සුදර්මා උයන්හේවා.
දහසක් බලාපොරොත්තු කර පින්නාගෙන චූටි පැටියා ගෙදරට අරගෙන එන්නේ හරි සතුටින්. පෙර අත්දැකීම් නැති නිසා පැටියට තියෙන අසීමිත ආදරය නිසා ප්‍රශ්න ගොඩයි. හරියට හිත බයවෙනවා.
ඔන්න අද අපි හිතට බය එන ප්‍රශ්න ටිකක් ගැන කතා කරලා දැනුවත් වෙමු.
චූටි පැටියා දවසෙම නිදි, මේ නින්ද වැඩිකම එයාට ප්‍රශ්නයක් වේවිද මන්දා? කිරි ටික හරි වෙලාවට දෙන්නේ කොහොමද ?
චූටි පැටියගේ නින්දේ අවශ්‍යතාවය මුල් දින වල පැය 18- 20 පමණ වෙනවා. ඇයි ඒ චූටියා සීග්‍රයෙන් වැඩෙන අවස්ථාව ඉතිං ඒ විවේකය නින්ද අත්‍යාවශ්‍ය වෙනවා. එයා ඉපදෙන්නෙ චූටියට. ඒ වුණාට හරි ඉක්මණට වෙනස් වෙනවානේ. ඒ නිසා නිදි නැති ක්‍රියාශීලීත්වය (දෙඅත් දෙපා ගසමින්) බර වැඩි වීමට ගැටලුවක් වෙන්න පුළුවන්.
ඉතිං දවසේ පැය 18 -20 නින්දට වෙන් වුණාම පැය 4 -5 වගේ කාලයක්නේ ඉතිරිවන්නේ. වරිවර නැගිට කිරි උරා බී කුසගින්න සංසිදවා ගැනීමට මළ මුත්‍රා පහකළ විට පිරිසිදු කරවා ගැනීමට මව් සෙනෙහස විදීමට යෙදවෙන්නේ ඒ කාලය තමයි.
මට ගොඩාක් කිරි නෑ. ඒ කිරි ටික පැටියට ඇතිද මන්දා ? මට හරි බයයි. ?
ඉපදුන මුල් දිනවල ඇයි කිරි අඩුවෙන් එරෙන්නෙ චූටි පැටියගේ බන්ඩිය පොඩියි එයාගේ ආමාශයට ආහාර පුරවන්න පටන් ගත්ත විතරනේ. ඉතිං පුංචි ආමාශ මල්ල ටික ටික තමයි ඇදෙන්නේ. ඒ අනුව අවශ්‍ය ප්‍රමාණයත් වෙනස් වෙනවා.
දන්නවද එක වරකට ආමාශයට දරන්න පුළුවන් කිරි ප්‍රමාණය මිලි ලීටර් 20 පමණ වෙනවා. මිලි ලීටර් 05 සමානයි තේ හැදි 1 ක් (මිලි ලීටර් 5 සමානයි තේ හැදි 01) හතරක පමණ මෙය දරුවාගෙන් දරුවාට වෙනස් වෙනවා. මෙසේ වාර 8 -10 ත් පමණ වන විට දරුවා අම්මාගෙන් කිරි ඉල්ලා උරා බොනවා. පුංචි ආමාශයත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ලොකු වෙනවා. දරන කිරි ප්‍රමාණයත් එතකොට වැඩි වෙනවා.
අම්මගේ පියයුරු යුවලත් දරුවාගේ අවශ්‍යතාවය හඳුනාගෙන කිරි නිපදවන්න නිපදවන කිරි ප්‍රමාණය වැඩි කරන්න සංවර්ධනය වෙනවා. බලන්න සොබාදහම මොනතරම් අපූරුද කියලා අපි ඒ බව හොඳට අවබෝධ කරගන්න ඕනා.
කිරි ඉල්ලලා බොනවා කිව්වේ මට ඒ ටිකත් පැහැදිලි මදී මේ ගොල්ලන්ට එහෙම තේරෙන්නෙ නැහැනේ.
මොකද නැත්තේ. අපූරුවට දැනෙනවා. ඉල්ලනවා.
ඒ කොහොමද ? අඬලද ?
නැහැ දරුවා අඩන්නේ බඩගින්නටම විතරක් නෙවෙයි. සීතලට, උණුසුමට, පාලුවට, කාන්සියට, වේදනාවට අඬනවා. එයාට අම්මට කිරි ඕන බව වාචිකව කියන්න බැරි වුණාට ඉඟි වලින් කියනවා.
මුලදිම නිදි මත ද නෑ හොඳටම නැගිටලා
ඇඟ අඹරනවා දිග හරිනවා.
කට උල් කරලා වටපිට බලනවා.
අත කටේ දමලා හසුවන තැනක් උරනවා.
අවසන අඬනවා.
