free stats


ඒ නිසා අලුත උපන් කිරි කැටියන්ට බහුලව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු ගැන දැන ගනිමු…

විශේෂඥ වෛද්‍ය පුණ්‍යානී බන්ධුතිලක මහත්මිය

අලුත උපන් කිරි කැටියට බහුලව ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳව ඔබ දැනුවත් වී සිටීම ඉතා වැදගත්. එම ගැටලුව ගැන සාකච්ඡා කරන්නට අප හමු වුණේ විශේෂඥ වෛද්‍ය පුණ්‍යානී බන්ධුතිලක මහත්මිය යි. ඇය කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥවරිය. අලුත උපන් කිරි කැටියෙකුට ඇති විය හැකි සෞඛ්‍යමය ගැට`ඵ රාශීයක් පවතිනවා.

ඒවා විසඳා ගන්නට මව්වරුන් දැනුවත්වී තිබීම බොහෝ සේ ප්‍රයෝජනවත් බව වෛද්‍යතුමිය අපට කියා සිටියා. එයට ප්‍රධානතම හේතුව වන්නේ බිළිඳකු මුල් මාස හයේදී පෝෂණය වන්නේ මව්කිරෙන් පමණක් වීම නිසා බවත් ඇය පහදා දුන්නා.

රතු බිබිලි ඇතිවීම

දරුවා ඉපිද දින දෙකත් පහත් අතර කාලය තුළ මෙම රතු බිබිලි හට ගැනීමේ හැකියාව පවතිනවා. ඒවා සති දෙකක් පමණ යන විට සුව වීම දැක ගත හැකියි. සමාන්‍යයෙන් මෙවන් තත්ත්වයක් ඇතිවූ විටදී ප්‍රතිකාර කිරීම අවශ්‍ය වන්නේ නැහැ.

එහෙත් ඇතැම් අවස්ථාවල මෙම බිබිලි සැරව බිබිලි බවට පත් වීමට ඉඩ තිබෙනවා. සැරව බිබිලි ඇතිවී ඒවා දින දෙකකට වඩා පවතින්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු විය යුතුයි. බොහෝ මව්වරුන් දරුවන්ගේ සිරුරේ රතු බිබිලි ඇති වූ විට රත කල්ක පෙවීම වැනි ක්‍රියා සිදු කරන අතර, එසේ කිරීම සුදුසු නොවේ.

ඇස්වල හා සමේ කහ ගතිය

අලුත උපන් බිළිඳුන්ගේ දැකිය හැකි සුලබ කාරණයක් ලෙස මෙය පෙන්වාදිය හැකියි. සාමාන්‍යයෙන් මෙවන් තත්ත්වයක් හට ගන්නේ දරුවා ඉපිද දින දෙකක් හෝ හතරත් අතර කාලයේදීයි. ප්‍රධාන වශයෙන් හේතුවන්නේ බිළිඳු අක්මාව තවමත් පරිනත වී නොතිබීම අතර, එනිසාවෙන් රතු රුධිරාණූ බිඳීමෙන් ඇතිවන බ්ල්රුබින් රුධිරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇහිරි යයි. බිළිඳු රුධිරයේ බ්ලිරූබින් ප්‍රමාණය ඉහළ අගයක් ගැනීම බිළිඳාට විවිධ ගැට`ඵ ඇති කිරීමට හේතුවනවා. බිළිඳු රුධිරයේ බ්ලිරූබින් ප්‍රමාණය ඉහළ අගයක් ගන්නේ නම් රෝහල් ගත කර ප්‍රතිකාර කිරීම කළ යුතුයි. එහිදී ප්‍රතිකාර වශයෙන් දරුවා නිල් එළියට ඇල්ලීම

කරනු ලබනවා..

නිතරම මළ පහ පිටිවීම

මව්කිරි බොන නිරෝගී දරුවන් දිනකට දහ වතාවක් හෝ දොළොස් වතාවක් සු`ඵ වශයෙන් මළ පහ කිරීම සාමාන්‍ය තත්ත්වයක්. එහෙත් දරුවා පිට කරන මළ පහ මැටි වැනි සුදු පැහැයක් ගනීි නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.

ඇස්වලින් කඳු`ඵ පිටවීම

මෙම තත්ත්වයද අලුත උපන් දරුවන් තුළින් සුලබව දැකිය හැකි කාරණයකි. ඇසත්, නාසයත් අතර පවතින සියුම් නාලවල ඇතිවන අවහිර වීමක් නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවන අතර, බෙහෙත් ගැල්වීම අවශ්‍ය නොවේ. ඇස මුල දිනපතා මුදු ලෙස මසාඡ් කිරීමෙන් තත්ත්වය මඟ හරවා ගත හැකය.

