ගර්භණී සමය සහ මාතෘත්වය කියන්නේ කතා කරලා ඉවර කරන්න පුළුවන් විදියේ මාතෘකා දෙකක් නෙවෙයි. වසර පහකට වඩා වැඩි කාලයක් ආදරණීය අම්මි සඟරාව තුළින් අපි බොහෝ දේ, වෙනස් දේ කතා කලේ ඒ නිසයි. දස දහසකට වඩා අධික පාඨක ප්‍රඡාවක් වගේම හතලිස්දහසකට වැඩි ෆේස් බුක් ප්‍රඡාවක් සමඟ කාලයක් තිස්සේ කතා බහ කරන අදහස් හුවමාරු කරගන්න අපිට ලැබෙන අදහස්, ප්‍රශ්න සහ ගැටළු අතිවිශාලයි. ඒ වගේම ඒ සෑම ගැටළුවක්ම අපිට විශේෂයි. ඒ ප්‍රශ්නවලින් ලිපි සකස් කළා වගේම “අම්මලාට තියෙන ප්‍රශ්න දහයක්” නමින් විශේෂාංගයක් පවා පළකලා. ඉතින් ගර්භණී සමයට හා මාතෘත්වයට අදාලව අපි අපිට ලැබෙන ප්‍රශ්න ඇසුරෙන් අලුත් විශේෂාංගයක් ආරම්භ කරන්න අපි හිතුවා. ඔබට පිළිතුරු නොලැබුණු ඕනම ප්‍රශ්නයක් යොමු කරන්න දැන් අවස්ථාව තිබෙනවා. අපේ ෆේස් බුක් පිටුවට, සඟරාවේ සඳහන් දුරකථන අංකයට හෝ ලිපිනයට ඔබේ ප්‍රශ්න යොමුකරන්න ඔබට අවස්ථාව තිබෙනවා. එක් මාසයක ගර්භණී සමය පිළිබඳවත් තවත් මාසයක මාතෘත්වය පිළිබඳවත් ඔබට තිබෙන ප්‍රශ්න දහයකට අපි උත්තර සපයනවා.
- ප්‍රෙග්නන්ට් වෙලා මාස තුනයි. හිමොග්ලොබින් වැඩි කරන ආහාර මොනවද?
මවට අවශ්‍ය යකඩ පෙති ලබාදීම සිදුවෙන්නේ මාස තුනකට පස්සේ. ඒ කාලය තුළ බිත්තර, මස් සහ මාළු ආහාරයට ගැනීම මඟින් හීම් යකඩ අවශ්‍ය ප්‍රමාණයට සිරුරට සපයාගන්න පුළුවන්. හිම් නොවන යකඩ සඳහා කොල පැහැති එළවළු සහ පළා වර්ග ආහාරයට ගන්න පුළුවන්. ගොටුකොළ, නිවිතිවල වැඩි යකඩ ප්‍රමාණයක් තිබෙනවා.
- සිසේරියන් සැත්කමක් කළා. නෑවට පස්සේ කොන්ද රිදෙනවා නේ මොකද කරන්නේ?
නෑම, සිසේරියන් සැත්කම සහ කොන්දේ කැක්ක-ුම කියන කාරණා එකිනෙකට සමාන නැහැ. වෙනත් හේතුවක් නිසා කොන්ද රිදෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වැරදි ඉරියව් කොන්දේ කැක්කුමට බලපානවා. එයට අමතරව මුත්‍රා ආසාදන නිසාත් කොන්දේ කැක්කුම ඇතිවෙන්න පුලුවන්. සිසේරියන් සැත්කමට කලින් විදින එපිඩියුරල් එන්නත නිසාත් කොන්ද රිදෙනවා කියලා සමහර අම්මලා හිතනවා. නමුත් ඒ දෙක අතරත් සම්බන්ධයක් නැහැ. මේ වෙලාවට ක්‍රිම් ස්වල්පයක් ගාලා අතගෑවට කමක් නැහැ.
- ඩිපෝපොවෙරා එන්නත දුන්නු ගමන් ඔසප් වෙනවද? දවස් 14 ක් පරිස්සම් වෙන්න ඕන කියන්නේ ඇත්තද?
නැහැ. සමහර අයට ඔසප් සිදුවෙන්නෙම නැහැ. සමහර අයගේ නම් අක්‍රමවත් ඔසප් වීමක් දකින්න ලැබෙනවා. එන්නත නිසා විශේෂයෙන් පරිස්සම් වෙන්න අවශ්‍ය නැහැ. එන්නත දුන්නු තැන තවන්න, මිරිකන්න, අල්ලන්න එපා.
- මගෙයි සැමියාගෙයි රුධිර ගණය වෙනස්. ඒක බබාට ප්‍රශ්නයක් වෙයිද?
අම්මා O+ වෙලා තාත්තා B+ නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් අම්මා නෙගටිව් රුධිර ගණයක් සහිත කෙනෙක් වෙලා තාත්තා පොසිටිව් රුධිර ගණයක් සහිත කෙනෙක් වුණොත් නම් ගැටළුවක් මතුවෙනවා. ඒ තත්ත්වය ඇතිවෙන්නේ පළවෙනි බබාට නෙවෙයි දෙවැනි බබාට.
