මේ දරුවාගේ වැඬේම ඇගිලි උරනවා දැන් දත්ටික කැතට එයි
මේ දරුවාගේ ඇගිලි කටේ දාන පුරුද්ද අත ඇර ගන්නකම් මට හිසරදයක් වගේ
ඇතැම් අම්මලා මේ විදිහට නගන මැසිවලි අප කොතෙකුත් අසා තිබේ ඒත් මේ වන විට කර ඇති පර්යේෂණයන්ට අනුව දරුවන්ගේ මෙවැනි පුරුදු ඔවුන්ගේ මානසික හා කායික සංවර්ධනයට හේතුවක් වන බව තහවුරු වී තිබේ.
ඔබගේ දරුවාගේ අතේ ඇගිලි උරන විට මොළයේ ස්නායු උත්තේජනයන්ට ලක්වී ඒවා ක්‍රමානුකූලව සෑදෙන අතර දරුවාගේ බුද්ධි වර්ධනයට එය හේතුවක් වන බව සොයාගෙන ඇත. අපගේ ජනවහරයේ පවතින කතාවක් වන්නේ දරුවෙකු තමන්ගේ කකුලේ මහපට ඇගිල්ල උරන්නේ නම් එම දරුවා කිරිකළගෙඩි හතක් බී ඇති බවය. ඒ ජනවහරේය. ඒත් දරුවාගේ ඒ පුරුද්ද ඔහුගේ බුද්ධිවර්ධනය වැඩිකිරීමට ස්නායු උත්තේජනය කරවන පුරුද්දක් බව මේ වන විටත් කරන ලද පර්යේෂණයන්ගෙන් තහවුරු වී තිබේ.
එසේම මවක් තම දරුවාගේ දෑසට පෙනෙන ලෙසට ලා වර්ණයෙන් යුතු ඇදුම් අදිනවා නම හා දරුවාට පෙනෙන පරිදි එහා මෙහා ගමන් කරයි නම් එය දරුවාගේ ඇස්වල ස්නායු උත්තේජනය කිරීමට හා ඒවා වැඩිදියුණු කිරීමට සමත් වන්නේය. මෙම උත්තේජනයන් දරුවාගේ පෙනීමේ නිරෝගිභාවයට හේතුවේ.
ඒත් සමගම දරුවාගේ නිදන කාමරයේ බිත්තිවල ලා පැහැයෙන් යුතු සිත නිවන අලංකාර පිංතූර එල්ලා ඇත්නම් එයද දරුවාගේ ඇස්වල නිරෝගිකම වැඩිකිරීමට ධනාත්මකව බලපාන සාධකයක් බවට පත්ව තිබේ.
තවද දරුවාගේ ඇස්වල යම් වස්තුවක් නිතර නිතර මුහුවන්නේ නම් එනම් දරුවාගේ හිසට පහළින් සිටින සේ එල්ලා තිබෙන ඇතැම් සෙල්ලම් බඩු ද දරුවාගේ නෙත නිතර නිතර ගැටීම හේතුවෙන් ස්නායු උත්තේජනය වී පෙනීම දියුණු දියුණුවේ.
රාත්‍රි කාලයේදී දරුවා නිදා ගත් පසුව විදුලි පහන් නිවා දැමීමට කටයුතු කළ යුතුවේ. මන්ද දරුවාට දිවා රාත්‍රී කාලයන් හදුනා ගැනීමට ඉඩකඩ ලබාදිය යුතුය. එවිට එය දරුවාගේ බුද්ධිය වර්ධනය වීමට ද හේතුවක් වන්නේය. දිවා කාලයේ දී දරුවා අවදිව සිට රාත්‍රි කාලයේදී හොදින් නිදා ගැනීමට පුරුදු පුහුණුවේ. දිවා රාත්‍රී කාලයන් හදුනා ගැනීමෙන් දරුවාගේ පෙනීමේ හැකියාවද වැඩි දියුණු වන බව තහවුරු වී තිබේ.
