අලියන්ට ළමයින්ට නලියන්නමයි හිත. මේ අපි හැමෝම අහලා තියෙන අපේ පැරණි කියමනක්. මේ කතාවේ ඇත්ත නැත්ත පුංචි පැටියෙක් ඉන්න අම්මලා තාත්තලා හොඳහැටි දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ දඟකාරකම් හොඳට විදලත් ඇති. මේ දේ විශේෂයෙන්ම දන්නේ අපේ අම්මලා.
අනේ මගේ දරුවා කියන කිසිම දෙයක් අහන්නේ නෑ.
මේ අපේ අම්මලාගෙන් නිතර දෙවේලේ ඇසෙන මැසිවිලි. මේ කියන විදියට බබාලා දඟකාරකම් කරන්නේ ඇයි? ඒ දඟකාරකම් අසීමිත වෙන්නේ ඇයි? ඒ වගේම අම්මා ලඟ ඉන්න වෙලාවට පුංචි පැටව් අනිත් වෙලාවට වඩා වැඩියෙන් දඟකාරකම් කරන්නේ ඇයි? මේ කාරණා පිළිබඳව අද අපි ටිකක් වැඩි අවධානයක් යොමු කරන්න හිතුවා.
සාමාන්‍යයෙන් නම් දරුවෙක් කියන්නේ කෑ ගහලා දඟකාරකම් එක්ක ඉන්න අවශ්‍ය කෙනෙක්. ඒත් බොහෝමයක් පුංචි බබාලා අසීමිතව දඟ කරන අය බවට පත් වෙලා තියෙනවා. මේ කාරණාවෙදි ප්‍රධානතම වගකීම පැවරිලා තියෙන්නේ දෙමාපියන් වෙතට. මේ සමහර දෙමාපියන් හිතනවට වඩා මේ තත්ත්වය ගොඩක් බරපතලයි. මොකද ඕනම පුංචි පැටියෙක් හොඳ හෝ නරක වෙන්නේ ශාරීරික වර්ධනයත් එක්ක සිදු වන බුද්ධි වර්ධනයත් එක්කමයි. එහෙම නැතිව උත්පත්තියෙන්ම කිසිදු දරුවෙකු හොඳ හෝ නරක දරුවකු ලෙස උපදින්නේ නෑ.
පුංචි පැටියෙක් මෙලොව එළිය දුටු දායින් පසුව උස බර ආදී ශාරීරික වර්ධනය ද හොඳින් සිදුවීම මෙන්ම බුද්ධි වර්ධනයද නිසි ආකාරව සිදු විය යුතුයි. පුංචි පැටියෙක් එක් එක් අවදීන් පසු කරත්ම අත්පත් කර යුතු කුසලතාවයන් රැසක් පවතිනවා. මේ හා සමඟාමීව මනෝමූලික සාධකයන්හි වර්ධනය ද වැදගත් ස්ථානයක් ගනු ලබනවා.
ලාංකීය සමාජය තුළ දෙමාපියන් අතුරින් මව හා දරුවා අතර පවතින්නේ අසීමිත සබැඳියාවකි. බොහෝ කුඩා දරුවන් වැඩි වේලාවක් ගත කරනු ලබන්නේ මව සමඟ. මේ නිසා දරුවා සහ මව අතර සබඳතාවය දරුවාගේ ඉදිරි ජීවිතය කෙසේ වේදැයි යන්න සඳහා ප්‍රභල බලපෑමක් සිදු කරනු ලබනවා. නමුත් අද වෙනකොට මේ තැන ආය අම්මලා අරගෙන තියෙනවා.
