සැල්මොනෙල්ලා බැක්ටීරියාව ගැන ඔබ අහලා ඇති. මාරාන්තික බැක්ටීරියාවක් වන සැල්මොනෙල්ලා පුද්ගලයෙකුට මරණය ඇති කිරීමට තරම් ප්‍රමාණවත්. මේ බැක්ටීරියාව ශරීරගත වෙන්න පහසුම ක්‍රමය වෙන්නේ ආහාර සහ ජලය. බිත්තර අතරින් බිත්තර ප්‍රධාන තැනක් ගන්නවා. බිත්තර කටුවේ අසූචි තැවරිලා තිබෙනවා නම් අනිවාර්යෙන්ම ඒ අසූචි මත සැල්මොනෙල්ලා බැක්ටීරියාව වාසය කරනවා.
බිත්තර කටුවේ අසූචි තැවරිලා තිබුණත් නැතත් බිත්තර කටුව ජීවානුහරණය කරලා නැති නිසා මත සැල්මොනෙල්ලා ම බැක්ටීරියාව වාසය කරන්න පුළුවන්. ඒ වගේම වියළි බිත්තර කටුවක් මතුපිට දින පනස් හතරක කාලයක් ජීවත් වෙන්නත් මේ බැක්ටීරියාවට හැකියාව තිබෙනවා.
ඒ විදිහට බැලුවාම ජරාව තිබුණත් නැතත් බිත්තරවල සැල්මොනෙල්ලා ජීවත් වීමේ අවදානමක් තිබෙනවා ද?
නෑ.. එහෙම අවදානමක් නැහැ.
කිකිළිය බිත්තරය දානකොට ඒ කටුව වටේට Bloom කියන ආරක්ෂක පටලයකුත් තැන්පත් කරනවා. මේ විශේෂ ආරක්ෂක පටලය නිසා බිත්තර කටුව මුද්‍රා වෙලා තියෙන්නේ. ඒ නිසා කිසිම ව්‍යාධි ජනක බැක්ටීරියාවකට බිත්තරය ඇතුළට යන්න බැහැ. හැබැයි බිත්තරය හේදුවොත් බැක්ටීරියාව ඇතුළට ඇතුල්වීමේ අවධානමක් මතුවෙනවා.
බිත්තරය සේදුවාට පස්සේ, අර ආරක්ෂිත Bloom පටලය ඉවත් වෙන නිසා බිත්තර කටුවේ තිබෙන ඇසට නොපෙනෙන සිදුරු වලින් සැල්මොනෙල්ලා ඇතුළු ඕනෑම බැක්ටීරියාවක් ඇතුල්වීමේ අවදානමක් තිබෙනවා.
බිත්තර කටුව කැඩිල හෝ පුපුරලා තියෙනවා බිත්තර කෑමට ගන්න හොඳ නැත්තෙත් ඒ නිසයි.
ඒ නිසා බිත්තර මිලට ගන්නකොට,
ජරාව ගෑවිලා නැති බිත්තර තෝරාගන්න.
කැඩිලා නැති පළුදු නොවුණු බිත්තර තෝරා ගන්න.
බිත්තර එක ගොඩේ ගබඩා කරන්නේ නැතිව ඒ සඳහා විශේෂයෙන් සකස් කරල තියෙන ඇසුරුම් වල ගබඩා කිරීම සහ ශීතකරණයේ ගබඩා කිරීම වටිනවා.
අනිත් කාරණය බිත්තර අමුවෙන් හෝ භාගෙට පිස ආහාරයට නොගැනීම.
විශේෂයෙන්ම ප්‍රතිශක්තිය අඩු, ගර්භනී කාන්තාවන්, දරුවන්, වැඩිහිටි උදවිය ඒ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
ගැමුණු සාලිය පෙරේරා
මහජන සෞඛ්‍ය පරීක්ෂක