මුල්ම ලක්ෂණ හඳුනාගෙන කිරි නොදුන්නොත් ඊ ළඟට බබා කරන්නේ දුකට හඬන එකයි.
අඬන බබාට කිරි දීම අපහසුයි. එවිට ආදරය ස්පර්ශය ලබා දී දරුවා නලවාගෙනයි අවසන කිරිට ළං කරන්නේ.
චූටියා තවම දමන්නේ තාර කක්කා එයා සාමාන්‍ය විදියට මල පහ කරන්න කොපමණ දවස් යාවිද?
සාමාන්‍යයෙන් පැටියා දින 02 – 03 පමණ මේ මල පහ පිට කරනවා. මේ පිට කරන්නේ එයා මවගේ කුසතුළ ඉන්දැද්දී පෙවුන උල්බ තරලය නිසා හැදෙන මලපහ. කොටසක් මුත්‍රා වශයෙන් කුස තුළදීම පිට කරනවා. ඉතිරි කොටස මෙසේ මළපහ ලෙස හැදෙනවා. මේවාට කියනවා මිකෝනියම් කියලා. මේ මලපහ චූටියා ඉපදුනාට පස්සේ මව් කිරි උරා බිවාට ක්‍රමයෙන් මලපහ ලෙස පිට කරනවා. ඒවා ඇලෙන සුළුයි. පෙනුම තද කළු මිශ්‍ර කොළ පාටක් (තාරවගේ තමයි.) දරුවා ලැබෙන්න ඉන්න ඉස්සර වෙලා ඉඹේ මලපහ කරන්නේ නැහැ. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ දරුවා කුස තුළ සිටින අසාමාන්‍ය පීඩාවක් වැනි තත්ත්වයක් නිසා එසේ වීම සුදුසු වන්නේ නැහැ. ඉක්මණින් දරුවා බිහි කරවා ගතු යුතු යැයි වගේම කුඩා සිරුරට හානියක් නොවන්නට වෛද්‍ය හෙද රැකවරණය දිය යුතුය.
ඉපදුනාට පස්සේ හොඳට මව්කිරි පොවිලා ළදරු අන්ත්‍ර (බඩවැල්) තුළින් ගුදමාර්ය ඔස්සේ මෙම මලපහ පිටවීමත් පසුව එය ක්‍රමයෙන් කහ මිශ්‍ර කළු සහ පසුව පරිප්පු ව්‍යන්ජනයක් සේ කහ පාටට මලපහ පිටවීමක් පටන් ගන්නවා.
පරිප්පු ව්‍යංජනයක් වගේ කීවේ කුඩා ගුලි ගුලි වගේද ?
ඔව් ඔව් ඒ වගේ තමා.
එතකොට පිරිසිදු කරන්නේ තෙත පුළුන් කැබැල්ලකින් පිස දැමුවම හරිද ? මව කරන්නේ නැප්පින් එකෙන්ම පිහදලා පස්සේ තෙත පුළුන් ගුලියෙන් පිරිසිදු කරන එක. හෙමෙ කමක් නැද්ද ?
මෙහෙම පිරිසිදු වෙලා ඉන්න දරු පැටියා කැමති වේවිද ?
නැහැ එයාට තනිවම පිරිසිදු වෙන්නත් බැහැ. හරිම අසරණයි, අහිංසකයි. ඉතිං ලොකු අපි තමයි දරුවා නිසි ලෙස පිරිසිදු කරලා සුවෙන් තියෙන්න ඕනා.
ඔයා කීවනේ නැප්කින් එකෙන්ම පිසදමනවා කියලා එය හරි වැඩක් නෙවෙයි. මොකද දන්නවද චූටි පැටියා හරිම සියුමැලියි. විශේෂයෙන්ම ඒ අවයව තිබෙන ප්‍රදේශය වඩාත් සියුමැලියි. ඉතිං තදින් පිස දැමීම නිසා තුවාල වෙන්නට පුළුවන්. ඔබට නොපෙනුනාට සීරෙන්න පුළුවන්. රතු වෙන්න පුළුවන්.
රෝහලේදී අපි බේබි වයිප් වගේ දෙයකින් පිරිසිදු කලාම (ඔබට පහසුව තිබේ නම් සේදීම වැදගත් වේ.) නිවසට ආවට පස්සේ හොඳට සෝදන්න පුළුවන්. මෘදු සබන් වර්ගයක් භාවිත කරන්න පුළුවන්. ගලායන ජලයෙන් (ඔබට තිබෙන පහසුකම් පරිදි) ලොකු බේසමක් යට තියලා උඩින් වතුර වත්කර සෝදන්න. මෘදු බේබි සබන් හෝ ළදරු සේදුම් දියරයක් භාවිතා කරන්න පුළුවන්.
