වෛද්‍ය රෝහිත ප්‍රදීප් මහතා
අද අප ඔබව දැනුම්වත් කරන්නේ, පසු ප්‍රසව රැධිර වහන තත්ත්වය පිළිබඳවයි.
පසු ප්‍රසව රුධිර වහනය යනු…
සාමාන්‍ය පරිදි හෝ සිසේරියන් සැත්කමක් මගින් හෝ කුමන ක්‍රමයෙන් හෝ දරු උපත සිදුවුවත් මවගෙන් යම් ප්‍රමාණයක රුධිර වහනයක් වීම සාමාන්‍යයි. එහෙත් සාමාන්‍ය දරු උපතකින් පසුව මවට මිලිලීටර් 500ක් ඉක්මවා රුධිර වහනයක් සිදුවුවහොත් හෝ සිසේරියන් සැත්කමකින් දරුවෙකු බිහි කිරීමෙන් පසුව මවගෙන් වහනය වන රුධිර ප්‍රමාණය මිලිලීටර් 1000ක් ඉක්මවුවහොත් හෝ එය අවධානම් තත්ත්වයක් ලෙස හඳුන්වාදෙන්න පුඵවන්. මෙම අවධානම් තත්ත්වය පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය ලෙස හඳුන්වනවා. ලෝකයේ මාතෘ මරණවලට හේතුවන ප්‍රධාන කාරණා තුනෙන් එකක් ලෙසත් පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය හඳුනාගෙන තිබෙනවා. එහෙත් වර්තමානය වන විට වෛද්‍ය විද්‍යාවේ ඇතිවු දියුණුවත් සමඟ පසුගිය දශක කිහිපයේදී පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය නිසා සිදුවන මාතෘ මරණ සංඛ්‍යාවෙහි අඩුවීමක් දැක ගන්න පු
ඵවන් වීම සතුටට කාරණයක්.
මෙම තත්ත්වය ඇතිවන්නේ ප්‍රසූතිය සිදුවී කොපමණ කාලයකට පසුවද?
ප්‍රසූතියෙන් පසු දින 42ක් යන තුරු මේ පසු ප්‍රසව රුධිර වාහනය සිදුවෙන්න ඉඩ තියෙනවා. එහෙත් පසු ප්‍රසව රුධිර වාහනය වීමේ තත්ත්වය ඇති වීමට වැඩි ඉඩක් පවතින්නේ දරුවා බිහිකොට ගතවන මුල් පැය 24 තුළදී යි. කෙසේවුවත් පැය 24 සිට දින 42 අතර ඕනෑම වේලාවක පසු ප්‍රසව රුධිර වහනය වීම සිදු විය හැකියි. ඒ නිසා මව රෝහලෙන් පිටව ගිය පසුවත් රුධිර වහනය වීමේ තත්ත්වය පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.
මෙය ඇතිවීමේ වැඩි අවධානමක් ඇත්තේ කුමන මව්වරුන්ටද?
පූර්ව ප්‍රසව සමයේ අධි රුධිර පීඩනය තිබූ මව්වරුනට පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඊට අමතරව දරුවන් වැඩි ගණනක් බිහි කළ මව්වරුන්ට, බහු කලල ප්රසවයන් සිදු කළ මව්වරුන්ට (නිවුන්, තුන් නිවුන් දරුවන් බිහි කළ මව්වරුන්), අධිබර මව්වරුන්ට සහ කලින් සිසේරියන් සැත්කම කළ මව්වරුනට මෙම පසු ප්‍රසව රුධිර වහනය ඇතිවීමේ අවධානමක් තිබෙනවා. මෙම මව්වරුන්ට සේම වැදෑමහ හෙවත් කලල බන්ධනය ගැබ්ගෙල වසා පැවතීම සහ සාමාන්‍ය ප්‍රසූතියේදී විටපීය කැපුම් යෙදු මව්වරුනටත් පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය ඇති වෙන්න පු`ඵවන්.
මෙම තත්ත්වය ඇතිවීමට බලපාන හේතු මොනවාද?
