free stats

ලිංගික පිරිසිදුකම සහ පිලිසිද ගැනීම

දරුවෙක් කුස පිළිසිඳ ගැනීම සඳහා අවශ්‍ය ලිංගික කාරණා සම්බන්ධව කතා කරන විට වෛද්‍යවරයා අපට ඉරියව් කීපයක්ම කියලා දුන්නා.

ඊට හේතුව වුණේ සාමාන්‍ය ලිංගික සංසර්ගයකින් පස්සේ ශුක්රාණු පිටතට ගමන් කිරීමේ සම්භාවිතාවක් තියෙන නිසා. ඒ විදිහට ශුක්‍රාණු පිට කර ගලා ආවොත් සැමියා මොනතරම් සරු කෙනෙක් වුණත් පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ලිංගික සංසර්ගයකින් පස්සේ එක්වරම නැගිටින්නෙ නැතිව කකුල් දෙක ඉහලට ඔසවා ගෙන මද වෙලාවක් සිටිය යුතු බව ෛද්‍යවරයා අපව දැනුවත් කළා.

ඊට පස්සේ වඩාත් හොඳ ප්‍රතිඵලයක් සඳහා ගැලපෙන ලිංගික ඉරියව් පිළිබඳ වත් අප සමග වෛද්‍යවරයා කතාබහ කළා. මෙයට අමතරව මම කලින් ලිපි සඳහන් කළා වගේම ලින්ගික පිරිසිදුකම ගැන අපි දෙන්නම වඩාත් කල්පනාකාරී වුණා. සංසර්ගයට ප්‍රථමයෙන් වගේම සංසර්ගයෙන් පස්සේ ත් අපි පිරිසුදුකම හා සුරක්ෂිතභාවය ගැන වැඩි අවධානයක් යොමු කළේ ඒ නිසා.

විවාහයෙන් පස්සේ කොන්ඩම් භාවිතා කළා වුණත් දරු පිළිසිඳ ගැනීමක් සඳහා සූදානම් වෙන නිසා අපි කොන්ඩම භාවිතයෙන් සම්පූර්ණයෙන් ම ඉවත් වුණා. ඒ නිසාම මගේ සැමියා එයාගෙ ලින්ගික පිරිසිදුකම ගැන වඩාත් සැලකිලිමත් වුණා. කොන්ඩමයක් භාවිත නොකරන නිසා මමත් මගේ ලින්ගික පිරිසිදුකම ගැන වැඩියෙන් සැලකිලිමත් වෙන්න පටන් ගත්තා.

දරු පිලිසිද ගැනීමට සූදානම් වෙන කාලේ මගේ මානසික නිදහස වෙනුවෙන් මං ගොඩක් තීරණ ගත්තා. විශේෂයෙන්ම අපි දෙන්නා විවාහ වෙලා ජීවත් උනේ තනියම. දෙමාපියන්ගෙන් ඈත් වෙලා. ඒක අපි ගත්ත විශේෂ තීරණයක්. එයින් මවුපියන් සහ අපි අතර වගේම අපි දෙදෙනා අතර ගැටලු ඇති වීම පාලනය කරන්න හේතු වුණා. ඇඳුම් පැළඳුම් තෝරා ගනිද්දී උනත් අධික උෂ්ණයක් දැනෙන, ගොඩක් හිර ඇඳුම් පාවිච්චි කරන්න මම කැමති උනේ නැහැ.

විලාසිතා වලට මුල් තැනක් දුන්න උනත් ගැළපෙන ඇඳුම් අන්ද වුණත් ශාරීරික අපහසුතාවයන් ඇති වන ඇඳුම් වලට මගේ කැමැත්තක් කොහොමත්ම තිබුණේ නෑ. ඒ වගේම විශේෂයෙන් මම පුංචි පුංචි වෙනස්කම් ගැන වඩාත් සැලකිලිමත් වුණා. මම අහල තියෙනවා බෙක් ලැබෙන්න ඉද්දි සමහර අම්මලාට මාස තුනක් විතර යනකල් කිසිම ලක්ශනයක් පෙන්නන්න නෑ කියලා.

ඒ නිසාම මම කැලැන්ඩරයක මගේ ඔසප් චක්‍රය සටහන් කරන්න පුරුදු වුණා. එයින් මට ඔසප් චක්‍රයේ යම් යම් වෙනස්කම් තියෙනවද කියන එක අඳුනගන්න එක පහසුවක් වුණා. මම පාවිච්චි කරන ස්මාර්ට් ජංගම දුරකථනයේ App එකක් ආධාරයෙන් මට ඔසප් චක්‍රය නිවැරදිභාවය පිළිබඳව අදහසක් ගන්න පුළුවන් කම තිබුණා. එය මට වඩා පහසුවක්.

Flo කියන මේ අදාල ඇප් එක හරහා ඔසප් චක්‍රය ගැන විතරක් නෙමේ තවත් බොහෝ දේවල් ගැන අදහස් ඔබට දන්න පුළුවන්. විශේෂයෙන්ම දරු පිළිසිඳ ගැනීමකට සූදානම් වෙලා ඉන්න කෙනෙක් නම් පිළිසිඳ ගැනීම සඳහා වඩාත් සුදුසු දවස් මොනවාද කියන එක පවා මේ ඇප් එක ඔයාලට කියලා දෙනවා.

ඉතින් ඔන්න ඔය විදිහට පිළිසිඳ ගැනීමකට සූදානම් වෙන අතරතුර pregnancy strip ටිකක් තවත් අවශ්‍ය දේවල්, හදිසි දුරකථන අංක, වෛද්‍ය උපදෙස් මත යම් යම් ඖෂධ වර්ග මම එකතු කරගත්තා. මං හැමතිස්සෙම පුළුවන් තරම් මගේ පරිස්සම ගැන තනියම හිතුවා. සැමියාගෙන් විය යුතු යුතුකම් ඉටු වෙනවා නම් මගේ පැත්තෙන් මම කරන්න ඕන දේවල් ගැන මම තනියම හරි මහන්සි වෙන්න ඕන කියන ස්ථාවරත්වය ක මම හිටියා.

මගේ පිළිසිඳ ගැනීම සඳහා මම සූදානම් වුණේ අන්න ඒ විදියට. ❤️