ඩී එම් ඒ කුමාර දිසානායක මහතා
ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය
ශික්ෂණ රෝහල – අනුරාධපුර
දරු සුරතල් විදින්න සූදානම් වෙන අම්ම කෙනෙක් සාමාන්‍ය ප්‍රසූතිය වගේම සිසේරියන් සැත්කම ගැනත් දන්නවා. සිසේරියන් සැත්කමේ ඉතිහාසය ගැන කතා කරනවනම් එය සීසර් යුගය දක්වා දිව යනවා. මේ කාලසීමාවේ දරුවෙක් බිහි කළ හැකි එකම ක්‍රමය වුණේ සාමාන්‍ය ප්‍රසූතිය පමණයි. නමුත් ජුලියස් සීසර් බිහිවන වෙලාවේ එයාගේ අම්මට සර්ව සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිකරන්න සීසර්ව සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිකරන්න බැරි උනා. ඒ වෙලාවෙදි තමයි උදරයේ විවෘත කරලා සැත්කමක් මගින් දරුවා බිහි කළේ. දරුවාගේ නම සීසර් නිසා තමයි සැත්කමේ නමත් සීසර් වුණේ.
එහෙම වෛද්‍ය විද්‍යාවට එකතු වුණු සිසේරියන් සැත්කම ද වෙද්දි බොහෝ මවුවරුන්ගේ ජනප්‍රිය තේරීම් බවට පත්වෙලා. නමුත් මේ පිළිබඳව තියෙන යම් යම් මතිමතාන්තර හින්දම සැත්කමෙන් පස්සෙ මොනවද වෙන්නේ කියන කාරණය පිළිබඳව අම්මලාට තියෙන්නේ කුතුහලයක්.
අද අපි කතා කරන්න යන්නේ මේ කියන සැත්කමින් පසුව ඇතිවෙයි කියලා අනුමාන කරන ගැටලු දහයක් පිළිබඳව. අපි බලමු මේ කතාව ඇත්තද කියල.
කැපුම් ප්‍රදේශයේ පෙනුම
සාමාන්‍යයෙන් සිසේරියන් සැත්කමක් සිදු කරන ක්‍රම දෙකක් තියෙනවා. එයින් එක් ක්‍රමයක් වෙන්නේ හරස් කැපුම. මෙම කැපුම යෙදෙන්නේ මවගේ උදරයේ බිකිනි ලයින් එහෙම නැත්නම් යටි උදරය අවසාන කෙළවර කොටසේ. අනෙක් කැපුම යොදන්නේ පෙකණියේ පහළ කොටසට. දැනට තිබෙන අලුත්ම තාක්ෂණික ක්‍රමවලින් කරන සිසේරියන් සැත්කම් වල කැලැල් පිටතට පේන්නේ නැහැ. කැළල් දින කීපයකින් මැකී යන නිසා ගැටළුවක් ඇතිවන්නෙත් නැහැ. නමුත් Keloid නම් තත්ත්වය ඇති වූ විට කැපුම් ප්‍රදේශය ගණ වෙනවා. මේ මැහුම නම් ඉවත් වන්නේ නැහැ.
සැත්කමක් කරන සෑම විටම අලුත් කැළලක් ඉතිරි වෙනවාද?
අලුත් කැළලක් ඇතිවෙන්නෙ නැහැ. සෑම සැත්කමකදීම කපපු ස්ථානය මැදි කරලා අලුත් කැපුමක් යොදනවා. විකිණිලා ඉන්න එක ළඟින් කැපුම යොදා ගන්න දෙවැනි වතාවේ වෙනත් විශේෂ හේතුවක් හින්දා දික් අතට කැපුමක් යෙදුවොත් හෝ මුල් වතාවේ දික් අතට කැපුමක් යොදා දෙවන අවස්ථාවේ හරස් අතට කැපුමක් යෙදූ විට කැරැල් දෙකක් ඇතිවෙනවා. සමහරවිට මැදින් කැපුමක් යොදන අවස්ථා තියෙනවා. ඒ හැරුණු විට වෛද්‍යවරුන් අලුතින් කැපුම් යොදන අවස්ථා තිබෙනවා. ඒ හැරෙන්නට කැලැල් කීපයක් මතුවන්නට හේතුවක් නැහැ.
කැපුම අවට දැනීම
සැත්කම කල මුල් කාලයේ පොඩි දැනීමක් තියෙනවා. හිරිවැටීමක් වැනි තත්ත්වයක් මෙලෙස ඇතිවෙන්නේ කැපුම් ප්‍රදේශය අවට කුඩා ස්නායු කැපීම නිසයි. ඒ වගේම කැපුමට ඇතුළතින් රුධිරය ගැනීම හා එකතුවීම නිසා ටික දවසක් ගතවනතුරු සාමාන්‍ය ගණවීමක් අතට දැනෙනවා.
මැහුම අවට කැසීම් තත්ත්වයක් තිබෙනවාද?
විශේෂ කැසීමක් ඇතිවෙන්නේ නැහැ. සමහර විට මැහුම් යෙදූ නූල හෝ ප්ලාස්ටික් කැබැල්ල ආසාත්මික වීම නිසා කැසීමක් ඇති වෙන්න පුළුවන්. ඒ හැරෙන්නට තුවාලය සුව වීමට හෝ වෙනත් හේතුවක් නිසා කැසීමක් ඇතිවන්නේ නැහැ. ඒ වගේම සැත්කමකින් පසුව කැසීමක් ඇතිවිය යුතුයි කියලා සමහර අය අතර මතයක් තියෙනවා. එහි කිසිම සත්‍යතාවයක් නැහැ. සැත්කම ආවට ප්‍රදේශය දැනෙන විදියේ වෙනසක් ඇරෙන්නට කැසීමක් ඇතිවීම අනිවාර්යය නැහැ.
