free stats

බබෙක් හදන්න තීරණය කළේ මෙහෙමයි…

බබෙක් හදන්න තීරණය කරපු ගමන්ම අපි මුලින්ම ගියේ වෛද්‍යවරයෙක් හම්බවෙන්න බව මම කලින් ලිපියේ ඔබට මතක් කළා. දරුවෙක් කුස පිළිසිඳ ගන්නවා කියන එක වගේම ඒ දරුව බිහි කරනවා කියන එකත් සංකීර්ණ කාරණාවක්. මෙතැනදී අපට වෛද්‍යවරයාත් එක්ක සාකච්ඡා කරලා විසඳගන්න ගොඩක් ගැටලු තිබුණා.

ඒ අතරින් ප්‍රධානම ගැටලුව වුණේ අපි දෙන්නගෙ සරු බව. මගේ සැමියා මාත් ද්‍රව්‍ය දුම්වැටි කිසිම දෙයක් පාවිච්චි නොකරන කෙනෙක් නිසා ඒ ආශ්‍රිතව සරු බවට ඇති කරන බලපෑම සම්බන්ධව අපිට ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ාරම්පරික හේතු හෝ වෙනත් සෞඛ්‍ය තත්ත්වයන්ට බලපෑම් කරන හේතු මත කෙනෙක්ගෙ සරුබවට ගැටලු ඇති වෙන්න පුළුවන්. පරම්පරාව ගැන කතා කරද්දි අපි දෙගොල්ලන්ගෙම පරම්පරාවල දරුවන් සම්බන්ධ ගැටලු තියෙන අය නැති බව අපි වැඩිහිටියන්ගෙන් අහල දැන ගත්තා. ඊට පස්සේ අපි ඒ සම්බන්ධව කතා කළේ වෛද්‍යවරයා එක්ක.

ඊළඟට ඉතාම වැදගත් කාරණය වුණේ අපි දෙදෙනාගේ රුධිර ඝනය. ගොඩක් අය විශ්වාස කරනවා නේ තාත්තගේ ලේ තමයි දරුවාට එන්න කියලා. ඒ කතාව ඇත්ත නෙවෙයි. දරුවාට එන්නෙ අපි හදුනාගෙන තියෙන යම්කිසි රුධිර ඝන වලින් එකක්. ඒක මවගේ රුධිර ඝනය වෙන්නත් පියාගේ රුධිර ඝනය වෙන්නත් පුළුවන්. රුධිර ඝනය සම්බන්ධව යම් යම් අවදානම් තත්ත්ව ඇති වෙන්න පුළුවන් හින්දා අපි ඒ පිළිබඳව පරීක්ෂාවක් කරගෙන ෛද්‍යවරයා එක්ක ඒ ගැන දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා. එයින් පස්සේ අපි කතාබහ කළේ පරම්පරාවෙන් පැමිණිය හැකි ගැටලු සම්බන්ධව. උදාහරණයක් විදිහට පවුලේ ිශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඉන්නවා නම් එවැනි දරුවෙක් අපිටත් බිහි වීමේ යම් අවදානමක් තිබුණා. නමුත් ඒ තත්ත්වය ඇති වන්නේ ඉතාම කලාතුරකින්. පවුලේ නෑනා මස්සිනා අතර විවාහයන් සිදුවෙලා නොතිබුණු නිසා එවැනි අවදානමක් අපට තිබුණේ නැහැ.

ඊට පස්සේ මට අධි රුධිර පීඩනය, දියවැඩියාව, තයිරොක්සින් තත්වය වගේ වෙනත් අවධානම් තියෙනවාද කියලා පරික්ෂා කරන්න අපි අමතක කළේ නැහැ. ඒ සියලු පරීක්ෂාවන් වලින් පස්සේ තමයි මව් පදවියට සූදානම් වෙන්න මම තීරණය කළේ. උසට ගැලපෙන බර පවත්වාගෙන යාම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම, ගැනීමට සූදානම් වීමට මාස හයකට පෙර සිටම පෝලික් ඇසිඩ් පානය කිරීම, හොඳින් ජලය පානය කිරීම වගේ මූලික කාරණා සම්බන්ධව මම විවාහයට පෙර ඉඳලම අවධානය යොමු කර තිබුණා. විශේෂයෙන්ම මම පෝලික් ඇසිඩ් බොන්න පටන් ගත්තේ විවාහයට මාස තුනකට කලින් ඉඳලා.

ලිංගාශ්‍රිත පිරිසිදුකම ගැන ෛද්‍යවරයා මෙතන දී විශේෂ අවධානයක් යොමු කළා. මම වගේම මගේ සැමියා ත් තමන්ගෙ ලින්ගික පිරිසිදුකම ගැන අවධානය යොමු කළ යුතු බව වෛද්‍යවරයා අවධාරණය කළේ විශේෂ කාරණා කිහිපයක් නිසා. මොකද සැමියාගෙන් වගේම බිරිඳ ගෙනුත් යම් යම් ආසාදන දෙපාර්ශවයට හුවමාරු වෙන්න පුළුවන්. ඒ වගේම දරුවා සාමාන්‍ය ප්‍රසූතියකින් බිහිවීමේදී එයින් දරුවාට යම් හානියක් ඇති වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ෛද්‍යවරයා අපට දුන්නු අවවාද උපදෙස් පිළිබඳව අපි හොඳින් අවධානය යොමු කළා.

අපි දරුවෙක් බිහි කරන්න කලින් අපේ ආර්ථිකමය කරුණු කාරණා ගැන අවධානය යොමු කළා. මම මුලිනුත් කිව්වනේ කිසිම හේතුවක් නිසා දරුවා වෙනුවෙන් කාගෙන්වත් උදව් ඉල්ලන්න අපට අදහසක් තිබුණෙ නෑ. අපි දෙන්නම කතා වෙලා හිටියෙ මේ තියෙන ආර්ථික තත්වයත් එක්ක අපි දෙන්නට තනියෙන් දරුවෙක් බලාගන්න බැරිනම් යම් කාලසීමාවකට දරුවෙක් පිළිබඳ සිහිනය පමා කරනවා කියලා. ඒ නිසාම අපි ආර්ථික වශයෙන් ස්ථාවර වීමට මුල් තැනක් දුන්නා. අනවශ්‍ය වියදම් කොලේක ලියල අපි ඒවා සම්පූර්ණයෙන්ම අයින් කළා.

(අනවශ්‍ය වියදම් කපා හැරපු විදිය ගැන මම අනිත් ලිපියෙන් ඔබට කියන්නම්)

දැන් මම අම්ම කෙනෙක් වෙන්න සූදානම්…. ❤️