දරුවෙකුගේ දක්ෂතා තීරණය වෙන්නේ ඒ දරුවා කැමති අකමැති දේවල් මොනවද කියන පදනම මතයි. ගොඩක් අම්මලාට තමන්ගෙ දරුවා වෙනස් දරුවෙක් කරනවා වෙනුවට අනිත් අයව අනුකරණය කරන, අනිත් අය නිතර අනුගමනය කරන ක්ෂේත්ර වල ප්රවීනයෙක් කරන්න උත්සහ කරනවා.
උදාහරණයක් විදිහට අහල පහල දරුවෙක් චිත්ර අඳිනවා නම්, එයා ඒ හැකියාවෙන් ඉහළටම ගියපු කෙනෙක් වෙලා ඉන්නවනම් තවත් අම්මා කෙනෙකු ට තමන්ගෙ දරුවත් හොඳ චිත්ර ශිල්පියෙක් කරන්න ඕන වෙනවා. නමුත් ඔබේ දරුවාට චිත්ර අඳින්න බැරිනම්, එයාට චිත්ර අඳින්න උවමනාවක් නැත්නම් එයින් සිදු වෙන්නේ දරුවා අකැමැති දේකට බලහත්කාරයෙන් පෙළඹවීමක් සිද්ධවීම විතරක් නෙවෙයි. එයා කැමැති දෙයක් වෙනුවෙන් ඒ කැමති දෙය තුළ ප්රවීනයකු වීමට තියෙන කාලය නාස්ති වීම විතරයි.
හැම මනුස්සයෙකුටම, හැම දරුවෙකුටම තරුවක් වෙන්න බෑ. ඒ වගේම එක්කෙනෙක් දක්ෂතා දක්වන ක්ෂේත්රයක තවත් කෙනෙක් දක්ෂතා දක්වන්නෙ නැහැ. සියලුම හැකියාවන් සහ දක්ෂතා මතු වෙන්නේ කෙනා ඒ ක්ෂේත්රයට දක්වන කැමැත්ත අකමැත්ත කියන කාරණය මතයි.
අන්න ඒ නිසා තමයි හැම දරුව ම පාසලේදී වුණත් එකම විෂයකට දක්ෂතා දක්වන්නෙ නැත්තෙ.
සමහර දරුවෝ ඉගෙන ගන්න උනන්දු නොවුනත් ක්රිඩාවට ගොඩක් දක්ෂයි. සමහර දරුවෝ බාහිර ක්රියාකාරකම් වලට වඩා ඉගෙන ගන්න දක්ෂයි. සමහර දරුවෝ නර්තනයට දක්ෂයි. දක්ෂතාව විවිධාකාරයි.
අපි කරන්න ඕනේ දරුවාට තමන්ගේ දක්ෂතාවය මුදුන්පත් කරගන්න උදව් කිරීම පමණයි. ඔබට නොහැකි වුනු දේ දරුවා තුළින් ඉෂ්ට කරගන්න යනවාට වඩා දරුවාට දරුවා වීමට ඉඩ දීම තමයි වඩා වටින්නේ.