මැහුම පැසෙව්වොත් මොකද කරන්නේ
මතුපිට සම මත පැසවීමක් ඇතිවෙන්න පුළුවන්. එවිට විසබීජ නාශක හෝ දියර යෙදීම සුදුසුයි. නමුත් කැපුම ඇතුළට පැසවීමක් සිදුවුවහොත් සැරව එකතුවීම නිසා සැරව ගුලියක් ඇතිවෙනවා. එය සැරව මැහුම් ඉවත්කර සේලයින් මගින් පිරිසිදු කර විවෘතව තැබිය යුතුයි. සමහර අවස්ථාවලදී ශල්‍යාගාරයේදී පිරිසිදු කිරීමට සිදුවිය හැකි යි.
මෙවැනි පැසවීම් ඇතිවීමට හේතු මොනවද?
විෂබීජ ආසාදනය නිසා හෝ වතුර වැඳීම මෙන්ම දහඩිය දැමීම නිසා මෙවැනි පැසවීම් සිදුවෙනවා. දිනකට දෙවතාවක් ඇඟ සේදීම, හොඳින් ස්නානය කිරීම මගින් එවැනි තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්. ඒවගේම සිරුරෙන්, පරිසරයෙන්, ඇඳුමෙන්, විෂබීජ ඇතුල් වෙන්න ඉඩ තියෙනවා. මේ කාලයේ උදේ වරුවේ ස්නානය වඩා සුදුසුයි. නෑමෙන් පස්සේ සිසේරියම් කැපමේය රැඳෙන තෙත ඉවත් කළ යුත්තේ ගෝස් කැබැල්ලක් මගින් පමණයි. දැනටමත් සම එකට එකතු වෙලා නම් පමණක් විෂ බීජ නාශක දැමීම සුදුසු වෙනවා.
තුවාලය සුව වෙන්න ප්‍රමාද වෙන්නේ ඇයි?
ප්‍රමාද වෙන්න හේතු තියෙනවා. මේ කැපුම අනෙක් කැපුම් වගේ නැවත නැවත මැහුම් දැමීම් මැහුම් කැපීම් බෙහෙත් දැමීම් නැහැ. ඒනිසා සුව වීම ප්‍රමාද නම් වෛද්‍යවරයෙක් වෙත යොමුවීම සුදුසුයි. පැසවීම හා සැරව නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවෙනවා වෙන්න පුළුවන්.
සිසේරියන් සැත්කමකින් පසු නැවත සාමාන්‍ය ප්‍රසූතියට යන්න අවස්ථාව තියෙනවද?
එක් සිසේරියන් සැත්කමකින් පසුව සාමාන්‍ය දරු ප්‍රසූතියට යොමු වෙන්න පුළුවන්. නමුත් එසේ වැඩියෙන් සැත්කම් දෙකකට පස්සෙ සාමාන්‍ය දරු ප්‍රසූතියකට යාම අවදානම්. එවැනි අවස්ථාවක ගර්භාෂ්‍ය පුපුරන්න ඉඩ තියෙනවා. මේ අවස්ථාවක් ඇති වුවහොත් ඒ මොහොතේම සිසේරියන් සැත්කමකින් දරුවා පිටතට ගත යුතුයි. මෙවැනි අවස්ථාවක මව බලා ගැනීමට වෙනම හෙදියක් සිටිය යුතු අතර සැත්කම අවසාන වන තුරු දරුවාගේ හදවතේ ගැස්ම පරීක්ෂා කළ යුතුය. ඒ වගේම ගර්භාෂය පිපිරීමේ අවධානමක් තියෙනවා නම් දරු ප්‍රසූතිය සිදුවිය යුත්තේ ශල්‍යාගාර පහසුකම් සහිතවයි. මෙවැනි අවදානමක් ඇත්තේ මව්වරුන් දෙසීයක් අතරින් එක් මවකට පමණක් නිසා අනිසි බියක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ.
සැත්කමින් පසුව බර එසවීම සුදුසුද?
සැත්කම සුවවීමට සති හා එක පමණ කාලයක් ගතවෙනවා. තුවාලය හොඳින් සනීප වෙන්න දින අසූවක පමණ කාලයක් ගතවෙනවා. ඒ ඒ අයගේ ප්‍රතිශක්තීකරණ මට්ටම අනුව මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. මාස හයකට පමණ පසු බර එසවිය හැකියි.
සිසේරියන් සැත්කමකින් පසුව නැවත දරුවන් බිහි කරන්න බැරිද?
කිසිම ගැටළුවක් නැහැ. හුඟක් අම්මලා මේ විදිහට සිතිවිරියෙන් සැත්කමකින් පස්සේ නැවත සාමාන්‍ය ප්‍රසූතියට යන අවස්ථා තියෙනවා. කිසේරියම් සැත්කමකින් අවුරුද්දකට වැඩි කාලයක් ගතවනතුරු ඉන්න ඕන. මේ කාලසීමාවේදී මාස හයක් වගේ කෙටි කාලයක් තුළ ගැබ් ගන්න අම්මලත් ඉන්නවා. එවැනි අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් මත ප්‍රසූතිය සඳහා සූදානම් වීම වැදගත්.