වැඩිහිටියන්ගේ අවශ්‍යතා වගේම පුංචි දරුවන්ගේ අවශ්‍යතා ද ටිකෙන් ටික වැඩි වෙනවා. විවිධ දේ අවශ්‍යයැයි කීමට පටන් ගන්නවා. දෙමාපියන් ආදරය නිසාම හෝ වෙනයම් දේ නිසා පුංචි දරුවන්ගේ ඉල්ලීම් සියල්ලම පාහේ ඉටු කිරීමට සැදී පැහැදී ඉන්නවා. එසේ සිටින්නන් පිරිසක් බවට අද අපේ අම්මලා තාත්තලා පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම මව්වරු. නමුත් මෙකී හේතුව නිසාම පුංචි පැටව් අසීමිත විදියට දඟකාරකම්වලට නැඹුරු වෙනවා. අඩුපාඩු නොලැබීම් නොහඳුනන ළමා පරපුරක් බිහි වෙනවා. දෙමාපියන්ගේ වචන ගනන් ගන්නේ නැති ළමා පරපුරක් බිහි වෙනවා. තම ඉල්ලීම් කෙසේ හෝ ඉටු කර දෙනු ලබන මවක් එයාට ඉන්නවා කියලා පුංචි බබා සිතන්න ගන්නවා.
නමුත් මේ වයසේ දරුවෙක් ඉන්න දෙමාපියන් මීට වඩා වගකීමෙන් කටයුතු කළ යුතුයි. දරුවන්ට උචිත හා අවශය දේ පමණක් රැගෙන දීමට දෙමාපියන් වගබලා ගත යුතුයි. අවශ්‍ය දේ වුවද ලබා දිය යුත්තේ එහි වටිනාකම පෙන්වා දීමෙන් අනතුරුවයි. එසේ නොවුනහොත් ස්වභාවික නොවන ලොවකට දරුවන් හුරු වෙනු ලබනව. මේ නිසාම මුරණ්ඩු දරුවන් බිහිවේ. ඔවුන් තම දෙමාපියන් ඉදිරියේ කිසිදු බිය පක්ෂපාතීත්වයන් තොරව කටයුතු කිරීමට පෙළඹෙනවා. මොකද තමන්ගේ ක්‍රියාකාරකම්වලට නිරන්තරයෙන් තම දෙමාපියන් එකඟ වේ යන විශ්වාසදය ඔවුන් තුළ පවතින නිසායි.
අපේ සමාජයේ පුංචි දරුවෝ ඉන්නවා පුංචි වයසෙදිම පාලනය කරන්න හරිම අමාරුයි. තැනකට එක්ක යන්න බෑ බෙදා හදා ගන්න දන්නෙ නෑ, තව දරුවෙක් එක්ක ඉන්න දන්නෙ නෑ, ඒ විතරක් නෙමෙයි එයාට ඕන දේවල් කෑ ගහලා අඬලා බැරිනම් දෙමාපියන්ට අතින් පයින් පහර දීලා හරි ඉල්ල ගන්න උත්සාහ කරනවා. ඇයි මෙහෙම වෙන්නේ මේ දේ වරද තියෙන්නේ පුංචි පැටියා අතේ නම් නෙවෙයි. දෙමාපියන් අතේම තමයි. උචිත අනුචිත දේ නොදැනීම එහෙමත් නැත්නම් ඉවසීමක් නොලැබීමක් කියන දේ නොදැනීම. මේ නිසා කලබලකාරී විදියට දරුවො හැසිරෙන එක අද සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා.
තවත් විශේෂ කරුණක් විදියට සඳහන් කළොත් පුංචි බබෙක් ඉන්න අම්මා කෙනෙක් විතරක් නෙමෙයි අම්මා තාත්තා දෙන්නම එකම මතයක ඉදන් කටයුතු කරන එකත් ගොඩක් වටිනවා. නෑ බෑ කියන මේ වචන හරි පරිස්සමින් භාවිතා කරන්න අවශ්‍යයයි. අම්මා එක මතයක ඉදන් තාත්තා තවත් මතයක අම්මා එපා කියන දේවල් තාත්තගෙන් ලැබෙනවා මෙන්න මේ දේ හරිම අනුචිතයි පුංචි පැටියෙක්ට. උදාහරණයක් විදියට අපේ අම්මලා මොනවා හරි දෙයක් නෑ කිව්වොත් සමහර තාත්තලා ඉන්නවා ඒ වගේ අවස්ථාවල අම්මලාටත් බැනලා තාත්තලා ඒ දේවල් අරන් දෙනවා. දරුවන්ව ඕනිවටත් වඩා හුරතල් කරනවා. මේ නිසා දරුවො හිතනවා අම්මා දෙන්නේ නැති දෙයක් උනත් තාත්තගෙන් ඉල්ල ගන්න පු`ඵවන් කියලා. පුංචි සිත් නිසා මේ දේවල්වලට ඉක්මණට පුරුදු වෙනවා. ඒ වගේමයි අම්මා තාත්තා විතරක් නෙවෙයි ආච්චි සීයා හැසිරෙන විදියත් වැදගත් දෙමාපියන්ගේ මතයට විරුද්දව පුංචි සිත් සතුටු කරන්න කියලා දෙමාපියන් ඉදිරියෙදිම ඉල්ලන බොහෝ දේවල් ලබා දෙනවා. ඒක හරිම වැරදි දෙයක්.
