඳ ගත්තත් ඇතැම් යුවතියන්ට ඒ ගැන පෙරමඟ සළකුණු වේලාසන නොදන්නට ඉඩ තිබෙයි. එහෙත් දැන් දැන් දරුවෙකු පිළිසිඳ ගත්විට ඒ බව වෛද්‍යවරයෙකු වෙත යාමටත් පෙර සිටම දැන ගැනීමට හැකි උපකරණ කට්ටල වෙළඳ පලේ තිබේ. මෙම උපකරණ කට්ටල ගත යුත්තේ ඔසප් වීම නතර වු දිනයේ සිටය.

පිළිසිඳ ගැනීමත් සිදු වූ විට ඔබගේ ශරීරයෙන් හියුමන් කොරියොනික් ගොනඩොට්‍රොපින් නම් හෝමෝනය පිට වෙයි. මෙම හෝමෝනය බහුලව පිටවන්නේ උදෑසනය. එබැවින් උදෑසන මුල්ම මුත්‍ර මෙම පරීක්ෂණ කට්ටලය යොදාගෙන පරීක්ෂා කිරීමෙන් ගැබ්ගෙන ඇත්ද යන සුඛ ආරංචිය ඔබට් ලබා ගත හැකිය. එහෙත් මෙම පරීක්ෂණ වලද නොමඟ යැවෙන අවස්ථා නැතුවා නොවේ. එසේ වන්නේ ඇතැම් විට උපකරණයේ ප්‍රතිඵල සටහන් වීමට තරම් හෝමෝන ප්‍රමාණයක් සාධක නොවුනහොත්ය.

ඔබගේ ඔසප් වීම තවත් සතියකින් සිදු නොවුන හොත් නැවත එම පරීක්ෂණය සිදුකරන්න, එසේම ගැබ් ගැනීමක් නොවන අවස්ථාවකදී, ගැබ් ගැනීමක් ලෙස සාවද්‍ය වාර්තාවක් ලැබීමටද ඉඩ තිබේ. එයට හේතුව (Hydatiform Mole) තත්ත්වයකි.

වෛද්‍ය සහය

නිවසේ දී කළ පරීක්ෂණ ගැන ඔබ සෑහීමකට පත් නොවන්නේ නම්, නිශ්චිත පරීක්ෂණයක් කර ගැනීම සඳහා වෛද්‍යවරු, රෝහල්, ක්ලිනික් සහ නොයෙකුත් වෛද්‍ය සේවාවන්ගේ සේවාවන් ලබාගත හැක. ඔබ නිවසේදී කරනු ලබන පරීක්ෂණයම කළ ද, ඒ සම්බන්ධ පුහුණුව ලැබූ වෘත්තිකයන්ගෙන් ලබා ගන්නා වාර්තා වඩාත් නිවැරදි වේ. ඇතැම් විට ඔබේ ලේ දහරාවේ ඇති නියත HCG ප්‍රමාණය මැනගැනීම සඳහා ලේ පරීක්‍ෂණයක් ද කරන්නට ඉඩ ඇත. ගැබිණි කාලසීමාව පුරාවට මෙම HCG ප්‍රමාණ වෙනස්වන නිසා ගැබ් ගැනීමට අදාල දින නිශ්චිතවම තීරණය කිරීම සඳහා මෙම පරීක්ෂණ ඉවහල් වේ.

ඔබ ගැබ්ගෙන මාසයක් දෙකක් ගත වු විට, ඔබේ උදරය ස්පර්ශකර පිරික්සීමෙන් ඔබේ ගැබිණි තත්ත්වය ගැන පැවසීමට වෛද්‍යවරයාට හැකියාව තිබේ. ගර්භාෂය

තරමක් උඩට ඉස්සී ඇති බවකුත්, තරමක් විශාල වී ඇති බවක් සාමාන්‍ය තත්ත්වයට වඩා මෘදු බවක් ද දැනෙන්නට පටත් ගනු ඇත.

ගැබිණි බව සහතික වූ ප්‍රතිඵල

ඔබ ගැබ් ගෙන සිටින බවට ස්ථිරව සහතික කෙරෙන වාර්තාවක් ලැබුනු විගස ඔබේ වෛද්‍යවරයා හමුවන්න. එවිට ඔහු හෝ ඇය ඔබේ දරුවා ප්‍රසූතිය දක්වා අවශය සියලු දේ රිසි පරිද්දෙන් සිදුකර ගැනීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම සිදුකරනු ඇත.

