free stats

ගර්භනී සමයේ අඳින ගවුම පිළිබඳව අම්මලා අතර විවිධ මතවාද තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම මතයක් වෙන්නේ තද පාට ඇඳුම් අඳින්න හොඳ නෑ කියන එක. නමුත් ඇත්තටම තද පාට ඇඳුමක් අඳින්න එපා කියන්නේ ඇයි කියන කාරණය ගැන කවුරුත් හරියට කතා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ වගේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට හරියාකාර උත්තරයක් ලැබෙන්නේ නැහැ. 

ඇත්තටම තද පාට ඇඳුමක් අදින එකේ තියන අවාසි මොනවද

ගවුමේ යම් රුධිර පැල්ලම් හෝ ශ්‍රාවයන් තැවරුනොත් අඳුර ගන්න අමාරුයි. 

තද පාට ඇඳුම් නිසා දහඩිය දැමීම වැඩි වෙන්න පුළුවන්. 

කලු වගෙ වර්ණ අව්රශ්මිය උරාගන්නා වර්ණ නිසා ඒවා අදින එක ටිකක් අපහසු වෙන්න පුළුවන්. 

ලා පාට වර්ණ අදින එක සමට පහසුවක්. 

හදිස්සියේ පන්සලට යන්න ඕන උනත් වෙනත් ආගමික ස්ථානයකට යන්න සිදු වුණත් ලා පාට ඇඳුමක් තියෙන එක පහසුවක්. 

මේ කාලෙදි යෝනි ශ්‍රාව නිකුත් වීම, රුධිර පැල්ලම් ඇතිවීම, වෝටර් බෑගය කැඩීම නිසා ශ්‍රාවයන් පිටවීම වැඩි නිසා අම්මා කෙනෙක් කොහොමත් ඉන්න ඕනේ කල්පනාවෙන්. 

ඒ ඇරුනහම ලා පාට ඇඳුම් අඳින්න වෙනත් සංස්කෘතික හෝ සමාජයීය කාරණාවක් බලපාන්නෙ නැහැ. ගර්භණී සමය තමන්ගේ පහසුව තමා වඩාත් වැදගත් වෙන්නේ. මොකද ගර්භනී සමය තියෙන මාස නවයයි. ඒ මාස නවයෙන් පස්සේ ඔබට පුරුදු පරිදි විලාසිතා කරන්න පුළුවන්. ඔබට කිසිම අපහසුවක් දැනෙන්නේ නැති හදිසි වෛද්‍ය පරීක්ෂණයකට යොමු වුණත් වෛද්‍යවරයාට හෝ හෙදියට ඔබ පහසුවෙන් පරික්ෂා කරන්න පුළුවන් ඇඳුමක් මේ මාස නමය ඉන්න පුළුවන් නම් වඩාත් හොඳයි. 

මොකද එයින් ඔබට ඇතිවිය හැකි අපහසුතා වළක්වා ගන්න පුළුවන් කම ලැබෙනවා.