ඉහල සිට පහලට සේදීමයි වැදගත් වන්නේ. විශේෂයෙන්ම ගැහැණු ළමයෙක් නම් මෙය ඉතාම වැදගත් වෙනවා. එලෙස පුරුදු වීම තමයි. කළයුතු වන්නේ. එය පසු කාලයටත් වැදගත් වෙනවා..ඒ ඇයිද කියලා මවට ගැටලුවක් සිතට එන්න ඇතී.
මෙය විශේෂයෙන්ම ගැහැනු දරුවා මුත්‍රා ආසාදන වලින් ආරක්ෂා කර ගැනීමට වැදගත් වෙනවා. අන්ත්‍රවල ජීවත්වන සහබෝජී බැක්ටීරියාවක් වන ඊකෝලයි මලපහ සමග ගුද මාර්ගය අසලට පැමිණීමට ඉඩ තිබෙනවා. ඒ බැක්ටීරියා මුත්‍රා මාර්ගයට ඇතුල් වන්න පුළුවන්. මෙය ගැහැණු ළමයින්ට බලපාන්නේ එයාලගේ මුත්‍රා මාර්ගය පිරිමි ළමයින්ගේ මෙන් නොව ඉතාම කෙටි නිසා මේ බැක්ටීරියාව ගුද මාර්ගයට නිතර සහයෝගී බැක්ටීරියාවක් වුවද මුත්‍රා මාර්ගයයට රිංගාගතහොත් දරුනුවේ. මුත්‍රා ආසාදන ජීවියෙකි.
දරවා මලපහ කරගත් බව දුටු විගස පිරිසිදු කිරීම සේදීමදී මෙන්ම පිස දැමීමේදී තදින් දරුවාට අපහසුවක් නොවන අයුරින් කිරීමද වැදගත්ය. අවසානයේ ඔබ ඔබේ දෙඅත්ද සබන්දා හොඳින් සෝදා ගැනීම වැදගත්ය. දරුවාට මව්කිරි දීමේදී, කිරි අවස්ථාවේදී ඔබ ක්‍රියා කරන විට ඔබේ දෙඅත් වල පවිත්‍රතාවය අතිශයින්ම වැදගත් බැවිනි.
මට ලැබුනේ පුංචි දුවෙක් නාවන්න ගියාම තමයි මම දැක්කේ පුංචි පියයුරු පිරිලා තියෙනවා. අම්මා කියනවා ඒ කිරි මිරිකලා අරින්න ඕනා කියලා එහෙම කරන්න ඕනද ?
නැත එසේ කළහොත් පියයුරේ කුඩා සිදුරෙන් රෝග කාරක ජීවින් ඇතුලු වී පියයුරු ප්‍රදාහයට පත් වීමට පුලුවන. මෙය අතිශයින්ම වේදනාකාරී වේ. නිරපරාදේ ප්‍රතිජීවක ඖෂධයක් දීමෙන් සිදුවීමට පුළුවන. කුස තුළ වැඩෙන පුංචි පැටියට මවගේ සිරුරේ නිපදවන වැඩිහිටි හෝමෝන වල බලපෑම නිසා මෙසේ වේ.
මෙය දුවටත් පුතාටත් දෙදෙනාටම පොදුය. මිරිකා ඉවත් කිරීමට යාම නොකළ යුතුය.
චූටි දුවගේ යෝනී මාර්ගයෙන් ලේ ටිකක් ශ්‍රාවය වෙලා තිබුණා. කිසිම තුවාලයක් නම් පේන්න තිබුනේ නෑ. මේ තත්ත්වයට බිය විය යුතුද?
මෙයත් සාමාන්‍යයයි. දුවගේ යෝනි මාර්ගයෙන් මෙලෙස රුධිරය ටිකක් පිටවීමටත් හේතුව මීට කලින් සටදහන් කළ හෝමෝන ක්රියාකාරීත්වයයි. දරුවා පිරිසිදු කර නැප්කින් අන්දවා තබන්න. නමුත් අන්දවන හැම නැප්කිං එකේම රුධිරය දකින්නට තිබේ නම් දරුවා රෝහලේ ළදරු ඒකකයට රැගෙන යන්න එන්නත ලබා දී ලේ කැටි ගැසීමේ සාදකය තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍යදැයි වෛද්‍යවරයා තීරණය කරාවි.
චුටි පැටියාගේ නාසයේ සුදුපාට චූටි බිබිලි වගේ තියෙනවා එය බිය විය යුතු තත්ත්වයක්ද ?
නැහැ සමහර බාබාලාගේ එහෙම තියෙනවා. ඒවාට මීලියා කියා කියනවා. ඉබේම නැතිවෙලා යනවා.
බබාගේ තට්ටමේ කලු පැහැති ලපයක් තියෙනවා. ලේ තැල්මක්ද කියලා බයයි.