පෙකණිවැල තෙත්වීම හා මස් වැදැල්ලක් ඇතිවීම


මෙයද බහුලව දැකිය හැකි තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකි අතර, මෙවන් තත්ත්වයකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුමයි. එය වළක්වා ගැනීමට නම් මව්වරුන් කළ යුත්තේ, පෙකණිවැල වැටුනු පසු සර්ජිකල් ස්ප්‍රීතු ස්වල්පයක් පු`ඵන් කැබැල්ලකින් පෙකණිය පිස දැමිය හැක. එය බිළිඳා නෑවීමෙන් පසුව කළ හැකිය.

හිසේ ඇතිවන ඉදිමුම

මෙවන් තත්ත්වයක් ඇතිවන්නේ ඉතා අපහසු ප්‍රසව තත්ත්වයකින් පසු බිහිවූ දරුවන්ටයි. හිස් කබලට පිටින්, සමට ඇතුළින් ඇතිවන ලේ එක් රැස් වීමක් නිසා බිලිඳු හිසේ ඉදිමුමක් ඇතිවන අතර, සතියකින් හෝ දෙකකින් තත්ත්වය ඉබේ මඟ හැරි යන නිසා ප්‍රතිකාර කිරීමක් අවශ්‍ය නොවේ. ඉතාමත් කලාතුරකින් මෙවැනි තත්ත්වයක් සුව වීමට කල්ගත වන අතර, ඒ පිළිබඳ වෛi උපදෙස් ලබා ගත යුතුය.

ගෙල එක් පසකට පමණක් හරවාගෙන සිටීම


මෙම තත්ත්වයට ගොඳුරුවන්නේද ඉතා අපහසු ප්‍රසව තත්ත්වයකින් උපත ලැබු දරුවන් වන අතර, මෙයට හේතුව වන්නේ බෙල්ලේ මාංශ පේශී තුවාල වී තිබීමයි. ඒ සඳහා වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය.

හුස්ම හෙළීමේදී ඇතිවන ගැඹුරු ශබ්දය


දරුවා ඉපිද සති දෙකක් හෝ තුනක් ගිය පසුව මෙම තත්ත්වය දැක ගත හැකියි. උපතින්ම ස්වරාලයේ ඇතිවන දුර්වලතාවයක් නිසා හටගන්නා මේ තත්ත්වය පිළිබඳව බිය විය යුතු නැත. එහෙත් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. මෙම තත්ත්වය උග්‍ර අතට හැරෙන්නේ දරුවා ක්‍රියාශීලි වූ විට, අඩන විට, නිදන විට, සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට හා කලබලයට පත් වූ අවස්ථාවලදීයි.

ගැහැණු දරුවන්ගේ යෝනී මාර්ගයෙන් මඳ වශයෙන් ලේ පිටවීම

මවගේ හෝමෝනවල බලපෑම නිසා ඇතිවන මෙය, ඉපිද දින කිහිපයක් ඇතුළත දැකගත හැකි තත්ත්වයකි. ඉක්මනින් මඟ හැරී යන නිසා බිය වීමට හෝ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය නොවේ.

පිරිමි දරුවාගේ කෝෂයක ඇතිවන ඉදිමුම


කෝෂ පහත් වීම නිසා මෙය උපතේදීම ඇතිවිය හැකි තත්ත්වයකි, කෝෂය වටා සිවියක වතුර තරලයක් පවති. දරුවාට අවුරුද්දක් පමණ වන විට මෙම තත්ත්වය මඟ හැරී යන අතර, අවුරුද්දක් ගත වීමෙන් පසුත් පවතින්නේ නම්, ශල්‍යකර්මයක් සිදු කිරීම අවශ්‍ය විය හැකියි.
මතක තබා ගන්න

ඉපිද මාස හයක් යන තෙක් දරුවාට ලබා දිය යුත්තේ මව්කිරි පමණයි. ඒ නිසා වතුර, කොත්ත්මල්ලී, කල්ක හෝ සිරප් වර්ග පෙවීම නොකළ යුතුයි. සෑම විටම ප්‍රතිකාර කළ යුත්තේ, වෛද්‍ය උපදෙස් මත පමණකි. එසේම දරුවාගේ වර්ධනය හොඳින් සිදුවන්නේදැයි බැලීමට සෑම මසකම බර කිරා බැලිය යුතුය.

සටහන ප්‍රියංගිකා කුමාරසිංහ