මුල් පැය 24න් පසුව දින 42 දක්වා රුධිර වහනය වීමට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විෂබීජ ආසාදන, වැදෑමහ හෝ පටල කොටස් ගර්භාෂය තුළ ඉතිරිවීම යන කාරණායි. මීට අමතරව පසු ප්‍රසව රුධිර වහනය ඇති වීමට තවත් හේතු කිහිපයක් බලපානවා. ප්‍රසූතියේදී වැදෑමහ ස්වභාවික ලෙස ගැලවී නොයාම ඒ අතර ප්‍රධානයි. මෙලෙස ප්‍රසූතියේදී වැදෑමහ ස්වභාවික ලෙස ගැලවී නොයාම නිසා එය අතින් ගැලවීම සිදු කරනවා. මෙවන් අවස්ථාවකදී මවගෙන් වැඩි රුධිර ප්‍රමාණයක් වහනය වීම සිදුවිය හැකියි. එසේම ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වු පසුවත් දරුවා බිහි කිරීමට වැඩි කාලයක් ගැනීම, ගර්භාෂ බිත්තියට තදින් බැඳුණු වැදෑමහක් පිහිටිම යන කාරණා නිසාවෙන්ද පසු ප්‍රසව රුධිර වාහන තත්ත්වය ඇතිවීමේ ඉඩකඩ පවතිනවා. ගර්භාෂ බිත්තියට තදින් බැඳුණු වැදෑමහක් පිහිටිම නිසා එයින් මතුවන ඇඟිලි වැනි ප්‍රසර ගර්භාෂ බිත්තියට කාවැදීම සිදුවෙන අතර එනිසා මවට රුධිර වහනය විය හැකියි. එසේම ප්රසවය නිසා ගැබ්ගෙලට, යෝනි මාර්ගයට තුවාල සිදුවෙන්න පු`ඵවන්. මේ නිසාත් මවට පසු ප්‍රසව රුධිර වහන තත්ත්වය ඇති විය හැකියි. මීට අමතරව වැකුම් හෝ අඩු දමා දරුවා බිහි කිරීම, බර වැඩි දරුවන් බිහි කිරීම, ප්‍රසව වේදනාව ඖෂධ මගින් බලෙන් ඇති කිරීම, හා ප්රසවය පහසු කිරීමට සින්ටෝ භාවිතය වැනි හේතු සාධකත් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවෙනවා.
මෙම තත්ත්වය වළක්වා ගත හැකිද?
ඔව්, පෙර ප්‍රසව සමයේ අවධානම් තත්ත්වයේ සිටින මව්වරුන් හඳුනාගෙන එම තත්ත්වයන් පාලනයට අවශ්‍ය ප්‍රතිකාර කිරීමෙන් මෙම තත්ත්වය වළක්වා ගන්න පුඵවන්. එසේම පූර්ව සැසිවලට සහභාගී වී මව්වරුන් නිරන්තරයෙන් දැනුවත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක්. මීට අමතරව ප්‍රසවයෙන් පසු ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය දැනුවත් කොට ඇයගේ සේවය ලබා ගැනීම කළ යුතුයි. එවිට ඇය ඔබව නිවසේදීම පරීක්ෂා කොට ඔබට රුධිර වහනයක් තිබේද යන්න සොයා බලනවා. ඒ වගේම මවට හොඳ පෙර ප්‍රසව හිමොග්ලොබින් ප්‍රමාණයක් පැවතියේ නම් පසු ප්‍රසව රුධිර වහනයේ දී මවට සිදුවන හානිය අවම කර ගන්න පු
ඵවන්. පසු ප්‍රසව රුධිර වාහනය නිසා සිදුවන්නේ අලුත උපන් කිරි කැටියාට මෙන්ම ඔහුගේ සොහොයුරු සොහොයුරියන්ට මව් සෙනෙහස අහිමි වීමයි. ඒ නිසා ප්‍රසවයෙන් පසු සු`ඵ රුධිර වහන තත්ත්වයක් ඇති වුවද මව ඒ පිළිබඳ වෛද්‍ය උපදෙස් පැතීම කළ යුතුමයි.
සටහන හිමාලි ප්‍රියංගිකා