free stats

මවුකිරි පමණක් දෙන මාස හයක කාලයේදී දරුවාට වතුර දීම අවශ්‍ය වෙන්නේ නෑ. මොකද දරුවාගේ වර්ධනය සදහා අවශ්‍ය වන සියලු පෝෂක කොටස් මෙන්ම ජලයත් මව්කිරි වල හොඳින් අඩංගු වෙනවා. සමහර අවස්ථාවල වියලි කාලගුණයක් පවතින කාලවල දී දරුවා වැඩිපුර දහඩිය දමා ජලය ශරීරයෙන් පිට වුවත් මව්කිරි වල පවතින ජලය දරුවාට අවශ්‍ය ප්‍රමාණයට සැකසෙන බව පර්යේෂකය න් පෙන්වලා දෙනවා.

මව් කිරි දෙන අවස්ථාවේදී දරුවාට ඇති පමණ මව්කිරි ලැබේද තිබේද යන්න සැක හැර දැනගත හැකි වන්නේ දරුවාගේ බර කිරා බැලීමෙන්. දිනකට වාර හයක් මුත්‍රා පිට කරන්නේ නම් එය දරුවාට ලැබෙන මව්කිරි ප්‍රමාණය ප්‍රමාණවත් බවට නිගමනය කළ හැකි සාධකයක්.

මාස හයක් ගත වෙන තෙක් මවුකිරි පමණක් දිය යුතු බවට තර්කයක් නැහැ. මාස හයෙන් පසුව දරුවාට අමතර ආහාර ලබාදීම කළ යුතුයි. අමතර ආහාර ලබා දුන්නා උනත් අවුරුද්දක් දෙකක් වෙන තෙක් මව්කිරි දීම ඉතාම වැදගත්.