free stats

හුඟක් අම්මලා පැටියාට ආහාර දෙනකොට බලාපොරොත්තු වෙන්නේ එයා වැඩි ආහාර ප්‍රමාණයක් තමන්ගේ බඩට දාගන්න එක ගැනයි. අන්න ඒ නිසා තමයි බත් ප`ිගානේ එක බත් කටක් ඉතුරු වුණත් අම්මලාට දුක හිතෙන්නේ. නමුත් ඇත්තටම නම් වියයුත්තේ වැඩි ආහාර ප්‍රමාණයක් නෙවෙයි පෝෂ්‍යදායි, සියලු පදාර්ථ අඩංගු හොඳ ආහාර වේලක් ලබාදීමයි. අන්න ඒ නිසා පැටියාට වේල් පහක ආහාර සැකැස්මක් වඩාත් සුදුසු වෙනවා. එවිට සාමාන්‍ය ප්‍රමාණවලින් විවිධත්වයන් යුත-ුව ආහාර කවන්න පුළුවන්. අද අපි ඔබට කියන්න යන්නේ අන්න ඒ විදියට කවන කෑම වේලට අනිවාර්යයෙන් එක්විය යුතු යහමින් පෝෂණය අඩංගු ආහාර වර්ග හා ආහාර කාණ්ඩ කිහිපයක් ගැනයි.

“ටොට්ටෝ චං ගේ හරි පුදුම ඉස්කෝලේ” කියවපු අය දන්නවා ඇතිනේ සොසාකු කොබයාෂි මුල් ගුරුතුමා හැමදාම කියන “කන්දෙන් යමක් සහ මුහුදෙන්” යමක් ගැන. ඔන්න ඔබේ පැටියාගේ පිඟානටත් කන්දෙන් යමක් සහ මුහුදෙන් යමක් එකතු කරගන්න පහසු විදියක් අපි ලයිස්තු ගත කළා.

ධාන්‍ය වර්ග

බබාට ලබාදෙන ධාන්‍ය වර්ග මගින් ශරීර ශක්තිය වර්ධනය කරවීම සඳහා අවශ්‍ය විටමින්, ප්‍රෝටීන හා යකඩ ලැබේ.

දරුවෙකුට දිය හැකි වඩාත් ගුණදායි ධාන්‍ය වර්ග

මුං ඇට, කඩල, කව්පි, සෝයා ඇට, සහල්, බඩ ඉරිඟු, තල, පරිප්පු, මෙනේරි, බාර්ලි, තිරිඟු, කුරක්කන්

මාංශ බෝග හෙවත් රනිල කුලයේ බෝග වර්ග

මුං ඇට, කව්පි, කඩල, සෝයා ඇට, තල, පරිප්පු

මස් මාළු ආහාරයට නොගන්නා දරුවන් සඳහා පරිප්පු වැනි ඇට වර්ග ඉතා යෝග්‍ය වේ. ඒවායේ ප්‍රෝටීන, විටමින් හා යකඩ වේ.

බබාට චීස් වර්ග

දරුවාගේ වර්ධනයට මේදය හා ප්‍රෝටීන් ලබා ගැනීමට ඉවහල් වේ.

පනීර් සකසා නොගත් චෙඩාර් සකසා නොගත් මොසරැල්ල

චීස් වර්ග ගැනීමේ දී සකසා ගන්නා ලද චීස් නොදෙන්න.

බබාට බිත්තර වර්ග

අපගේ ගෙවත්තේ ගමේ පොළවේ පණුවන් සහ බීජ ආහාරයට ගෙන නිදැල්ලේ සිටිනා කුකුළන් හා වටුවන්ගේ බිත්තර ගුණදායකයි.

උදාහරණ ගම් බිත්තර
වටු බිත්තර
තාර බිත්තර
කළුකුම් බිත්තර

දරුවාට බිත්තර ලබා දෙන විට හොඳින් තම්බා ලබාදෙන්න. බාගෙට තැම්බු බිත්තර ලබාදීම සුදුසු නැත.

බබාට කැල්සියම් සහිත කිරි ආහාර

මව්කිරි හා සමකල හැකි ආහාරයක් මෙලොව නොමැත. කිරිවල කාබෝහයිඩ්‍රේට, මේද, ප්‍රෝටීන්, විටමින්, කැල්සියම්, ඛනිජ ලවණ හා පොස්පරස් අඩංගු වේ. දරුවන්ට කිසිම විටෙක කෘතිම පිටිකිරි වර්ග ලබාදීම සුදුසු නැත.

යෝගට් හා මුදවපු කිරි

කිරි මිදවීමේ දී ක්‍ෂුද්‍ර ජීවී ක්‍රියාවලියක් සිදුවේ.

යෝගට් හා මුදවපු කිරිවල ඇති ප්‍රෝටීන හා කැල්සියම් සිරුරට හොඳින් අවශෝෂණය කරයි. එළකිරිවලට වඩා මී කිරිවල බහුලව මේදය අඩංගු වේ.

දරුවාට මාළු වර්ග

දරුවාගේ වර්ධනයට හා ප්‍රතිශක්තිකරණයට මාළු වර්ග

දරුවන්ට සුදුසු මාළු වර්ග

පරව්, හැදැල්ලෝ, හාල්මැස්සෝ, අලගුඩුවා, තලපත්, බෙල්ලා, කාරල්ලා, සාලයා, මිරිදිය මාළු වර්ග, කූනිස්සෝ, ලින්නා, බෝල්ලු

වැඩි රසදිය ප්‍රමාණයක් සහිත මාළු

මෝරා මාළු, කෙලවල්ලා, තෝරා මාළු

අඩු රසදිය ප්‍රමාණයක් තිබිය හැකි මාළු

හැදල්ලෝ, අලගුඩුවා, බෝල්ලු, හාල් මැස්සා, සාලයා

දරුවන්ට සැලකිල්ලෙන් ලබාදිය යුතු මාළු වර්ග

කෙලවල්ලා, හුරුල්ලා, පොකිරිස්සා, බූවල්ලා, කුම්බලාවා

සටහන චාපා හංසිනි ආටිගල

බබාට කෑම පොතක් කතෘ
ප්‍රසන්න දසනායක