ඒවාට මොංගෝලියම් ලප කියලා කියනවා. ඉබේම මාස කිහිපයකදී මැකිලා යනවා. පිට කොන්දේ පවා තියෙන්න පුළුවන්. බිය විය යුතු නැහැ.
ඇගේ සුදුපාට ඉටි වගේ තියෙනවා. රෝහලේදී නෑව්වා ඒත් කිහිලි යට තවම තියෙනවා. ඒවා පිස දැම්මට කමක් නැද්ද ?
පුංචි සම වියලීම වැලැක්වීම ඒ වගේම උණුසුම ලබා දීමට තමයි මේ ඉටි වැනි වැස්මක් සිරුරේ දක්නට ලැබෙන්නේ ඒවාට වර්නික්ස් කෙසියෝසා කියනවා. නාවන විට සෙමෙන් ඉවත් කරන්න. බිහි වුණාට පස්සේ ඉවත් කරන එක හොඳයි නැතිනම් පරිසරයේ දූවිලි අංශු එකතු වී ගැටලු වෙන්නත් පුළුවන්.
අපේ බාබාගේ අතේ රතු ලපයක් තියෙනවා. හරියට වෙල්වට් එකක් වගේ. ඒවාත් මැකිලා යනවද ?
මේ වගේ ලප සිරුරේ තියෙන බබාලා ඉන්නවා. තුවාල කරගන්නට එපා ලේ වහනය වන්නට පුළුවන්. කාලයකදී වැඩීමත් සමග මැකිලා යනවා.
මං දැක්කා අපේ ගෙවල් ළඟ බබෙක් සුදු පාට ශ්‍රාව පිරුන බිබිලි පොකුරු වගේ බෙලේලේ කිහිලි යට තිබුණා. ඒ මොනවද ඇයි එහෙම වෙන්නේ.
එය රෝග තත්ත්වයක් අපි අලුත උපන් බබා මේ පරිසරයට ආවම ප්‍රවේසම් කර ගන්න කියන්නේ ඒ නිසා තමයි. මොකද පරිසරයේ දූවිලි අංශු නිසා දරුවා සැරව පිරින බිබිලි හැදෙනාවා.
අපිරිසිදු රෙදි පිලි. අත් නොසේදීම සහ පාවිච්චි කරන ලද හෙල්මට් බෑග් වැනි දෑ ළදරුවා තබන ඇද මත තැබීම නිසා මෙම ගැටලුව ඇති වීමට පුළුවන්.
කුස තුළ සිටින චූටි පැටියාගේ පරිසරය ආරක්ෂිතයි. මෙලොව එළිය දකින මේ චූටි පැටිය අම්මගේ සිරුර මත ඉපදුන විගස තැබීමට උපදෙස් ලබා දී තිබෙන්නෙත් චූටි සමේ සිටින ක්ෂුද්‍ර ජීවීන්ට සමාන ක්ෂුද්‍ර ජීවීන් විය යුතු නිසා එය දරුවාගේ ආරක්ෂාවට වටිනාකමක් ගෙන දෙනවා.
මේ සිදුවීම කෙසේ වුවත් පැටියගේ මතුපිට සම අලුත් වෙන්න මේ නිසා දරුවා පරිසරය හා ගැටෙන විට අපි පිරිසිදු අත් රෙදිපිලි පරිහරණය වැදගත් වෙනවා හේතුව අප සිතනවට වඩා අප අවට පරිසරය දූෂිත නිසාය.
දැන් මං කලින් සඳහන් කළ කරුණු නිසා නොසැලකිලිමත්බව මේ ගැටලුවට ඇති කරනවා.
වෛද්‍ය ප්‍රතිකාර ලද යුතුයි.
දරුවා නෑවීම කළ යුතුයි. නාවන විට සැරව බිබිලි බඬේ ඇඟිල්ල තබා තද කර කැසීම වැදගත් ඉන්පසු වෛiවරයා නියම කරන ලද බෙහෙත් ගැල්වීමත් වැදගත්ය. සමහරවිට ඖෂධ පෙවීමට දෙන අවස්ථා තිබෙනවා. ඒවා නියම වේලාවට ලබාදීම වැදගත් ඇද ඇතිරිලි ඇඳුම් හොඳට සෝදා අව්වේ වියලා ඉස්තිරික්ක කර ගත යුතුයි.
දරුවා අමුත්තන්ට වඩා ගැනීමට දීම අපිරිසිදු දෑත් වලින් ඇල්ලීම නොකළ යුතුයි.
නිසි ලෙස ප්‍රතිකාර හා පිළිවෙත් කිරීමෙන් එම රෝගී තත්ත්වය සුවකර ගත හැක.
පුංචි පැටියා සම්බන්ධ ගැටළු නම් ගොඩයි. ඉදිරියේදීත් ඒ සම්බන්ධ කතා කරමු.