free stats

පහුගිය දවසක මං ඇහුව නේ විටමින් B12 ගන්න පුලුවන් හොදම ආහාර වර්ග මොනවාද කියලා. ඒකට එක එක උත්තර දීලා තිබුණා. හැබැයි ඇත්තටම විටමින් B12 ගන්න පුලුවන් හොදම ආහාරය වෙන්නේ රතු මස්. ඒත් හැමෝම රතු මස් වර්ග කන්නේ නැහැ. සමහර අයට රතු මස් ඇලජි. සමහර අය සංස්කෘතික සහ ආගමික කාරණා නිසා ගණයට අයත් වන මස් වර්ග කන්න කැමැත්තක් දක්වන්නෙත් නෑ. ඒ වගේම නිර්මාංශ අයත් ඉන්නවා නේ. 

හැබැයි B12 කියලා කියන්නේ සිරුරට ඉතාමත් අත්‍යාවශ්‍ය විටමින් ප්‍රභවයක්. එහෙනම් කොහොමද විටමින් B12 සිරුරට ලබා ගන්නේ? මේකට දැනට ලෝකයේ තියෙන හොඳම අතිරේක ආහාරය වෙන්නේ Marmite. 

යීස්ට්, ලුණු, සැල්දිරි සහ මිරිස් අඩංගු කරල නිෂ්පාදනය කරන මාමයිට් වලට සියලුම විටමින් සහ විශේෂයෙන්ම විටමින් බී කාණ්ඩයට අයත් විටමින් වර්ග එකතු වෙනවා. ඒ වගේම සිරුරට අවශ්‍ය මිනරල් මෙහි අඩංගුයි. 

අපි දැන් බලමු මාමයිට් වල ගුණ මොනවද කියලා. 

  1. සුව නින්දකට උදව් වෙනවා. 

මාමයිට් වල මැග්නීසියම් තියන නිසා නිසා  නින්දට උදව් කරන බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තිබෙනවා. Mineral වලින් මස් පිඩු සහ ස්නායු උත්තේජනය කිරීම එයට හේතුවයි. 

  1. ඇස් වලට සහ සමට ඉතාම හොඳයි. 

ඇස් පෙනීම ගැන වගේම සම ගැන හිතන අයට මාමයිට් ඉතාම හොඳයි. මාමයිට් වල අඩංගු B1, B2,B3 කාණ්ඩයේ විටමින් ශරීරයට ඇතුළු වන අනවශ්‍ය ග්ලූකෝස් ප්‍රමාණයන් ඉවත් කරන නිසා එය සමේ සහ  වන සෞඛ්‍යසම්පන්න භාවයට හේතු වෙනවා. 

  • වෙහෙස මඟහරවා නැවුම් බවක් ගෙන එනවා. 

මාමයිට් වල තිබෙන විටමින් B මගින් උදෑසනට දැනෙන වෙහෙස සහ මානසික අවපීඩන තත්වයන් ඉවත් කර දවස නැවුම් කර ගන්නට උපකාරී වෙනවා. 

  1. Dementia තත්ත්වය මඟහරවන්නත් උපකාරී වෙනවා. 

වයස්ගත වීමත් ඇති වන ඩිමෙන්ෂියා තත්වය අවම කර ගැනීම සඳහා marmite ඉතාම හොඳයි. ඒ විතරක් නෙවෙයි මොළය ආශ්‍රිතව ඇතිවන මෙවැනි තවත් බොහෝ රෝග තත්ත්වයන් පාලනය කරන්නත් පුළුවන්. හේතු වන්නේ එහි අඩංගු විටමින් B12. 

  1. නිර්මාංශ අයට වඩාත් සුදුසුයි. 

නිර්මාංස පුද්ගලයන්ට මස් මාංශ මගින් පමණක් ලැබෙන විටමින් වර්ග ලබාගැනීමට මාමයිට් ඉතාම සුදුසුයි. 

  1. හෘද රෝග පාලනය කරනවා.

රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩිවීම අවම කරනවා. එය හෘද රෝග ඇති වීම අවම කිරීමටත් හේතුවක්. 

  1. දෛනික ව්‍යායාම් වලටත් පහසුවක්. 

විටමින් B3 අඩංගු නිසා එය ව්‍යායාම වල යෙදෙන අයට සුදුසු අතිරේක ආහාරයක් ලෙසත් නම් කරන්න පුළුවන්. Niacin Dilates රුධිරයේ ගමනාගමනය පහසු කරවන අතර එය මොළයට ඔක්සිජන් ගෙන යන ක්‍රියාවලිය ඉක්මන් කර වීමටත් හේතුවක් වෙනවා. 

  1. කෘමි විකර්ශනය

විටමින් B  ඔබේ සිරුරේ සහ රුධිරයේ තියෙනවා නම්, එය මදුරුවන් වැනි කෘමීන් වර්ග වලින් ආරක්ෂා වෙන්න හොඳ හේතුවක්. මොකද මේ සතුන් විටමින් B වලට ඒ තරම් කැමැති නැහැ. 

මේ තමයි මාමයිට් වලින් ඔබට ලැබෙන ප්‍රතිලාභ. හැබැයි සමහර අය මාමයිට් තැවරුමක් විදිහට ආහාරයට ගන්න කැමති නැහැ. ඒ අයට මාමයිට් හැන්දක් උණු වතුරේ දියකරලා දෙහි චුට්ටක් එකතු කරල බොන්න පුළුවන්. දිනකට මාමයිට් හැන්දක ප්‍රමාණයක් ආහාරයට ගන්න පුලුවන්නම් එයින් ඔබට ලැබෙන ප්‍රතිලාභ ඉතාම ඉහළයි. 

ගැබිනි මව් වරුන්ට මාමයිට් ඉතාම ගුණදායකයි. මාමයිට් වල අඩංගු පෝලික් ඇසිඩි ගැබිනි සමයේ මූලික පෝලික් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නත් උපකාරී වෙනවා. ඒ වගේම ඒ හොඳ පෝෂණ අතිරේකයක්. උදෑසන බඩගින්නට, කිරි පිටි හෝ තේ වෙනුවට මාමයිට් පානය කරන එක වඩාත් හොඳයි.