free stats

මේ දවස්වල ඔයාලගේ සමේ මොනවා හරි වෙනසක් දකින්න තියනවද…. නිකං ඉරිතලලා කොටුවල හැදිල වගේ ගතියක්. සීතලත් එක්ක තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. සමහරවිට අම්ම කෙනෙකුට නම් එයාගෙ දෛනික වැඩ රාජකාරි එක්ක එයාගෙ සම ගැන තියෙන සැලකිල්ල අඩු වෙලා ඒ නිසාම ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්නත් පුළුවන්. කොහොම වුණත් හමේ ඉරිතලා යැම වියළි ගතිය පොදුවේ කාන්තාවකට එතරම් හොඳ දෙයක් නෙමෙයි. එයින් එයාගෙ සුන්දරත්වය සම්පූර්ණයෙන්ම නැතිවෙලා යන වුණත් පුළුවන්. මූණ කොච්චර ලස්සන උනත් අත් දෙකේ කකුල් දෙකේ වියළි ගතිය අර ලස්සන වහගෙන ඉස්මතු වෙන්නේ හරිම අප්‍රසන්න විදියට. ඒ නිසා අපි අද හිතුවා අම්මලා කියන මාතෘකාව පොඩ්ඩක් පිට ගිහිල්ලා පොදුවේ කාන්තාවන්ට පුංචි උපදෙස් ටිකක් දෙන්න.

කකුල් පැලෙන ඉරි තලන එකට දෙන්න තියෙන හොඳම විසඳුම තමයි කොමරිකා කියන්නේ. කෝමාරිකා පිත්තක් අරගෙනම කකුල් දෙක හොඳින් සෝදා තෙත මාත්තු කර ගෙන කොමරික මදය හොඳින් කකුල් දෙකේ ස්පර්ශ කරලා සම්බාහනය කරන්න. සීතල ගතියක් එක්ක ලොකු සනීපයක් දැනෙයි. කකුල් දෙකේ ඉරිතැලීම් වියළි ගතිය සුව වුණත් දිගටම ්‍රතිකාරය කරගෙන යන්න පුළුවන් නම් හොඳයි. කිසිම අතුරු ආබාධයක් නෑ.

ඔලිව් තෙල් කියන්නේ සමට හොඳම ඖෂධයක්. හැබැයි ඉතින් ඔලිව් තෙල් මිලෙන් ටිකක් වැඩියි වගේම ප්‍රමිතියෙන් යුතු ඔලිව් තෙල් හොයා ගැනීමට තියෙන අමාරුව නිසා මේ ක්‍රමය හැම අම්මා කෙනෙකුටම හරි යන එකක් නැහැ. කොහොම වුණත් කකුල් දෙක හොඳින් සෝදලා පිරිසිදු කරලා තෙතමාත්තු කරගෙන ඔලිව් තෙල් ටිකක් ගාලා හොඳින් සම්බාහනය කරලා කකුල් දෙක ටිකක් නිදහසේ තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි මේ ප්‍රතිකාර දෙකම කරන්න ඕනේ ඔයාගෙ වැඩ කටයුතු සේරම ඉවර වෙලා නිදහස් වුණාට පස්සේ.

හොඳට වතුර බොන්න. ඒක තමයි සම රැක ගන්න තියෙන ලේසිම පහසුම සහ හොදම ක්‍රමය. දවසට ලීටර් තුනහමාරක් වතුර බොන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ වගේම නාන වෙලාවට අධික සීතල වතුරත් අධික උණුසුම් වතුරත් වෙනුවට සාමාන්‍ය වතුර නාන එක තමයි වඩාම හොඳ වෙන්නේ. රැකියාවක් නොකරන නිවසේ ඉන්න කෙනෙක් නම් උදේ දහයට කලින් නාගන්න අමතක කරන්න එපා. අනිත් අම්මලා පුළුවන් හැම දවසකම උදේ වරුවේ නාන්න.

එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම සමට වඩාත් හිතකරයි. එළවළු පලතුරු කියන්නේ අධික මිලෙන් යුතු කැරට් බෝංචි ඇපල් දොඩම් විතරක් නෙවෙයි. ගමේ හැදෙන බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් කැකිරි පිපිඤ්ඤා පුහුල් වගේ එළවළු වර්ග, ගමේ ගොඩේ වත්තේ හැදෙන පලාවර්ග, සියඹලා නාරං අඹ වගේ පලතුරු වර්ග වඩාත් හොඳයි.

මීට අමතරව තව සම රැක ගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි රාත්‍රියට මොයිස්චරයිසින් ්‍රීම් එකක් පාවිච්චි කරන එක. ඇඟ සෝදලා ඇඳට ආවට පස්සෙ ඔයා කැමති ඕනෙම ක්‍රීම් වර්ගයක් අරගෙන කකුල් වල හොඳට ගාලා සම්භාහනය කරලා නින්දට යන්න. අම්මලා වුණා කියලා බිසි වුණා කියලා කවුරුත් කැතට ඉන්න ඕන නෑ. වෙලාව තියෙන විදියට කොහොම හරි ලස්සන වෙමු.