දරුවා නිරෝගීව වැඩෙන බව තහවුරු කර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ, ඔබේ දින චර්යාවේ ඔබ කළ යුතු වෙනස්කම්, ඔබේ. ආහාර සැකසුම, ව්‍යායාම යනාදි සෑම දෙයක්ම පිළිබඳව ඔබට අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා විසින් ලබා දෙනු ඇත.

ඔබේ ගැබ් ගැනීම සැලසුම් කරන ලද්දක් නොවේ නම්, ඔබ ගැනත් ඔබේ උපදිත්ත සිටින බිළිඳාගෙත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට කාලය මෙයයි.

දරු ප්‍රසූති දිනය

ඔබේ අවසාන ඔසප්වීමේ පළමු දිනය ඉහළින් ඇති අංක පේළියේ සටහන් කරන්න. දෙවැනි පේළියේ ඊට ඉහළින් දුක්වෙන්නේ ඔබේ අපේක්ෂිත ප්‍රසූති දිනයයි.

කෙසේ වෙතත් නිශ්චිතවම නියමිත දිනට දරුවන් උපත ලබන්නේ සියයට පහක් පමණක් බව මතක තබා ගන්න.

ඔබේ අපේක්ෂිත දිනයට සති දෙකකට කලින් හෝ සති දෙකක් පමාවී දරු ප්‍රසූතිය ස්ථිරවම සිදුවන බව සිතාගැනීම වඩාත් හොදය.

නිවුන් දරුවන් වැඩිහරියක්ම උපදින්නේ නියමිත දිනට කලින්ය.

ගැබිණි බව පවසන පූර්ව සංඥා

විඩාබර බව

දරුවාගේ ප්‍රධාන අවයව සහ වැදෑමහ ආදිය සඳහා මවගේ ශක්තිය යෙදවෙන නිසා මවට දැඩි විඩා බවක් දැනෙයි.

අහාර අප්‍රියතාව

ගැබිණියකගේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම් නිසා මුල් ගැබිණි අවධියේ දී ආහාර අප්‍රියතාවක් ඇති කිරීමට ඉඩ ඇත.

සංවේදී බව

හෝමෝන වෙනස්වීම නිසා ගඳ-සුවඳ පිළිබඳ තියුණු සංවේදී බවක් ඇති විය හැකිය. දුම්වැටි දුම හෝ කෑම පිසින විට ඇතිවන සුවද වුවද ඔබ තුළ අප්‍රිය බවක්, අසනීප ගතියක් ඇති කළ හැක.

පියයුරු වෙනස්වීම

ප්‍රොජෙස්ටෙරොන් (Progesterone)මට්ටම ඉහළයාම මගින් පියයුරු බර වීම, තදවීම සහ මෘදු වීමක් වැනි කිරි නිපදවීමට පියයුරු සුදානම් වන ලක්ෂණ ඇතිවන අතර, තන පුඩු තරමක් තද පැහැයට හැරෙයි.

නිතර මුත්‍ර බර ඇතිවීම

ගැබිණි හෝමෝන විශේෂයෙන් Relaxin හෝමෝනය, ගර්භාෂයේ ඇතුළු ඔබේ සියලුම මාංශ පේශි ලිහිල් කරවයි. වකුගඩු හරහා ලේ ධාවනය වැඩිවීම නිසා මුත්‍ර නිපදවීම වැඩිවේ. ඔබේ පටක සහ අවයවයන් වල ක්‍රියාකරීත්වය වැඩිවීම නිසා ඔබේ සිරුර තුළ ද්‍රාවන වර්ග බහුලව ඇති වේ.

ගැබිණි රෝගී තත්ත්වයන්

HCG (Human chorionic gonadotropin) අගය ඉහළ යාම, ආහාර ජීර්ණ පද්ධතියේ පේශි ඉහිල්වීම, ආමාශයේ ඇසිඩ් වැඩිවීම සහ ගඳ – සුවඳ කෙරෙහි අධිසංවේදී වීම නිසා ඔක්කාරය (බඩ දගලිල්ල) සහ වමතය ඇති කරවයි.

යෝනි ශ්‍රාවයන් වැඩිවීම හෝමෝන වෙනස් වීම නිසා යෝනි මාර්ගයෙන් පහවන ශ්‍රාවයන් වැඩිවීමක් ඇති වේ.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

PREGNANCY –

THE COMPLETE GUIDE FROM PLANNING TO BIRTH

කෘතියෙන් උපුටා ගන්නා ලදී.