දරුවාගේ නාසයට මවගේ දහඩිය සුවද කිරි සුවද හොදින් දැනිමට අවශ්‍ය පරිසරය සකස් කළ යුතුය. මේ නිසා මව එම සුවද දරුවාට ලැබිමට ඉඩ ලබා දීමට සුවද විලවුන් පවුඩර් ක්‍රීම් වැනි කෘතීම ආලේපනයන් භාවිතා කිරීමෙන් වැලකී සිටිය යුතුය. දරුවාට මුලින්ම මවගෙන් දැනෙන මේ සුවද ඔහුගේ නාසයේ ස්නායු උත්තේජනය කිරිමටත් මොළයේ ස්නායු උත්තේජනය කර සෛල මනාව හැඩගැසීමටත් හේතුවක් වේ. දරුවාගේ නාසයට මුලින්ම දැනෙන සුවද ඔහුගේ ජීවිත කාලය පුරාවටම එය දැනේ මවගේ නියම සුවද මව හා දරුවා අතර බවතින සබදතාව දියුණු වීමට හේතුවක් වේ.
දරුවා නිදන ස්ථානයේ වටේ තබා ඇති කුඩා කොට්ට නිතරම දරුවා ඇගිලි තුඩුවලින් ස්පර්ෂ කරයි නම් හා කොට්ටවල කොන් කටේ දමන්නේ නම එවැනි ක්‍රියාකාරකම් දරුවාගේ ඇගිලිතුඩුවල ස්නායු හා මුඛයේ ස්නායු උත්තේජනය කිරිමට හේතුවේ. මෙවැනි ක්‍රියාකාරකම දරුවාගේ සංවෙදනය දියුණු වීමට හේතුවක් වේ මේ නිසා නාතරම දරුවා වටා තබා ඇති කොට්ට පිරිසිදුව තැබීමට කටයුතු කළයුතුවේ.
දරුවා සමග හැම මොහොතකදීම කථා කිරීමට මව උත්සහ කළ යුතුය එය දරුවාගේ ශ්‍රවණ ස්නායු උත්තේජනය කිරීමටත් කථන හැකියාවන් වර්ධනය කිරීමටත් හේතුවක් වේ. මවගේ මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් දරුවාට මාස තුන ගත වීමේදී මවගේ වචනවලට ප්‍රතිචාර දැක්වීම ආරම්භ කරනු ඇත.
දරුවා නිදිකරන විට මව තාලයට නැළවිලි ගී කියන්නේ නම් කථාන්දර කියන්නේ නම් එය දරුවාගේ ශ්‍රවණ ස්නායු සහ මොළයේ ස්නායු උත්තේජනයන්ට හා වර්ධනයට හේතුවේ. දරුවාව කිසි විටෙක අධික ශබ්දයන්ට නිරාවරණය නොකළ යුතුය. විශේෂයෙන්ම කැසට් රෙකෝඩර් වැනි දෑ දරුවාට ශ්‍රවණය කිරිමට සැලැස්වීම අනාගතයේදී ශ්‍රවණ ඉන්දි්රයන්ට මෙන්ම මොළයේ ස්නායු වලට බරපතල හානි ගෙන දෙන්නක් විය හැකිය.
එහෙත් අද අවාසනාවට අපේ මව්වරුන් බොහෝමයක් දරුවන්ගේ ස්නායු උත්තේජනය කිරිමට නොව මොට කිරීමට සමත් වන ක්‍රියාකාරකම්වල යෙදෙති. දරුවන් නළවා ගැනීමට නැළවිලි කවි කියනවා වෙනුවට සෙලියුලර් ෆොන් මගින් සංගීතයක් හෝ රූපරාමු දර්ශනයක් නැරඹීමට සලස්වයි. මෙයින් දරුවාගේ මොළයේ යම් රසායනිකයන් නිපදවෙන අතර එය දරුවා මෙවැනි ව්ද්්යුත් උපකරණලට ඇබ්බැහි කිරීමට හේතුවක් වන බව සොයාගෙන ඇත.
කොහොම නමුත් වයස අවුරුද 2ට අඩු දරුවන්ට රූපවාහිනි ටජ්ෆොන් පෙන්වීම හෝ අතට දීම කිසිසේත්ම නොකළ යුතු තත්ත්වයක් බව පර්යේෂණ මට්ටමින් අද තහවුරු කරගෙන තිබේ.
දරුවා මෙම විද්‍යුත් උපකරණයන් තුළින් ඈත් කර නිදහසේ හැසිරීමටත් හොද නින්දක් ලබා දීමටත් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදු පුහුණු කිරිමට මව්වරුන් කටයුතු කරන්නේ නම් අනාගතයේදී නිරෝගි බුද්ධිමත් දරුවෙකු නිර්මාණය කර ගැනීමට අපහසු නොවනු ඇත.
ළමා රෝග විශේෂඥ
සංජීව තෙන්නකෝන්
රාගම ශික්ෂණ රෝහල
සටහන ශ්‍රියානි විජේසිංහ