අද ජීවත් වන සමාජ ක්‍රමය ඇතුළේ බෙදා ගැනීම, එකට ජීවත් වීම, සමගිය මේ දේවල්
විඳගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. බිත්ති හතරකට කොටු වෙලා මුල් ළමාවිය ගෙවන්න පුංචි පැටවුන්ට සිද්ද වෙනවා. අම්මා ආච්චි සීයා එහෙමත් නැත්නම් ආයා කෙනෙක් එක්ක වැඩි වෙලාවක් ගතකරන්න වෙනවා. කලාතුරකින් ඇරෙන්න ජීවිතේ ඉවසීම කියන දේ මේ නිසා දරුවො ඉගනගන්නේ හරිම අඩුවෙන්. මේ දේ පුංචි බබෙක්ගේ මනසට ලොකු හානියක් කරනවා. ඒ වගේම ඕනවට වඩා දඟකාරකම් කරන්නත් පුංචි පැටව් පුරුදු වෙනවා. අම්මා තාත්තා වගේම වගකීමෙන් සිටින ආච්චි සීයා හැරුණුකොට ආයම්මලා ලඟ ඉන්නවට වඩා සුරැකුම් මධ්‍යස්ථානයක වැඩි වෙලාවක් ගත කරන එකත් වැදගත්. මොකද ඒකෙන් පුංචි දරුවො ජීවන කුසලතා වර්ධනය කෙරෙහි යොමුවෙනවා. හැබැයි වැදගත් වෙන්නේ ආයතනය දරුවට සුදුසුද යන්න විමසිල්ලෙන් සොයා බලා කටයුතු කිරීම. කොහොම උනත් මේ හැමදේටම වඩා වටින්නේ දෙමාපියන්ගේ ආදරය රැකවරණය යටතේ දරුවන් ජීවත් වීම. ඒ වගේ දෙමාපියන් නිසි අවබෝධයෙන් සහ වගකීමෙන් දරුවන් ඉදිරියේ හැසිරීමයි.
පුංචි බබාලගේ දඟකාරකම් නිසාම අද වෙනකොට පවුල් ජීවිත තුළ සුවිශාල ගැට`ඵ සහගත තත්ත්වයන් පවා ඇතිවෙලා තියෙනවා. දෙමාපියන් බොහෝ පීඩනයට පත් වෙලා ඉන්නවා මොනවා හරි දෙයක් කරගන්න අපේ අම්මලා තාත්තලා දරුවන් ඉදිරියේ බැගෑපත් වෙන තත්ත්වයටම පත්වෙලා. සමහර වෙලාවට පිරිසක් ඉදිරියේ මේ විදියට දඟකාරකම් කරන බබාලා නිසා අමම්ලා ලැජ්ජාවට පවා පත්වෙනවා. මේ ලැජ්ජාවෙන් සැඟවෙන්න ඔවුනුන් දරුවන්ට අවශ්‍යය දෙයම කරනවා. මේ නිසා අපි අවබෝධයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. අම්මා තාත්තා හරි විදියට පුංචි දරුවෙක්ගේ මුල් ළමාවිය තුළ දිය යුතු අත්‍යවශ්‍ය ජීවන කුසලතාවන් ලබා දුන්නොත් ඒ දරුවගේ හැසිරීම වගේම අනාගතයත් අනිවාර්යයෙන්ම සාර්ථක වීම සිදුවෙනවා.
සටහන නදීශා ගයානි ගුණතිලක
උපදෙස්- ඩී. බී නායක රත්න
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය