free stats

ඔලිව්‌ තෙල්‌ නිෂ්පාදනය වන්නේ ඔලව් ගෙඩියේ සාරයෙන්‌ බව අපි දන්නවා.අපේ සෞඛ්‍යමත්‌ ජීවන රටාවට ඉතාමත්‌ වැදගත්‌ ආලේපණයක්‌ මෙන්ම ආහාර රසවත්‌ කරන තෙල්‌ වර්ගයක්‌ ලෙස ඔලිව්‌ තෙල්‌ ජනප්‍රිය වන්නෙත්‌ එය මෙතරම්ම ස්වභාවිකත්වයට නෑකම්‌ කියන නිසාමයි. වැඩිහිටියන්ට වගේම පුංචි දරුවන්ටත්‌ එක විදියටම වැදගත්‌ වෙන නිසාම මේ පිළිබඳව බොහෝ දෙනෙක්‌ නොදත්‌ කරුණු රැසක්‌ අන්තර්ජාලය ඔස්සේ මේ විදියට අනාවරණය කරගත්තා.

  1. කොලෙස්ටරෝල්‌ පාලනයට

සිරුරේ අධික මේදය තැම්පත්‌ වීම පාලනය කිරිම සඳහා ඔලිව්‌ තෙල්‌ මඟින්‌ ලැබෙන්නේ මනා පිටිවහලක්‌. කොලෙස්ටරෝල්‌ පාලනය කර ඒ සම්බන්ධව ඇති සියලු‍ම රෝග පාලනය කිරිමට ද මෙයට හැකියාව පවතියි. මේ නිසාම අධික තරබාරුවෙන්‌ පෙළෙන අයට මෙන්ම ස්ථුලතාවයට පත්‌ දරුවන්ට ඔලිව්‌ තෙල්‌ වඩාත්‌ සුදුසුයි.

  1. බබාගේ කැස්සට

පුංචි පැටවුන්ට හැදෙන කැස්සට ඔලිව්‌ තෙල්‌ කියන්නේ හොඳම ඖෂධයක්‌. මව්කිරි ටිකක්‌ එක්ක ඔලිච්‌ තෙල්‌ ටිකක්‌ කලවම්‌ කරලා බබාට දුන්නාම එයාගේ කැස්ස ඉබේම නැවතෙනවා.

  1. විෂබීජ නාශකයක්

දරුවාගේ සමේ ඇතිවන පැසවීම්‌ තුවාල ලප වැනි තත්ත්වයන්‌ සඳහා ඔලිව්‌ තෙල්‌ වඩාත්‌ සුදුසුයි. තුවාල ලප හෝ පැසවීම්‌ ඇති තැන්වල ඔලිව්‌ තෙල්‌ ස්චල්පයක්‌ ගල්වන්න. සුව වු තුවාලවල ලප තියෙනවා නම්‌ ඒ තැන්වල ඔලිව්‌ තෙල්‌ ගැල්වීමෙන්‌ ලප ඉවත්‌ කරන්න පුලු‍වන්‌.

  1. පියයුරු පිළිකා සහ මහ බඩවැල ආශ්‍රිත පිළිකා වැලැක්වීම සඳහා

නිතර ඔලිව්‌ තෙල්‌ භාවිතයට ගැනිමෙන්‌ පියයුරු පිළිකා ඇති වීම වළක්‌වාගන්නට පුලු‍වන්‌. ඒ වගේම නිතර ඔලිව්‌ තෙල්‌ ආහාරයට ගන්නා කෙනෙකුට මහ බඩවැල ආශ්‍රිත පිළිකා මතුවන්නේ නැහැ. මේ නිසා බබාට ඔලිව්‌ තෙල්‌ ආහාරයට ගැනීම වඩාත්‌ සුදුසුයි.

  1. ආඝාතය වැලැක්වීමට

ආඝාතය නමින්‌ හැඳින්වෙන අංශබාග රෝගි තත්ත්වය වළක්වා ගැනීම සඳහා ඔලිච්‌ තෙල්‌ භාවිත කරන්න පුලු‍වන්‌. එය දරුවාට වැදගත්‌ වනවා. දරුවෙකුට මුල සිටම ඔලිව් තෙල් ලබාදීම අනාගතයට නිරෝගි දරුවෙක්‌ දායාද කිරිමට හේතුවනවා.

ඔලිව් තෙල් භාවිතය මඟින් මවට තිබෙන ප්‍රතිලාබ පිළිබඳව මී ළඟට අවදානය යොමු කළ හැකියි. ඒ අනුව,

  1. දරුවාගේ වර්ධනය සඳහා උදව් වෙයි.

කුස තුළ සිටින දරුවාගේ වර්ධනය සඳහා ඔලිව් තෙල්වලින් ලැබෙන සහය මේ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. ඔලිව් තෙල් ඔමෙගා 3 හා ෆැටි ඇසිඩ්වලින් පොහොසත්. මේ විටමින් දෙවර්ගයම දරුවාගේ වර්ධනය සඳහා වඩාත් උපකාරි වෙනවා. ඒ අතරින් වඩාත්ම වැදගත් කරුණ වන්නේ මෙම විටමින් වර්ග දෙකම දරුවාගේ හෘදයට වඩාත් හිතකර ලෙස බලපෑමයි. වෛi නිර්දේශයෙන් තොර ඖෂධ හෝ වෙනත් පාන වර්ග ලබාගන්නවාට වඩා ඔලිව් තෙල් මඟින් සාර්ථක ප්‍රථිපල ලබාගත හැකියි. ස්වාභාවිකව ලබාගන්නා තෙල් වර්ගයක් නිසා ගර්භණී සමයේ භාවිතයට බිය වෙන්න අවශ්‍ය නැහැ.

  1. ස්ටේ්‍රච් මාර්ක්වලින් තොර පැහැදිලි සමක්

ගර්භණී සමයේ උදරය වර්ධනය වීමත් සමඟ සිදුවන සමේ ඇදීම නිසා සමේ ස්ටේ්‍රච් මාර්ක් ඇතිවනවා. එසේම ගර්භණි කාලයේ මහත් වන මව්වරුන්ට ද ස්ටේ‍රච් මාර්ක් ඇතිවීම සාමාන්‍යයි. ස්ටේ‍රච් මාර්ක් ඇති තැන්වල ඔලිව් තෙල් ගැල්වීම මඟින් ඉක්මනින් ඉවත් කරගත හැකියි. එසේම සමේ පෝෂණයට වඩාත් වැදගත්වන අතර නිරෝගි සමක් ඇතිවීමටත් නිතර ඔලිව් තෙල් ගැල්වීම හේතුවනවා.

  1. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය වනවා

ගර්භණී සමයේ මෙන්ම ඉන් පසු කාලයේත් ප්‍රතිශක්තිය හොඳින් පවත්වා ගැනීම මවක් අතින් සිදුවිය යුතු වැදගත්ම කාරණයක්. එයට හේතුව එම කාලයේ ප්‍රතිශක්තිමය ගැටළු ඇතිවීම දරුවාට සෘජුවම බලපෑම් එල්ල කිරීමයි. දරුවා කුස තුළ වර්ධනය වන කාලයේ මවගේ ප්‍රතිශක්තිකරණ දුර්වලතා දරුවාගේ ප්‍රතිශක්තිය දුර්වල විමට බලපාන අතර උපතින් පසු මවගේ ප්‍රතිශක්තිකරණ දුර්වලතා නිසා හටගන්නා රෝග තත්ත්වයන් දරුවාට බලපෑමට ඉඩ තිබෙනවා. ඔලිව් තෙල් ආහාරයට එක්කර ගැනීම මඟින් හොඳින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගන්නට හැකියාව ලැබෙනවා.

මෙයට අමතරව මවගේ රූපලාවණ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්නටත් ඔලිව් තෙල් මඟින් උදව් සපයාගත හැකියි. ප්‍රසූතියෙන් පසු කෙස් ගැලවීමේ ගැටළු, ඇස් වටා කළු වීමේ ගැටළු, කොලෙස්ටරෝල් අර්බුධ වැනි ඕනෑම ගැටළුවක් විසදා දීමේ හැකියාව ඔලිව් තෙල්වලට තිබෙනවා. මවක්‌ දාන්‌ සිටම ඔලිව්‌ තෙල්‌ භාවිතයට හුරු වීම ඇයට නිරෝගි සැඳෑ සමයක්‌ උරුම කර දෙනවා.

සටහන චාපා හංසිනි ආටිගල

ප්‍රසන්න දසනායක