ඒ නිසා එවැනි මවකට උපදින පළමු දරුවාගේ පෙකණිවැලෙන් ලබාගන්නා රුධිර සාම්පලයක් (කෝඩ් බ්ලඩ්) මඟින් රුධිරය පරීක්ෂා කර බලනවා. රුධිර සාම්පලය පොසිටිව් නම් පැය 72 ක් ඇතුළත අම්මට රෝගම් එන්නත ලබාදෙනවා. එයින් දෙවනි බබාට හානියක් වීම වළක්වාගන්න පුළුවන්. රෝගම් එන්නත මඟින් සිදුකරන්නේ මවගේ රුධිරයේ අහිතකර ප්‍රතිදේහ ඇතිවීම වළක්වාගැනීම.
- ස්ටි්රප් එකේ ලාවට පොසිට්ව් වගේ තිබුණා. ඒත් පීරියඩ් හැඳුනානේ?
ස්ටි්රප් එකේ හොඳට පැහැදිලිව ඉරි දෙකක් පෙන්නුවේ නැත්නම් ගැබ් ගෙන කියලා අපිට කියන්න බැහැ. ඒ නිසා සති 6 කට පස්සේ නැවත පරීක්ෂා කිරීම වඩාත් සුදුසුයි.
- ගැබ්ගත් බව දැනගන්න පුලුවන් ඔසප් වෙලා දින කීයකින් ද?
සති හයකින් දැනගන්න පුළුවන්. ඊ එහචැ ක්‍ඨ වලින් බලන්නත් පුළුවන්. නමුත් සති 6 කට පස්සේ බැලුවාම නිවැරදි ප්‍රථිපල බලාගන්න පුළුවන්.
- ශුක්‍රාණු පිටතට එනවා. මට ප්‍රෙග්නන්ට් වෙන්න බැරිවෙයි ද?
එහෙම පිටතට එන්න හැකියාවක් තියෙනවා. නමුත් පිටතට එන්නේ ශුක්රාණුමයි කියලා කියන්න බැහැ. සමාන්‍යයෙන් සරු පුද්ගලයෙක් වරකට ශුක්‍රාණු මිලියන 15 ක් මුදාහරිනවා කියලා කියනවා. මේ ප්‍රමාණය අඩු නම් ගැබ් නොගැනීමේ අවධානමක් තියෙනවා. නමුත් නෑ කියන්න බැහැ.
මේ විදියට ශුක්‍රාණු පිටතට යනවා නම් ලිංගික එක්වීමකින් පස්සේ එක පාර ඇඳෙන් බැහැලා යන්නේ නැතුව කකුල් දෙක ටිකක් ඉහළට ඔසවාගෙන ඉන්න. එහෙමත් නැත්නම් එක පාර සෝදන්නේ නැතුව පැය භාගයක්විතර එකම ඉරියව්වකින් ඇඳට වෙලා ඉන්න. දිනපතාම ලිංගිකව එක් නොවි සරු දිනවල දවසක් හැර දවසක් ලිංගිකව එක්වීමත් වඩාත් ප්රථිපලදායකයි.
- පුතෙක් ලැබෙන්න ඉන්නකොට දඟලන්නේ මොන පැත්තෙන්ද?
එහෙම පැත්තක් කියන්න බැහැ. එයා ඉන්න විදිය අනුව තමයි තීරණය වෙන්නේ. සමහර වෙලාවට බබාගේ ඔලුව පහලට පිහිටලා තියෙනවා නම් කකුල් උඩට තියෙන නිසා එයා ටිකක් වැඩිපුර දඟලනවා වගේ දැනෙන්න පුළුවන්. තට්ටම් ප්‍රදේශයෙන් වගේ ඉන්නවා නම් දඟලන එක දැනෙන්නේ අඩුවෙන්.
- ඩ්ම්බ මෝරලා කොයිතරම් කාලෙකින්ද ගැබ්ගන්නේ?
ඔසප් වෙලා දින 12 න් වගේ ඩිම්බ මෝරනවා. මේ කාලය ගැබ් ගන්න වඩාත් හොඳයි.
- බබෙක් ලැබෙන්න වගේ ලක්ෂණ එනවා. ඒත් ප්‍රෙග්නන්ට් වෙන්නේ නැහැනේ?
ඒක මානසිකව බලපාන දෙයක්. දරුවෙක්ට ගොඩක් ආස නිසා දරුවෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න නිසා තමයි එහෙම දැනෙන්නේ. ඒකට කියන්නේ ත්්කිැ ඡරුටබ්බජහ කියලා. මේක සාමාන්‍ය මානසික තත්ත්වයක් පමණයි.
සටහන චාපා හංසිනි ආටිගල
බී. එම්. එල් බස්නායක
මහජන හෙද සොයුරිය
කාසල් වීදියේ කාන්තා රෝහල